bite me chapter 37

1.1K 229 45
                                    

ටේහියුන් නිදාගෙන ඉන්න ජන්කුක් දිහා බලාගෙන හිටියා,තාම ඉර පායලවත් නෑ..මුලු රෑ පුරාම දගලලා මහන්සියට ජන්කුක් ට නින්ද ගිහින්, කාමරෙ පුරා විසිරිලා දැනෙන අමුතු සුවද ට ඉව අල්ල අල්ල ජන්කුක් දිහා බලාගෙන ටේහියුන් තාමත් හිටියෙ ඇස් ඇරගෙන..

ටේහියුන් ගෙ ජීවිත කාලෙ ටේහියුන් ලබපු හොදම හැගීම,අවුරුදු සීයකට පස්සෙ ටේහියුන් ගෙ මංගල රැය කලින්ම ගත උනා..

ඒ හැගීම හරි තෘප්තිමත්,ටේහියුන් ජන්කුක් දකින හැම තිස්සෙම දැන් ජන්කුක් ව මැරෙනකන් කිස් කරන්න ඕනි වගෙ දැනෙනවා..ටේහියුන් දරාගන්න බෑ දැනෙන සතුට...දෙවියනෙ මේ හුරතල් කොල්ලා ටේහියුන් ව ඊයෙ රැය පුරාවට පිස්සු වැට්ටුවා...

"mine..

ටේහියුන් රැය ගෙවෙනකන් කීපාරක් ජන්කුක් ට මයින් කියලා මිමිනුවද කියලා ටේහියුන් වත් දන්නෙ නැතුව ඇති...ටේහියුන් ට ඕනි දැනෙන්න ජන්කුක් දැන් තමන්ගෙ කියලා,ඒක ටේහියුන් ට සද්දෙන් කියන්න ඕනි..ජන්කුක් නිදාගෙන නැත්තන් ටේහියුන් ඒක මීටත් වඩා හයියෙන් කියනවා..මට විශ්වාසයි ඒක...

බෙඩ්ශීට් එකෙ ගුලි වෙලා හිටියත් ජන්කුක් හිටියෙ ඇදුම් නැතුව නෙමේ..ජන්කුක් ට මහන්සියට නින්ද ගියාට මොකද ටේහියුන් ජන්කුක් ව නින්දෙන්ම ක්ලීන් කරලා ජන්කුක් ගෙ ඇදුම් ආයෙම ඇන්දුවා,උදෙ ඇහැරිලා ජන්කුක් ව අපහසුතාවට පත් කරන්න ටේහියුන් ඕනි උන්නෑ,අනිත් අතට ජන්කුක් ගෙ නිරුවත කියන්නෙ ටේහියුන් ට දැන් පිස්සුවක්...උදේම ජන්කුක් ව එහෙම දැක්කොත් ජන්කුක් ට අද දවසෙ කෙලින් ඉන්න පුලුවන් වෙයි කියලා ටේහියුන් ට ශුවර් නෑ....

"ජ...න්...කු...කී......ඉ....රො....නා.....

(මං මේ ජන්කුකී ඉරොනා කියන ඩයලොග් එකට මාරම ආසයි)

හොදටම දවල් වෙලා නිස ටේහියුන් ජන්කුක් ගෙ කන ලගට හිමින් මිමිනුවා
මොකද ටිකකට කලින් ජන්කුක් ගෙ ඔම්මා ටේහියුන් ට කෝල් කරා..ඒ එයාගෙ හුරතල් ජන්කුක් පැටියා අතුරුදන් වෙලා කියලා කියන්න,මේ ඉන්නෙ යස අගේට ගුලි වෙලා...!!!

"ජන්කුකී.....

ටේහියුන් ආයෙම හිමින් ගෙරෙව්වා..ටේහියුන් ටම පුදුමයි එයා ජන්කුක් ට කතාකරන විදිහ ගැන..ජන්කුක් දිහා බලාගෙන ටේහියුන් ට කවදාවත් සැරෙන් කතාකරන්න බෑ කියලා නම් ටේහියුන් හොදටම දන්නවා..

Bite me |taekook Onde histórias criam vida. Descubra agora