bite me chapter 41

867 181 59
                                    

"selene...

ජන්කුක් හෙමින් හැරුනා...අද එයාගෙත් ටේහියුන් ගෙත් වෙඩින් එක..සුදුම සුදු පාට ඇදුමේ තිබ්බා ලාම ලා නිල් පාට ප්‍රිම් රෝස් මල් උඩින් අත් තියන ගමන් ජන්කුක් චූටිම චූටි හිනාවක් කන්නාඩියෙන් පේන එයාටම දැම්මා..

"ඔයා අද හුගක් ලස්සනයි...selene...

එයාගෙ මූන මේකප් කරන්න ආපු මේකප් ආටිස්ට්ස් කියද්දි ජන්කුක් ලාවට හිනාඋනා..

"මට ගෞරවයක් ඔබතුමා වගෙ කෙනෙක්ව ස්පර්ශ කරන්න ලැබුන එකම....

ඇය නැවත කියද්දි ජන්කුක් හීනියට ආයෙම හිනා උනා...දග ජන්කුක් අද හැංගිලා...ඒ වෙනුවට ජන්කුක්ගෙ ඇග පුරා දුවන සදදෙව්දුවගෙ ආශිර්වාදෙට ,ඒ ලේ වලට පන ගහලා..කවදාවත් නැති ප්‍රභාවකින් ජන්කුක් දීප්තිමත් වෙන්න අරන්...

අද කිරුල පලදින ලෝකෙම තමන් අතට ගන්න බලන් ඉන්න ශ්‍රේෂ්ඨ උරුමක්කාරයාගෙ සහකාරයා ආයෙම ප්‍රතිබිමයෙන් පේන තමන්ට හිනා උනා...

ටේහියුන් දැනටමත් කිරුල ලග ඇත්තේ...හද පායන්න තව පුංචි ම පුංචි වෙලාවයි තියෙන්නෙ ....ජන්කුක් සද දෙව්දුවගෙ ආශිර්වාද ය උන නලල මත තියන අඩ සද දිහා බලලා වාඩිවෙලා හිටි තැනින් හෙමින් නැගිට්ටේ දැන් අම්මයි තාත්තා යි ජන්කුක් ව එක්කන් යන්න එන වෙලාව හරි නිසා...

"ලූනා.....මං ආවේ සුභපතන්න...

ජන්කුක් හැරෙද්දි ඒ හිටියෙ මූන් පැක් එකෙ ඇල්ෆා..නැත්තම් ජන්කුක් ගෙ සීයා...

ජන්කුක් හිනාවෙලා සීයාව බදාගත්තා..

"ඔයා අද හුගක් ලස්සනයි ජන්කුක් ....ඒත් මට දුකයි....

ජන්කුක් හිනාවෙලා සීයාගෙ මූන දිහා බැලුවා..

"දුකයි....ඒ ඇයි සීයා?

"selene.....

ජන්කුක් පස්සට උනා...අඩියක් පස්සට උනා...ඒ කටහඩ ...ඒක ජන්කුක් ගෙ සීයාගෙ නෙමෙයි....ඒක හරියට ...

"ඔ..යා....

"මං ඔයාගෙ හීන වලට එන කෙනා තමයි පුංචි සද දෙව්දුව....

ජන්කුක් එයාගෙ සීයගෙ වෙනස් වෙන මූන දිහා බැලුවා...එතන හිටියෙ ජන්කුක් ගෙ සීයා නෙමෙයි...

Bite me |taekook Where stories live. Discover now