preface

1.3K 254 27
                                    

පහත තොරතුරු මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න..!

වැම්පයර්ස්ලා(vampire)බිහි වෙලා තියෙන්නෙ මීට වසර දහස් ගානකට කලින් සූර්යයාට අධිපති ඇපලෝ දෙවියන්ගෙ ශාපයක ප්‍රතිපළයක් ලෙසටයි.

වැම්පයර් රාජධානියෙ රජ වෙන්න නම් ඔවුන්ගෙ පලවෙනි ශ්‍රේශ්ඪ වැම්පයර් රජුගෙ ලේ වලින් හදලා තියන crown එක රජු තෝරගන්න ඕනි.

කිරුල උරුම නොවෙන කෙනෙක් කිරුල ඇල්ලුවොත් අනිවාරෙන්ම ඒ කෙනා අලු වෙලා යනවා.මේ කිරුල අයිති වෙලා තිබ්බ වැම්පයර් රජු මැරුනට පස්සෙ කිරුලෙ සුදුස්සෙක් තෝරගන්නකම් මැරුනු වැම්පයර් රජුගේ සොහොන් ගර්භය ඇතුලෙ කිරුල රැදිලා තියනවා..මේ කිරුල පලදින කෙනාට අසීමිත බලයක් හිමි වෙනවා වගේම තුන් ලෝකෙම පාලනය කරන්න පුලුවන් තරමේ ඕරාවක් හටගන්නව..ඒ නිසාමයි කිරුල වෙන කෙනෙක් අතට යන එක කිරුල විසින්ම නතර කරලා තියෙන්නෙ

කිරුලෙ අයිතිය නැති වැම්පයර් රාජධානිය කියන්නෙ කිසිම බලයක් නැති නිකන්ම නිකන් රාජධානිය ක් විතරයි.ඕනිම කෙනෙක් ට රාජධානිය අල්ලගන්න පුලුවන් ,වැම්පයර් වරුන්ගෙ කිරුල ගන්න සද දෙවියන්ගෙ දරුවෝ ඒ කියන්නෙ වෘක්කයෝ වගේම අපායට අධිපති යක්ශයා පවා උත්සාහ කරනවා.ඒත් කිරුලට අත තියනවා කියන්නෙ මැරෙන්න වෙනවා කියන එක කියලත් ඔවුන් හොදටම දන්නවා..

ඒත් කිරුල තෝරගත්ත තැනැත්තාට විතරක් කිරුලට අත තියන්න බෑ..තෝරගත්ත තැනැත්ත වෙනුවෙන් ඉපදුනු ඔහුගෙ සහකරයා හෝ සහකාරිය අනිවාරෙන්ම තෝරගත්ත තැනැත්තා එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනි..ඒකට හේතුව කිරුලෙ තියන අසීමිත බලය නිසා වියරු වැටෙන්න පවා පුලුවන් නිසා..ඒකෙන් වෙන්නෙ තුන් ලෝකෙම විනාශ වෙලා යන එක..

මීට අවුරුදු සීයකට කලින් කිරුලෙ උරුමක්කාරය ඒ කියන්නෙ අපි දන්න ටේහියුන් ගෙ තාත්තා මැරුනා. ටේහියුන් අයියා උන කිම් නම්ජූන් කිරුලෙ අයිතිකාරයා උනේ නෑ..නම්ජූන් ඉපදෙද්දි කිරුලෙ කිසිම වෙනසක් උනේ නෑ..ඒත් ටේහියුන් ඉපදෙද්දි මුලු රාජධානියම ආලෝකමත් වෙමින් ටේහියුන් ගෙ තාත්තගෙ හිසෙ තිබ්බ කිරුල දිලිසෙන්න ගත්තා..ඒ කියන්නෙ ඊලග උරුමක්කාරයා පහල උනා කියනා සංඥාව.

Bite me |taekook Where stories live. Discover now