bite me chapter 2

1.8K 318 185
                                    

"තමුසේ දැන් මොකද්ද කිව්වේ..?

ජන්කුක් හිනාවෙලා ටේහියුන් ගෙ නම කිව්වත් ටේහියුන් ඒකට රියැක්ට් කරේ ජන්කුක් බලාපොරොත්තු නොවුන විදිහට.

"ඇයි ඔයා ඔයාගෙ නමට කැමති නැද්ද? අහන්නකෝ මගෙ නමටත් මං ඒතරම් කැමති නෑ..ඕව්වා ඔහොම තමා මිස්ටර් කිම් ටේහියුන් .....

"I just asked how f*cking you knw who am I?

ටේහියුන් කාර් එකෙන් බැහැලා ජන්කුක් ලගටම ගිහින් කෑගහද්දි ජන්කුක් හිමින් එයාගෙ අත් දෙකෙන් කන් දෙක වහගත්තා.

"ඔයා ගොඩක් හයියෙන් කතා කරනවා නේ!

ජන්කුක් හිනාවෙල කියද්දි ටේහියුන් ගෙ කේන්තිය තවත් වැඩි උනා..

කොහොමද ...කොහොමද මේ පොඩි කොල්ලා එයාගෙ නම දන්නෙ?එතකොට කොහොමද එයා කිම් මැන්ශන් එක ලග ගේට්ටුව ඉස්සරහ ඉන්නෙ..කොටින්ම එයා දැන් තමන් ඉස්සරහට වෙලා පොල් දත් දෙකකුත් ඉස්සරහට දාගෙන හිනාවෙනවා..කිම් ටේහියුන් ඉස්සරහා?

"හේයි එස්කියුස් මී...මිස්ටර් ටේහියුන් මං ජියොන් ජන්කුක්,korean times නිවුස් පේපර් එකෙන්..අපි ආවේ සර්ගෙ චූටිත්තන් ඉන්ටවීව් එකක් කරන්න....

"තමුසෙ කොහොමද දන්නෙ මාව?

ටේහියුන් එයාගෙ ඇහේ එක ඇහිබැමැක් විතරක් උඩට උස්සනවා දැකල ජන්කුක් කල්පනා කරෙ ඇයි එයාට බැරි එකක් විතරක් උඩට උස්සන්න කියලා..

"මිස්ටර් ජන්කුක්!!!!!

ටේහියුන් ආයෙම කෑගහද්දි ජන්කුක් හරි සිහියට ආවා..ඔහ්..මේ මිනිහා මහ සද්දෙන් කෑගහනවනේ!!

"මං ඔයාව නොදන්නවා වෙන්න බෑනෙ සර්..බිකෝස් මං මීඩියා එකෙන්..දැන් බලන්න මං සර්ගෙ මැන්ශන් එක ඉස්සර හිටන් ඉන්න හැටි..අපි ගොඩක් දක්ශ මාධ්‍යවේදියෝ...ඉතින් මිස්ටර් ටේහියුන් අපි ඉන්ටවීව් එක කරන්න මැන්ශන් එකට යමුද?

ජන්කුක් කතාකරන ගමන් හිනාවෙන්නෙ කොහොමද කියලා ටේහියුන් කල්පනා කරා..පොඩ්ඩක් ඉන්න මොකද්ද දැන් මේ පොල් දත් හාදයා කිව්වේ?

"තමුසෙ හිතන් ඉන්නෙ මගෙ මැන්ශන් එක අම්බලමක් කියලද?

ටේහියුන් අත් තියෙන්නෙ දැන් ජන්කුක්ගෙ ශර්ට් එකේ කොලර් එකේ.ජන්කුක් ට නොතේරුනාමත් නෙමේ එයා කට හින්දා කන්නයි යන්නෙ කියලා.හැබැයි කලින් පාරවල් වල වගේ ජන්කුක් තාම නම් ගොන් කතාවක් කියන්න ගත්තෙ නැහැනේ.

Bite me |taekook Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ