bite me chapter 33

1K 242 100
                                    

ටේහියුන් නම්ජූන්ගෙ ඔෆිස් රූම් එකට යද්දි ජින් ඔෆිස් රූම් එකෙන් එලියට ආවා.ටේහියුන් කොහොමත් නම්ජූන් එක්ක හැසිරුනෙ තමන්ගෙ සහෝදරයා වගෙ නෙමෙයි උනත් ටේහියුන් ජින් එක්ක ඊට වඩා ටිකක් වැඩිපුර එකතු උනා.

"මොකක් හරි ප්‍රශ්නයක් ද?

"අපිට ඔයා ගැන ප්‍රසිද්ධ කරන්න වෙනවා ටේහියුන් ,මොකද වොල්ෆ් පැක් එකෙන් අපිට පනිවිඩයක් එවල තියනවා අනාගත උරුමක්කාරයාගෙ මේට් නම්වෙන්නේ මූන් පැක් එකෙන් කියලා ,"

ජින් කියද්දි ටේහියුන් ඇස් හීනි කරලා ජින් දිහා බැලුවා..ඒකෙ වරදක් නැ මොකද ජන්කුක් කියන්නෙත්..

"නෑ එයාලා ජන්කුක් ගැන නෙමෙයි කියන්නේ,එයාලා කියන්නෙ එවුන්ජන් ගැන...දැනට ඉන්න පැක් ලීඩර්ගේ දුව..

ජින් කියද්දි ටේහියුන් කටකොනට හිනාවක් ගත්තා..

"ජන්කුක් දැනගත්තොත් අපිට පුලුවන් එවුන්ජන් කියන එකීගෙ බෙල්ල කදෙන් වෙන් වෙනවා බලන්න...

ටේහියුන් හිනාවෙවී කියද්දි ජින්ගෙ ඇග සීතල උනා..ජන්කුක් කියන්නෙ එහෙම දරුනු කෙනෙක් නෙමේ කොහෙතම...ඒත් කොහොමද අමතක කරන්නෙ හෝසොක් ව මැරුවෙ ජන්කුක් කියලා..

"ඔයා ඇතුලට යන්නකෝ ටේහියුන් ....කරුනාකරලා අපි ඉවසීමෙන් ඉමු...මං දන්නවා ඔයාට එහෙම කරන්න ඕන නැහැ කියලා ,ඒත් ලේ ත් එක්ක දරන කිරුලට වඩා ආදරෙත් එක්ක දරන කිරුල වටිනවා ටේහියුන් .......

ජින් කියද්දි ටේහියුන් හිමින් ඔලුවවැනුවා..ආදරේ වටිනව තමයි..කලින් ටේහියුන් දැන් නැති නිසා ටේහියුන් දන්නවා ආදරේ වටිනාකම...මොකද එයාට ආදරේ පුරුදු කරන්න කෙනෙක් දැන් ඉන්න නිසා...

"ආහ් හියුන්ග්...ජන්කුක් මගෙ රූම් එකේ..ඔයාට පුලුවන් ද එයාව බලන්න...

ටේහියුන් දොර ඇරලත් ආයෙම ජින්ට කියද්දි ජින් ඔලුව වැනුවෙ හිනාවෙන ගමන්..මොකද එයා මේ යන්න හැදුවෙ එයාගෙ හිච්චි මැරයව බලන්න තමයි..

"දෙවියනෙ මං එයාට මීට වඩා ගරු කරන්න ඕනි...ඒත් ඒ හුරතල් මූන දැක්කාම පොඩි කරන්න මතක් වෙනව ඇරෙන්න ගරු කරන්න කොහෙ මතක් වෙන්නද...

Bite me |taekook Where stories live. Discover now