bite me chapter 24

1K 253 101
                                    

"ම්ම්ම්ම්ම්ම්ම්....මශිදාආආආඅ"

ටේහියුන් සැර කෑම වලට ඒතරම් ආස නොවුනත් ජන්කුක් කෑම කන දිහා බලන් ඉද්දි ටේහියුන් ට ඇත්තටම ආස හිතුනා,ජන්කුක් කෑම කන්නෙ නිකන්ම නෙමේ,එයා ඒක ඉන්ජෝයි කරනවා...

"ඉවරද?

දෙවෙනි කප් එකත් ඉවරකරලා ජන්කුක් ලොකු හුස්මක් පාතට දාද්දි ටේහියුන් ඇහුවා උනත් ජන්කුක් ඇස් ලොකු කරලා ටේහියුන් දිහා බලද්දි ටේහියුන් දැනගත්තා ජන්කුක් ඔය කියන්න හදන්නෙ එයා තාම පටන් ගත්තා විතරයි කියලා ,

"සමාවෙන්න..ඔයා කන්න...මං ගෙවන්නම්....

ටේහියුන් එයාගෙ අතෙ තිබ්බ කාර්ඩ් එක පෙන්නද්දි ජන්කුක් ටේහියුන් ට හිනාවෙලා ආයෙම ෆුඩ් කාට් එක පැත්තට හැරුනා.

"කම්සම්හම්නිදා....

ෆුඩ් කාට් එකෙ හිටිය ඇන්ටිට හිනාවෙලා ජන්කුක් එයාගෙ හතරවෙනි කෝන් ඩෝග් එකත් ගත්තා ,

"ඔයාගෙ හියොන්ග් ටත් දෙන්න...

ෆුඩ් කාට් ඇන්ටි ජන්කුක් ට සද්දෙ ටිකක් අඩුවෙන් කිව්වෙ මේ උඩ පැන පැන දගලන හුරතල් බෝලගෙඩිය ලග ඉන්න මූනෙ හිනාවක් නැති මනුස්සයා ගැන දුක හිතිලා.

ටේහියුන් ට ඒක ඇහුනත් ටේහියුන් නෑහුන ගානට හිටියෙ ජන්කුක් මොකක් කියයිද බලන්න,

"ආජුම්මා..එයා මගෙ හියොන්ග් නෙමේ..එයා තමයි බැට් මෑන්...බැට් මෑන්..ඔයා දන්නවා නේද?අර පියාබන්න එක්කෙනා...

ජන්කුක් රහසින් වගේ සීරියස් මූනකුත් හදන් කියද්දි ටේහියුන් ජන්කුක් දිහා බැලුවෙ ඇත්තටම කලකිරීමෙන්.

"මං එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්..ඉට්ස් මීන් අයිම් හිස් ටුබී හස්බන්ඩ් ,මෙයා කාපු නැති ජාති වලින් දෙක ගානෙ පැක් කරලා දෙන්න ,අපි දැන් යනවා...

එයාගෙ ආජුම්මා ටේහියුන් ට බය උනා කියලා තේරුන ජන්කුක් ටේහියුන් දිහාට හැරිලා රැව්වෙ හරිම නපුරු විදියට , මං කියන්නෙ අපි හිතමු එයා ඒවෙලාවෙ නපුරු පාටට හිටියයි කියලා ..

කොහොමහරි එයාලා ආපහු වාහනේට නගිද්දි ජන්කුක් අතෙ තඩි කෑම මල්ලක් තිබ්බා.

Bite me |taekook Where stories live. Discover now