bite me chapter 21

1.2K 260 121
                                    

එවුන් බලාගෙන හිටියා ටේහියුන් පරිස්සමින් එයාගෙ පුතාව අරන් යන හැටි, එයාලා දෙන්නා නොපෙනුනාට පස්සෙ එවුන් එයාගෙ හස්බන්ඩ් ගෙ අතින් අල්ලගෙන නම්ජූන් දිහ බැලුවා.

"සමාවෙන්න මාස්ටර් නම්ජූන් අපෙ හැසිරීමට, ඒත් මට වැදගත් දෙයක් ඔයාලා එක්ක සාකච්ඡා කරන්න තියනවා...

නම්ජූන් ඔලුව වැනුවට පස්සෙ එවුන් එයාගෙ හස්බන්ඩ් දිහා බැලුවා.

"සදදෙව්දුව ජන්කුක්ව ටේහියුන් ගෙ මේට් කරේ වෘකයෝ වගේම වැම්පයර් වරු එකතු කරන්න..මේතාක් කාලෙකට අපෙ වර්ග දෙක කරෙ සටන් කරපු එක විතරයි ,දැනට උනත් සාමකාමී බව එලියට පෙවුනට අපි දෙගොල්ලො අතරෙ තියන සීතල යුද්ධෙ ගැන මං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ...

"මිසිස් ජියොන් මොකද්ද අදහස් කරන්නෙ කියලා මට තේරෙන්නෑ...

"වොල්ෆ් පැක් එකේ අයිතිය හිමි වෙන්න ඕනි ජන්කුක්ට,ටේහියුන් උරුමක්කාරයා කියලා ප්‍රසිද්ධ කරාට පස්සේ වොල්ෆ් පැක් එකට දැනුම් දෙන්න ඕනි ජන්කුක් කියන්නෙ කවුද කියලා , ටේහියුන් ට වැම්පයර් වරුන්ගෙ සහය ලැබෙනවා වගේම ජන්කුක් ට වෘකයින්ගෙ සහය ලැබෙන්න ඕනි,ඒකට ජන්කුක් ට පුලුවන් වෙන්න ඕනි පැක් එකෙ හෙඩ් වෙන්න තරම් ශක්තියක් තියෙයි කියලා පෙන්නන්න , ඉතින් ජන්කුක් ඒකට ලෑස්ති වෙන්න ඕනි..ටේහියුන් ට ශක්තිමත් ක්වීන් කෙනෙක් වගේම වොල්ෆ් පැක් එකට ශක්තිමත් නායකයෙක්...දැන් ඉන්න ජන්කුක් ට ඒක කරන්න බෑ මාස්ටර් නම්ජූන්..අපි දෙන්න ඒකයි ඉල්ලන්නෙ මගෙ දරුවව අපි ලග තියාගෙන එයාගෙ බලයන් පාවිච්චි කරන්න පුරුදු කරන්න ඉඩ දෙන්න කියලා ...

එවුන් පටන් ගත්තු කතාව ජන්කුක් ගෙ අප්පා ඉවරකරද්දි නම්ජූන් ඔලුව වැනුවෙ ඔවුන් නිවැරදි කියලා කියන්න වගේ...

"පොඩි ප්‍රශ්නයක් තියනවා......ඔයාලා දන්නවනෙ blood moon ගැන.....තව මාස හයකින් බ්ලඩ් මූන් පායනවා..එදාට කලින් ටේහියුන් කිරුල පලදින්න ඕනි,මොකද කිරුල වෙන කෙනෙක් අතට ගියොත් වෙන්නෙ මොකද්ද කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ මිස්ටර් ජියොන්....

"මං පොරොන්දු වෙනවා ඊට කලින් ජන්කුක් වැම්පයර් කින්ඩම් එකෙ ඉන්නවා කියලා ,ඒක ටෲ බ්ලඩ් ඔමේගා කෙනෙක් ගෙ පොරොන්දුවක්,සදදෙව්දුවගෙ ආශිර්වාදය කුසේ දරාගෙන හිටපු ඔමේගාගෙ පොරොන්දුවක් .........

Bite me |taekook Where stories live. Discover now