"දගයෝ ඉක්මන් කරන්න... අයියා යන්න හදන්නෙ..." අම්මගෙ කෑ ගැහිල්ල මට ඇහෙනකොට මම බාතෲම් එකෙ ඉදන් කල්පනා කරා මේ ගෙදර පූර්ණ භුක්තිය අද සිට මට නේද කියලා... අව්ව් ලලා ලලල ලලා... හැබැයි මෙහෙමයි මම ගෙදර ආයෙත් කොටු වෙනවා හැබැයි.
"උඹ දැන්ම එන්නෙ නැද්ද? හැබැයි මම යනවා." විශු ඇවිත් කෑ ගැහුවේ දොරටත් තඩි බාන ගමන්. මූට අමු කැවිලාද මෙච්චර කල්ප කාලයක් එකට හිටිය මූව අවුරුද්දකට පිට යවන්න ඇයි මම නොයන්නෙ. මම වොශ් රූම් එකෙ දොරත් ඇරගෙන ටවල් එක ඔතාගෙන එනකොට අයියා කාරයා ෆුල් අන්දොස් වෙලා ඇද උඩ ලැගා ගහගෙන.
"මොකො උඹ නිකන් මූණ කුණ්ඩවාලේ කරගෙන..." මම කොල්ලගෙ මූණට සීතල වතුර පොගවලා අල්ලන ගමන් ඇහුවාම මෙන්න මූට ජල සන්නිය හැදිලද කොහෙද බය වෙලා ගැස්සිලා යන්නෙ.
"උඹ නැතුව මට බෑ ඉන්න... පාළු හිතෙයි දගයෝ..."
"ඉදපන් මම බෑග් මලු ලෑස්ති කරන් තෝත් එක්ක ඔය වන්නියට ගාටන්නම්..." මම ජෝක් එකට ඒක කිව්වා මිසක මම සිරාවටම ඒහෙම කරන්න හිතිලා කිව්වේ නැතත් මිනිහගෙ මූණේ මල් පිපුනා. කව්ද බං කැමති සිග්නල්වත් නැති වන්නියක හිර වෙන්න."ඇත්තමද?" මගෙ වම් අත අරගෙන තුරුල් කරන් අර කන්න දෙනකල් බලන් ඉන්න බල්ලෙක් වගෙ මූ මගෙ දිහා දැන් බලන් ඉන්නෙ.
"මම ජෝක් කරේ..." මම කිව්ව ගමන් මිනිහගෙ මූණ ආයෙත් අර ඩේටා නැති වුන සුනාමියෙන් පස්සෙ එකෙක්ගෙ මූණ වගෙ වුනා. සැක් දුක පුරෝලා කල ගෙඩියයි. මොනවා කරන්න සියලු සංස්කාර ධර්මයෝ අනියත එකෙ මම ඩෙනිමක් ඇදගත්තා. ඇත්තම කතාව මටත් මූ නැතුව අම්මටසිරි වෙන්න දුකක් ප්ලේ වෙනවා. මට ඉන්න එකම අයියා මූ වෙච්ච කොට ඉවසා දරාන මා සිටින්නෙ කෙලෙස කියම්..........
"මට ගෙදර ඉන්න ඕනේ."
"තමුසෙ ඔච්චර කුණු කුණු ගගා නම් ඕකේ අස්සට ඇප්ලයි කරේ පට්ටිට හාල් වොශ් කරන්නද බං..." මගෙ කට මෙහෙම තමා. අමු දාමරික හුචක්කුවක්. මොකට කියනවද ඕක හදන්න එහා ගෙදර පාට්ටිත් ආවා. පස්සෙ මොකක්ද වුනේ ඒ පාට්ටිගෙ පුතා ජුන්ඩත් මාත් එක්ක රස්තා පාර ලස්සනට ගහන්න ගත්තා. දැනටත් උදේට උදේට පාට්ටි මාව අමතනවා. මොනවා කරන්නද? බණක් භාවනාවක් කරලා නිවන් යන්න ඕනේ කාලෙක මේ ගෑණි මගෙ කුණු හොයන්නම ඇවිත් පිසුනා වාචා පවට මුල පුරනවා.
YOU ARE READING
✖️පාස්කෝඩ්⚠️️ සම්පූර්ණයි✨️
Non-Fiction✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️