bite me chapter 13

1.1K 267 107
                                    

ජින් යුන්ගිට පේන් කිලර් එකක් දීලා එයාගෙ ෆෝන් එක අතට ගත්තෙ නම්ජූන්ට කතාකරන්න, යුන්ගිට උනෙ මොකද්ද කියලා කියන්න පුලුවන් කෙනෙක් මාලිගාවේ ඉන්නවා කියලා ජින් හොදටම දන්නවා,

නම්ජූන්ට විස්තරේ කියලා ජින් ආපිට හැරුනෙ එයාලා හිටිය කාමරේ දොර සද්දෙන් ඇරුන නිසා,එතන හිටියෙ ටේහියුන් ,

"ටේ..හියුන්?

ජින් පුදුමෙන් ටේහියුන් දිහා බැලුවෙ ආ පයින්ම ආපහු ටේහියුන් උඩට ආවේ මොකද බලන්න.

"ජන්කුක් මොනවහරි දෙයක් කිව්වද?

ජින් ආයෙම අහද්දි ටේහියුන් ඔලුව වැනුවෙ නෑ කියන්න,

"එහෙනම් මොකද්ද ප්‍රශ්නේ.?

ජින් ආයෙම අහද්දි ටේහියුන් උරහිස් අකුලලා යුන්ගි ලගට ආවා,ඇවිත් ඇහෙන නෑහෙන ගානට මිමිනුවා,

"එයා අඩනවා...

__________________________________

ජන්කුක් කියපු දේවල් නිසා කේන්තියෙන් හිටපු ටේහියුන් ජන්කුක් ගෙ බෙල්ලෙන් අල්ලලා ලොකු අත් වලින් ජන්කුක් ගෙ කන හරහා පාරක් ගැහුවා,ඒකෙන් ජන්කුක් පරඩැලක් වගේ ගිහින් බිත්තියෙ වැදිලා නිසොල්මන් උන වෙලාවෙමයි ටේහියුන් ගෙ කේන්තිය නිමිලා ඒ වෙනුවට ජන්කුක් ට අනතුරක් උනාද කියන බය ඇති උනේ..

ජන්කුක් හිමින් නැගිටලා ඔලුව අල්ලද්දි ටේහියුන් දැක්කෙ ජන්කුක්ගෙ නලල පැලිලා ලේ එනවා කියලා ,

ලේ ජන්කුක් ගෙ මූන පුරා ගලද්දි මූන අතගාපු ජන්කුක් අත් දිහා බලනවා ටේහියුන් දැක්කා,ඊට පස්සෙ තුවාලෙ රිදෙන්න ගත්ත නිසාද ලේ නිසා බය උන නිසාද කියලා ටේහියුන් ට හිතාගන්න බැරිඋනත් ජන්කුක් හයියෙන් අඩන්න ගන්නකොට ටේහියුන් ට හිතාගන්න බැරි උනා මොකක් කරන්නද කියලා ,

"දැන් එතකොට ඔයා කියන්නෙ එයාගෙ ඔලුව තුවාල උන නිස ඔයා ආයෙම ආවා කියලද?

ජින් අත්දෙක බැදන් අහද්දි ටේහියුන් ජින්ව ඇහුන්නෑ වගෙ යුන්ගි දිහා බලන් හිටියා,

"මට කියන්න ටේහියුන් තමුන් කීදෙනෙක් ඔය බේස්මන්ට් එකෙ මරලා දාලා ඇත්ද?කී දෙනෙක් ජීව්ත ඉල්ලලා අඩලා ඇත්ද?අද විතරක් මොකද්ද මේ වෙනස?

Bite me |taekook Where stories live. Discover now