bite me chapter 31

1.1K 239 49
                                    

  "ජිමිනා...ඔයාට පුලුවන් ද යුන්ගි වයි,ටේහියුන් වයි ජන්කුක් වයි ඇරවගෙන එන්න..."

එවුන් ටේහියුන් ගෙ මැන්ශන් එකෙ තිබ්බ කිචන් එක එයාගෙ පාලනයට අරන් තියන විදිහ දැකලා ජිමින් හිනාවෙවීම ඔලුව වැනුවා.

ජිමින් මුලින්ම ගියෙ යුන්ගි ඉන්න රූම් එකට,තට්ටු කරන්න ඕනි කියලා හිතුවත් ජිමින් අත දික් කරද්දිම යුන්ගි දොර ඇරගෙන ආවා.

"මොනවද කරන්නේ?

ජිමින් බයවෙලා කියලා දැක දැකත් යුන්ගි ජිමින් ගෙ මූනට පැන්නෙ ජිමින් බයවෙලා ඇස් ලොකු කරගත්තහම සෑහෙන්න හුරතල් පාටට හිටිය නිසා..

"හහ්...තමුසෙ නිදියන්නේ මිනීපෙට්ටියකද කියලා බැලුවෙ...

"ඔච්චරටම පොත් කියවන්න එපා..පොත්වල  ඉන්න වැම්පයර්ස්ලට වඩා අපි වෙනස්.....

"ඒක හින්දා වෙන්නැති තමුන්ගෙ දත් දෙක මගෙ බෙල්ලෙ තියෙන්නෙ ....දැනගන්නවා මගෙ ලේ බීලා හොදින් නම් ඉන්න හිතන්නවත් එපා..දවසක මාත් තමුසෙගෙ ධමනියක් හිල් කරලා ලේ බොනවා එකපාර මැරිලා යන්නම.."

ජිමින් යුන්ගි ගෙ පපුවටත් ඇනලා එතනින් යන්න යද්දි යුන්ගි එයාගෙ බෙල්ල අල්ලගෙන ජිමින් දිහා බැලුවෙ ජිමින් ඇත්තටම යුන්ගි ගෙ බෙල්ල හිල් කරලා ලේ බීව්වොත් මොකද කරන්නෙ කියලා...

ජිමින් යුන්ගි ට හිතෙන් බැන බැන ටේහියුන් ගෙ මාස්ටර් බෙඩ් රූම් එක ලගට ගිහින් තුන්පාරක් විතර දොරට තට්ටු කරා..

එකපාර එහෙම කාමර වලට යන එක හරි නැති උනත් ජිමින් නිකමට ලොක් එක කැරකෙව්වෙ ආපහු යනවා කියලා හිතාන උනත් දොර ලොක් කරලා දාලා නැති නිසා ජිමින් හෙමින් කාමරේට එබුනා....

..........................................

"එයාලා නෑ?

එවුන් ජිමින් දිහා බලද්දි ජිමින් ඔලුව වැනුවෙ නෑ කියන්න..ටේහියුන් වත් ජන්කුක් වත් ජන්කුක්ගෙ රූම් එකෙ හිටියෙ නෑ..

"තමුන් එයාගෙ ආරක්ශකයා නේද?

එවුන් ගෙ ඇස් ඒපාර හැරුනෙ පාස්තා එකක් කටෙ පුරෝගෙන ඉන්න යුන්ගි දිහාට...

"ටේහියුන් ට එයා ගැන බලාගන්න පුලුවන් මිසිස් ජියොන්....

යුන්ගි පාස්තා එක ගිලලා දාලා කැහෑ කැහැ කියද්දි ජිමින් යුන්ගි ට රවලා මේසෙන් වාඩිඋනා..

Bite me |taekook Where stories live. Discover now