bite me chapter 9

1.2K 257 133
                                    

" ඔහු ඇගෙ ගෙල මතින් තොල් තබා මොහොතක් සිපගෙන රිදී පැහැයෙන් යුත් තියුනු දත් යුගල ඇගේ ගෙලතුලට කිදාබැස්සුවේය,ඩ්‍රැකියුලාගෙ ස්පර්ශයන් ගෙන් මත් වූ ලුසී හට ඇගෙ සාරය ක්‍රමයෙන් ඩ්‍රැකියුලාගෙ සිරුර පුරා විනිවිද යන බව දැනුනේ නැත..

"ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්

ජන්කුක් තිස් තුන්වෙනි වතාවටත් හයියෙන් කෑගැහුව.

"මිස්ටර් මං තමුසෙව පුස්තකාලෙන් එලියට දාන්න කලින් ඔය කට පියාගන්නවා,පොඩි එවුන්ගෙ පොත් ටිකකුත් අරන් පොඩි එකෙක් වගෙ බිමිනුත් ඉදගෙන ජේදෙකින් ජේදෙකට ඔහොම කෑගහන්න තමුසෙට මොකක් හරි මානසික ප්‍රශ්නයක් ද?

ජන්කුක් පුස්තකාලායාධිපති ට උත්තර දෙන්න ගියෙ නෑ.ඒවෙනුවට එයාගෙ තොල් උල් වෙලා එවා ටිකක් පාතට නැමිලා තිබ්බෙ හරියට සද්දෙන් කතාකරහම එයාට දුක හිතෙනවා කියලා අර නාකි පුස්තකාලායාධිපති ඇන්ටිට පෙන්නන්න වගේ.ඇරත් එයාට බය හිතුන නිසානෙ එයාට කෑගැස්සුනේ.

හම්ප්..

"හිමින් කියෝමූ..

තමන්මටම මුමුන ගෙන ජන්කුක් ඩ්‍රැකියුලාට සම්බන්ධ ගොඩක් පොත් කියෙව්වා.ඒකෙන් උනෙ ජන්කුක් බොරුවට බය උන එක.

පුස්තකාලෙන් තව පොත් ගොඩකුත් උස්සන් ජන්කුක් ආයෙම හොස්පිට්ල් යන්න හැදුවෙ ජිමින් ව බලන්න උනත් ඒත් එක්කම ජන්කුක් ගෙ තාත්තා ජිමින්ව ගෙදර එක්කන් ගියා කියලා මැසේජ් එකක් දාපු නිසා ජන්කුක් පයින්ම ගෙදර යන්න පිටත් වුනා.

"ජිමිනීඊඊඊඊඊඊඊඊහ්හ්

ජන්කුක් ගෙදරට ආපු ගමන් පොත් ටිකත් පැත්තකින් දාලා ලිවින්ග් රූම් එකෙ ඉදගෙන හිටිය ජිමිනිගෙ ඇගට පනින්න හැදුවත් වෙනදාට ආපස්සට ජන්කුක්ගෙ ඇගට පනින ජිමිනි අද සෝෆා එකේම වාඩි වෙලා ජන්කුක් ට හිනා උනා.

"ඔයා තාම අමාරුවෙන් ,එහෙම නේද?

ජන්කුක් ගෙ මූන දුකින් බරවෙද්දි ජිමින් හිනාවෙලා ජන්කුක් ට අත දික් කරා,චුට්ට වෙලාවකින් ජන්කුක් හිටියෙ ජිමින්ගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන්.ජන්කුක් ඇස් පියාන වගෙ හිටියත් එයාගෙ ඔලුවෙ වැඩ කරේ වැම්පයර්ස්ලා ගැන,ඇත්තටම වැම්පයර්ස්ලා ඉන්නවනම් ජිමිනිව බේරගන්න ඕනි...

Bite me |taekook Where stories live. Discover now