bite me chapter 35

927 207 33
                                    

තමන් ලගින් ඇවිදගෙන යන සුන්දර හුරුබුහුටි කුමාරයා දිහා වැම්පයර්වරු වගේම වෘකයෝ පවා බලන් හිටියෙ භාවනාවකට සමවැදිලා වගේ..වෘකයන්ගෙ අතිශය සන්වේදි නාස්පුඩු වලට අහුවෙන නැවුම් ප්‍රිම් රෝස් සුවදත් එක්ක දැනෙන ජන්කුක්ගෙ ශක්තිමත් සෙන්ට් එක හැම වෘකයෙක්ගෙම අවදානය මොහොතකට බිදිලා ගියා.ඔවුන් හිටියෙ මත්වෙලා..එහෙමත් නැත්තම් මායාවකට අහුවෙලා වගේ...

ජන්කුක් ඇවිදගෙන ගිහින් තමන්ගෙ සීයගෙ අත අල්ලගත්තයින් පස්සෙ ඒ අත නතර උනෙ ටේහියුන් ගෙ අතක හිරවෙලා..අන්තිමේදි වෘකයෝ වගේම වැම්පයර් වරුන්ගෙ අත්පොලසන් නාදේ ඇහෙද්දි එවුන්ජන් අත්වලින් තමන්ගෙ මූන හූරගෙන කෑගහන්න ගන්නකොට ජන්කුක් හරි අහිංසක විදියට ටේහියුන් දිහා බැලුවා.

"ඉතින් මගෙ රෝස පොහොට්ටුව ?

ටේහියුන් ජන්කුක් ගෙ කනට මුමුනද්දි ජන්කුක් ඇස් ලොකු කරලා ටේහියුන් දිහා බැලුවා.

"එයා හිතන් හිටියෙ මං වෙනුවට ඔයාගෙ අතින් අල්ලන්න නේද...

ජන්කුක් ආයෙම ටේහියුන් ට මුමුනද්දි ටේහියුන් හරිම බරපතල විදියට ඔලුව වැනුවා.

ඇත්ත...ජන්කුක් කියන හැමදේම ඇත්ත...

"ජන්කුක්...තමුන් කොහොමද ටේහියුන් ගෙ මේට් වෙන්නෙ..තමුසෙ දුර්වලයෙක් .....

එවුන්ජන් කෑගැහුවෙ මුලින් ජන්කුක් පැත්තට අත දික් කරලා උනත් අන්තිමේදි එවුන්ජන් තමන්ගෙ සහයට ආපු තමන් වෙනුවෙන් අත්පොලසන් ගහපු වෘකයෝ දිහා බැලුවා

"මමයි වොල්ෆ් පැක් එකෙ අනාගතය..ඇයි මේකට කවුරුත් විරුද්ධ වෙන්නැත්තෙ..නිකමෙක් ට කිරුල දරන්න ඔයාලා ඉඩ දෙනවද?

එවුන්ජන් ආයෙම කෑගහද්දි නාරි සේජන් හිටියෙ ඔලුව බිමට නමාගෙන , ඒ අයට තවත් හයියක් නැ පැක් එකෙ ලීඩර් ට විරුද්ධ වෙන්න..

"එවුන්ජන් ඕක නතරකරන්න...පැක් එකෙ ලීඩර් විදියට මම තමුන්ට අනකරනවා මේ දැන්ම ඔය විකාර නතරකරන්න කියලා ....

තමන්ගෙ මිනිබිරියට වෘක හඩ පාවිච්චි කරන්න අකමැති උන නිසා ජන්කුක් ගෙ සීයා එවුන්ජන් ට තදින් කියද්දි එවුන්ජන් ඊලගට හැරුනෙ ඔහු පැත්තට ..

Bite me |taekook Where stories live. Discover now