bite me chapter 41

Start from the beginning
                                    

හෝසොක් ආයෙම හිනාඋනා..ජන්කුක් ගෙ ඇස් දිලිසුනෙ කේන්තියට...ඒත් ජන්කුක් අසරනයි...බලයක් නැතුව ජන්කුක් අසරනයි...

"මං ආවෙ මාව මැරුවට ඔයාට තෑග්ග දෙන්න.....

හෝසොක් ගෙ අතෙ තිබ්බ කිනිස්ස ජන්කුක් ට මතකයි..හීනෙදි එයාගෙ බඩ පසාරු කරපු පිහිය ජන්කුක් ට කොහොම අමතක වෙන්නද?

..............................................

එවුන් හිනාවෙලා ජන්කුක් ඉන්න කාමරේට එන්න හැදුවත් ඇල්ෆා එයාව නතරකරද්දි එවුන් පුදුමෙන් ඇල්ෆා දිහා බැලුවා...

"තාත්තා...ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද?

"අපෙ ජන්කුකීට යක්ශයො පහරදීලා...එවුනා...



____________________________________

කිරුල තිබුනෙ ටේහියුන් ට පිටිපස්සේ...හරියට ම හද එලියට කිරුලට වැටෙන මොහොතෙන් පස්සෙ උරුමක්කාරයෙක් නැතුව යනවා.....අදුරු රතු පාටින් කිරුල ප්‍රභාවයක් නැතුවම තියෙන්නෙ සදදෙව්දුවගෙ පිවිතුරු ආශිර්වාදය තවම හිමි වෙලා නැති නිසා...කිරුලට වගේම තාවකාලිකව ටේහියුන් ටත්...

විශාල වේදිකාවෙ එක් පැත්තක් සම්පූර්ණයෙන් අදුරු රතු පාට සහ කලු පාට රෝස මල් වලින් ආවරනය වෙලා තියෙද්දි අනිත් පැත්ත නිල් සහ සුදු රෝස වලින් පිරිලා තිබුනා... මාලිගාවෙ ප්‍රධාන ශාලාව මංගල සභාවකට වෙනස් වෙලා තියෙද්දි වැම්පයර්වරු සහ නර වෘකයින් සියගානකට අසුන් පනවලා තිබුන..ඔවුන් සියලු දෙනාගෙම දෑස් සිය ශ්‍රේෂ්ඨ නායකයා දෙසට වගේම විටෙන් විට පසුපස දොරටුව වෙත යොමු වුනේ දීප්තිමත් සුන්දරත්වයෙන් සහ කොන්දේසි විරහිත ආදරයෙ ප්‍රතිමූර්තිය උන ඔවුන්ගෙ සද එලිය උත්සව භූමියට වැටෙනකන්...

ටේහියුන් වගේම සියලු දෙනාම හිටියේ නොයිවසිල්ලෙන් ....

හිරු කිරනට සමානව දිස්නය දෙන රන් කඩුව කොපුව තුල තිබුනත් දිලිසෙද්දි ,රතු කලු ඇදුම් ඇදගෙන අසිපත එක අතකින් දරා සිටි උරුමක්කාරයා නොයිවසිලිමත් දෑස් සමග උවත් ප්‍රභාවයෙන් දිලිසුනා..

රක්ත වර්න මිශ්‍ර වූ සද උදාවත් සමග මාලිගාවෙ දොරටු විවරවෙද්දි ටේහියුන් ගෙ වගේම සියලු දෙනාම දීර්ඝ හුස්මක් ගෙන පිටුපස හැරුනා...

Bite me |taekook Where stories live. Discover now