bite me chapter 41

Start from the beginning
                                    

"හෝසොක්...

ජන්කුක් ගෙ ඉස්සරහ හිටියෙ හෝසොක්...ටේහියුන් ගෙ මායාකාරයා..අන්තිමට ජන්කුක් අතින් මැරුන කෙනා..දැන් අදුරත් එක්ක හෝසොක් ජන්කුක් ඉස්සරහ ඉදන් හිනාවෙද්දි ජන්කුක් ටිකෙන් ටික පස්සට ගියා..

"selene...මාව අදුරගත්තද?

"ඔ...යා මැරුනා....

"වැරදී...තමුන් මාව මැරුවා....

හෝසොක් කෑගහද්දි ජන්කුක් තවත් පස්සට උනා..හීනෙ වගේම ජන්කුක් ගෙ අත තිබ්බෙ එයාගෙ බඩේ...හෝසොක් ජන්කුක් ගෙ බඩ දිහා බලලා හිනාඋනා..

"ම‍ං මැරුනෙ නෑ ජන්කුක් ....ඒ වෙද්දිත් මං මැරුන කෙනෙක් ....මං මනුස්සයෙක් වත් වැම්පයර් කෙනෙක් වත් වෘකයෙක්ත් නෙමෙයි ජන්කුක් ,

හෝසොක් ජන්කුක් ට මෘදු හඩින් කියද්දි ජන්කුක් හෝසොක් ට ඇහුම්කම් දුන්නා ..

"මං යක්ශයෙක් ජන්කුක් ....මාව අපායෙන් පලවාහැරපු යක්ශෙක්...කිසිම් ශක්තියක් නැති නිකමෙක් ජන්කුක්...මට ඕනි කරෙ අදුරෙන් ආලොකයට එන්න ...අන්තිමට මට අහම්බෙන් සහකාරයා හම්බුනා...සද දෙව්දුවගෙ ආශිර්වාදය ගත්ත කෙනා හම්බුනා....ටේහියුන් ලග අවුරුදු ගානක් රැදුනෙ ඔයා වෙනුවෙන් ජන්කුක් ,මොකද ඔයා නැතුව මට කිරුල දරන්න බෑ,කිරුල බලේන් මාව විනාශ වෙලා යයි...ඔයාව පිස්සුවෙන් වගෙ හෙව්වට ඔයා ටේහියුන් ව හොයාගෙනම එයි කියලා මං නිකමටවත් හිතුවෙ නෑ.....

"මතකද පාර්ක් එකෙදි ඔයාව ගෙනියන්න හදපු කෙනා..හිතන්නෙ ඒ කවුරු කියලද?ඒ මං ජන්කුක්....ඒ මං...

හෝසොක් වියරුවෙන් හිනාවෙද්දි ජන්කුක් කන් වහගත්තා...
දෙවිවරු අකමැති යක්ශයන්ට!!!දෙවිවරු පිලිකුල් කරනවා ඒ ආත්ම පවා..ඒ පිලිකුල ජන්කුක් ටත් එහෙම්ම දැනුනා..අඩුවක් නැතුවම....

"එතකොට නාරි ව සමබන්ධ උනෙ කොහොමද ?

"නාරිගෙන් මං දැනගත්තෙ ඔයා නෙමෙ අන්තිම තුරුම්පුව කියලා..

ඉතින් මං තුරුම්පු දෙකක් තියාගත්තා..අන්තිමට හිතපු නැති විදියට ඔයාගෙ බලයන් මාව යටකරා..."

"ඔයා ශක්තිමත් ජන්කුක් ..මට හිතාගන්න බැරි තරම්....ඒත් මොකද උනෙ අන්තිමේදි ඔයාගෙ ශක්තිය නැති වෙලා...

Bite me |taekook Where stories live. Discover now