bite me chapter 43

Start from the beginning
                                    

ටේහියුන් අහද්දි ජන්කුක් ඔලුව වැනුවා..එයා හරි විකාර විදියට ටෝර්ච් එකකුත් මූනට ගහන් ටේහියුන් ගෙ කාර් එකට පැනපු විදිහ...

"තියන දග පාට මූනෙ ඒක මතක් කරද්දි...ඔයා දන්නවද බේබි එදා ඔයා දැක්කම මට මොකද්ද හිතුනෙ කියලා ?

ටේහියුන් අහද්දි ජන්කුක් ඔලුව වැනුවෙ නැ කියන්න ...

"මෙ මොන කරදරකාරයෙක්ද කියලා..

ටේහියුන් හිනාවෙද්දි ජන්කුක් ටේහියුන් ගෙ පපුවට හිමින් පාරක් ගැහුවා..

"ඊලගට ඔයයි ඔයාගෙ අර සහෝදරයයි බලෙන්ම මගෙ වාහනේම මගෙ මැන්ශන් එකට ආවා...ඊට පස්සෙ යි මං දන්නෙ මගෙ හොදම යාලුවගෙ ex බෝයිෆ්‍රෙන්ඩ් ඔයාගෙ සහෝදරයා කියලා ..

"යුන්ගි හියුන්ග්?

ජන්කුක් පුදුමෙන් අහද්දි ටේහියුන් හිනාවෙලා ඔලුව වැනුවා...

"ඔයා මං නානකොට කඩාගෙන බිදගෙන දුවගෙන ආවේ සුදුමැලි කෙනා ඔයාගෙ හියුන්ග් ගෙ බෙල්ල කනවයි කියාගෙන ..

ටේහියුන් හිනාවෙද්දි ජන්කුක් ලාවට රතු උනා..එයාට මතකයි ඒක..

"එයාලා කිස් කර කර ඉන්න එකට එදා ඔයා හොදටම බය උනා...කොච්චර චයිල්ඩිශ් ද..කොච්චර පොඩි ලමේක්ද කියනවනම් ඔයා හිතන් හිටියෙ මමයි යුන්ගි යි වැම්පයර්ලා කියලා ....නැත්තම් යුන්ගි ජිමින් ගෙ බෙල්ල කිස් කරද්දි ඔයා වැම්පයර් කෙනෙක් ලේ බොනවයි කියන්නෙ නෑනේ....

ටේහියුන් හයියෙන් හිනාවෙද්දි වුන දේවල් අමාරුවෙන් උනත් ගලප ගලප ජන්කුක් හිමින් හිනාවුනා..එතකොට එදා ඒකද උනේ?

"ඔයා කොච්චර බයවෙලාද කිව්වොත් ඔයා වැටිලා ඔයාගෙ ඔලුව වැදුනා...ඊට පස්සෙ ජිමින් ඔයාවත් එක්කගෙන හොස්පිට්ල් ගියා...යුන්ගි තමයි ඔයාලව එක්කන් ගියේ...

ජන්කුක් ඇස් ලොකුකරා...එයාට හරි මතකයක් නෑ...ඔව් එයාලා හොස්පිට්ල් ගියා තමයි...

"ඒත් ජිමින් හියුන්ග් ...

"ආහ් ඔව් එයාට මකුලුවෙක් දශ්ඪ කරලා තිබුනා.ඒකා ඒතරම් විශ එකෙක් නොවුනත් නොහිතපු විදියට ජිමින් ට ටිකක් අමාරු උනා..අන්තිමට ඔයාට සිහිය එද්දිම වගෙ යුන්ගි එතනින් අයින් උනෙ ජිමින් බය උනා යුන්ගි ගැන ඔයා එයාට කෑගහයි කියලා..

Bite me |taekook Where stories live. Discover now