bite me chapter 36

Start from the beginning
                                    

ටේහියුන් ඇදන් හිටිය රතු ශර්ට් එකෙ බොත්තම් ලිහිල් කරලා ජන්කුක් ලගට ආවෙ ජන්කුක් ගෙ ඇගිලි හරි ඉක්මනට එහෙ මෙහෙ යන දිහා හොරෙන් බලන ගමන්..ජන්කුකී නොසෑහෙන්න නර්වස් වෙලයි ඉන්නේ...

"ඔයාට දාඩිය දාලාද?

ටේහියුන් ගෙ ශර්ට් එකෙ ඇරුන බොත්තම් වලින් පේන දේවල් දිහා ට ඇස් නොයවන්න ජන්කුක් තීරනෙ කරත් ටේහියුන් එයාගෙ ලගට හුගක් ලං වෙලා ඒ දිග ඇගිලි වලින් ජන්කුක් ගෙ කම්මුල ලග ඉදන් තොල් ලගට වෙනකන් ඇදගෙන ආවා..

"ඔ..ඔයා ඈත් වෙ..ලා ක...තා ක..රන්න...

"ඔයා ගොතගහන්නෙ මොකද මගෙ ප්‍ර්‍රිම් රෝස් පොහොට්ටුව...ඔයා ලගින් එන සුවදත් වෙනස් වෙලා..ඔයා මට බයවෙලාද ඉන්නේ?

ජන්කුක් තුන්පාරක් කෙල ගිල්ලා
.ඉස්සර එයා ටේහියුන් ට බය නෑ තමයි..ඒත් දැන් ඇයි ජන්කුක් ට බය හිතෙන්නේ..අහම් නෑ ඒක බයක් නෙමේ..ජන්කුක් ඇත්තටම වෙව්ලන්නෙ බයකට නෙමෙයි...

"mine...

ටේහියුන් හිනවෙලා ජන්කුක් ගෙ කම්මුලකට හාද්දක් දීලා ආයෙම කෙලින් උනා..

"මං වොශ් දාන් එන්නම්...

ටේහියුන් හිනාවෙලා යන දිහා බලන් හිටපු ජන්කුක් එයාගෙ හයියෙන් ගැහෙන පපුවට අත තිබ්බා...

"දෙයියනේ...හම්ප් ..එයා මාව seduce කරනවා...ජන්කුක් ඔයාට කොහෙත්ම බෑ එයා ඉස්සරහ ඔය විදියට දිය වෙන්න...ඔයා එයාව seduce කරන්න ඕනි ජන්කුක් .....

තනියෙන් මුමුනගත්ත ජන්කුක් එයාගෙ ශර්ට් එක ගලවලා දැම්මා...හහ්..කිම් ටේහියුන් ට විතරද ලස්සන ඇගක් තියෙන්නෙ...

ජන්කුක් එයාගෙ ඇග දිහා බලන් ටිකක් වෙලා ඉදලා ආයෙම දෙයක් මතක් උනා වගෙ ඉක්මනට එයාගෙ ශර්ට් එක අතට ගත්තා..දෙයියනේ ජන්කුක් මොනා කරන්නද ඒ හැදුවෙ!!!

ජන්කුක් කලබලෙන් බොත්තම් දාගන්න හදද්දි ජන්කුක් ට ඇහුනා බාත් රූම් එකෙ දොර ඇරෙනවා..ජන්කුක් එහෙම්ම ටේහියුන් ට පිටුපාලා හිටගෙන ආයෙම බොත්තම් හරියට දාගන්න හදද්දි එයාට දැනුනා බාත් රූම් එක ලග හිටිය කෙනා දැන් එයාගෙ පිටිපස්සෙ කියලා ....

Bite me |taekook Where stories live. Discover now