"මොකක්ද බං මේ වෙන්නෙ ඇයි මට මුකුත් තේරෙන්නෙ නැත්තෙ." විශු එහෙම කියනකොට ජුන්ඩා ඌ ලගට ගියා. අපි ලමා කාලේ සොදුරු හෝරාවෙ අවසානය ඉක්මනින්ම ආවා.

ඔලුවම අවුල් වෙලා තියෙනවා මදිවට තව ප්‍රශ්නයක් ආවා. මම දැන් මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ. යකෝ මූන් ඔක්කොම නූල් බෝල වගෙ පටලනවා. එක පොටක් අතට එද්දි අනික් පොටවල් ඔක්කොම ඉවරයි. මගෙ වෙන දේවල් පපරිස්සම් කරන්න පොඩි කාලේ මීට වඩා ලේසි වුනා.

"දගයෝ... උඹ අවුල් නොගෙන හිටපන් මම ඕකට නිදි පෙති පොවලා හරි නිදිකරවන්නම්. උඹත් ඇවිත් නිදාගනින්." ජුන්ඩාගෙ වචනෙ මගෙ ළඟ තිබ්බා.

"මේ පටලැවිලි මදිවටද බං තෝත් කෞෂියෙක්ගෙ ෆොටෝ ඌට යැව්වේ."

"මම වෙන මොනවා කරන්නද? විඩීයෝ කෝල් අරන් උඹයි අරුයි බදාගෙන වෙලිලා ඉන්නවා පෙන්නන්නද? ඔයින් මම බේරුවේ නැත්තම් උඹට දවසක් හුස්ම ගන්න ඌ දෙයි කියලද උඹ හිතන්නෙ. අමතක කරන්න එපා කෞෂි බැදපු ගෑණියෙක් විතරයි එත් වෙදා බැදලා තව ඌ කොල්ලෙක් කියලා." ජුන්ඩා සිරියස් විදියට මගෙ ඉස්සරහ හිටපු පළවෙනි පාර මේක කියලා මට කියන්න පුලුවන්. ඇත්ත නෙවේද? ඒක දුකක්...

"උඹට මම මොනවද කියන්න ඕනේ. මමත් මොකක්ද කරන්නෙ කියලා දන්නෙ නෑ."

"මොනවා වුනත් මට කලින් දගයා ඕනේ එච්චරයි"

"දැනුත් ඉන්නවා..."

"ඒක මට පෙන්න නෑ... එත් මම මීට වඩා උඹව දන්න නිසා අවුලෙන්." ජුන්ඩා එහෙම කියලා යන්න ගියා.

මම ඉන්නෙ කොරිඩෝ එකෙ.... මට හිතාගන්න බැරි හැම හැගීමක්ම මම පරිස්සම් කරනවා. ඈතින් පේන සෑයට මගෙ දුක මම තව කොච්චර කියන්න කියලද? තොලත් පොඩි කර ගෙන මම බිම බලාගත්තා. කකුලෙ ඇගිලි වලින් බිම හූරන ගමන්ම... සහස්ගෙ නම්බර් එක ලහි ලහියෙ ෆෝන් ඩිස්ප්ලේ එකෙ තියෙද්දි මම ෆෝන් එක කනේ තියාගත්තා.

"පොඩි... රූම් එකට එන්නකො..."

"අයියා ඉන්නවා... පස්සෙ එන්නම්."

"මාව මරාගන්නෙ නැතුව වරෙන් බං. එක පාරක් කිව්වාම." මේ ටකරම අහගන්නද බං මම මෙච්චර දත කන්නෙ. අපරාදේ කට හඩ ලස්සන එකෙක්ව සෙට් කර ගන්න තිබ්බේ. මම හිටියෙ ෆට්ට ගැඹුරු දුකකින් නේද බං දැන් ටිකකට කලින්. එකත් හේදිලා ගියා මේ මිනිහගෙ කට හඩේ සද්දෙට.

✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️Where stories live. Discover now