bite me chapter 14

1.1K 270 100
                                    

"ටේහියුන්ග්...

ජින්ගෙ කටින් ටේහියුන් දැක්ක හැටියෙ කියෙවුනෙ නම්ජූන් දිහා බලන ගමන්.ටේහියුන් නම්ජූන් දෙන්නා සහෝදරයෝ උනත් නම්ජූන්ගෙ සමහර තීරන වගේම ටේහියුන් ගෙ කේන්තිය නිසා එයාලා අතර පුංචි කාලෙ තිබ්බ බැදීම ගොඩක් නරක විදිහට බිදිලා ගිහින් තිබුනා.

ඒකට ලොකුම හේතුවක් උනේ ටේහියුන් ව මාලිගාවෙන් ඈත් කරපු එක,නම්ජූන්ට ඕනි කරේ ටේහියුන් ගෙ ජීවිතෙ ආරක්ශා කරන්න උනත් ටේහියුන් ට දැනුනෙ එයාව හැමෝටම කරදරයක් වෙලා වගේ,

"එයා ඇයි මෙහෙ කරන්නේ.අර මගෙ ෆකින් මේට් කියන එකා හොයාගෙනද?

ටේහියුන් කට කොනට හිනාවෙද්දි නම්ජූන් මොකුත් නොකියා හිටියෙ ටේහියුන්ව කේන්ති ගස්සන්නැතුව ඉන්න ඕනි නිසා.

"ටේහියුන්,ඔයාට කොහොමද?

නම්ජූන් අහද්දි ටේහියුන් ගෙ හිනාව තවත් වැඩිඋනා,හහ් කිම් නම්ජූන් කොහොමද කිසිම දෙයක් නොවුනා වගෙ හරි ලස්සනට කතා කරන්නේ,

ටේහියුන් එයාලගෙ පැලස් එකේදි වැම්පයර්වරු කීපදෙනෙක් මැරුව දවසට පස්සෙයි නම්ජූන් ටේහියුන්ව ඈත් කරේ,ඒක එක හේතුවක් උනා වගේම නම්ජූන් ටේහියුන්ට ඒත්තු ගැන්නුවෙ ටේහියුන්ව පැලස් එකෙන් ඈත් කරන්නෙ එයාගෙ ආරක්ශාවට කියලා,ටේහියුන් අතින් මේ විදිහට වැම්පයර්වරු මැරුනනම් මිනිස්සු කොහොමත් ටේහියුන් උරුමක්කාරයා උනත් ඔටුන්නට සුදුස්සෙක් කියලා දකින්නෙ නෑ..

"මං මැරිලා ගියොත් තමුන්ගෙ අර ක්‍රවුන් එක පිස්සු නටයි කියලා තමුන්ට බයයිද?

"කිම් ටේහියුන්,තමුනුයි ඒකෙ උරුමක්කාරයා,ඔටුන්න වෙනුවෙනුත් වැම්පයර් වරුන්ගෙ අනාගතය වෙනුවෙනුත් පරිසරයෙ සමතුලිතතාවය වෙනුවෙනුත් උරුමක්කාරයා ඔහුගෙ ආත්ම සහකරු සමග සූර්‍යග්‍රහනයට ප්‍රතම කිරුල දැරිය යුතුයි...තමුසෙ ඔහොම පිස්සෙක් වගේ හැසිරෙද්දි කිසිම ගානක් නැද්ද ටිකෙන් ටික බලය අඩු වෙලා යන වැම්පයර්වරු ගැන....බලය අඩු වෙන හින්දා මේ වෙද්දිත් සිය ගානක් වෘකයන්ගෙ,මිනිස්සුන්ගෙ ගොදුරු වෙලා දුර්වලයෝ වගේ මැරිලා යනවා..තමුන් ඔටුන්න පැලැන්දුවෙ නැත්තන් වැම්පයර්වරු කියලා ජාතියක් මේ ලෝකෙට ඉතුරු වෙන්නෑ....අපි හැමෝටම වෙන්නෙ දුර්වලයෝ වගේ මැරිලා යන්න..තමුන්ට ඕනි ඒක කරගන්නද ආ?

Bite me |taekook Where stories live. Discover now