bite me chapter 15

Start from the beginning
                                    

"ජින් ...ජින් ඔයා හොදින් ද?

හෝසොක් ජින් ලගට ලං උනත් ජින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ආවේ නෑ..ජින් ගෙ නාඩි වැටෙනවා දැනිලා හෝසොක් ට සැනසුමක් දැනුනා.

"ජන්කුක්...

හෝසොක් නැගිටලා ජන්කුක් ලගට ලං වෙන්න උත්සාහ කරෙ ජන්කුක් අතින් ආයෙම එයාලට කරදරයක් වෙයි කියලා.

"නෑ...මගෙ ලගට එන්න එපා...මට එයාව මරන්න ඕනි උනෙ නෑ....

"ජන්කුක් සන්සුන් වෙන්න..ඔයා සන්සුන් නොවුනොත් අනිත් අයටත් මෙතන කරදරයක් වෙයි. ..ප්ලීස්...

හෝසොක් එහෙම කිව්වත් ජන්කුක් හයියෙන් හුස්ම ගන්න ගමන් බිම වැටිලා ඉන්න ජින් දිහයි එයා ලගට එන්න උත්සාහ කරන හෝසොක් දිහයි බොද උන ඇස් වලින් මාරුවෙන් මාරුවට බැලුවා.

ඒත් එක්කම වගෙ දොර ඇරගෙන ආවෙ නම්ජූන්,හෝසොක් දන්නවා ජින්ට අනතුරක් වෙද්දි නම්ජූන්ට දැනෙනවා කියලා,නම්ජූන් කියන්නෙ බලවත් ලේ තියන වැම්පයර් කෙනෙක් නිසා හෝසොක් බය උනා නම්ජූන් අතින් ජන්කුක්ට කරදරයක් වෙයි කියලා...

"ජිනිහ්...

නම්ජූන් ජින් ලගට දුවගෙන ගිහින් ජින්ව නැගිට්ටවන්න උත්සාහ කරෙ පිස්සුවෙන් වගේ,

"හෝසොක්..

අන්තිමේදි නම්ජූන්ගෙ ලේ රතු ඇස් හෝසොක් දිහාට එල්ලවෙලා ටිකකින් නතර උනෙ ජන්කුක් ලග...

"උබ මොකද්ද එයාට කරේ...

නම්ජූන් අතින් ජන්කුක්ට කරදරයක් වෙයි කියලා බය උන හෝසොක් ජන්කුක් ලගට ලං උනෙ ජන්කුක්ව කවර් කරන්න උනත් ජන්කුක් හෝසොක් වත් ඇත් කරන්න උත්සාහ කරා,

ඒකෙන් උනෙ හෝසොක් වත් ජන්කුක් නිසා විසි වෙලා ගිය එක,හෝසොක් ෆේයින්ට් නොවුනත් අඩුම එයාට එයාගෙ බලයන් වත් පාවිච්චි කරගන්න බරි තරමටම හෝසොක් ට දැනුනා එයා දුර්වල වෙලා වගේ..

"හෝසොක්...

නම්ජූන් හෝසොක් විසිවෙලා වැටෙද්දි වේගෙන් නැගිට්ටා,නම්ජූන්ගෙ කේන්තිය වැඩි වෙලා කියලා එයාගෙ ඇස් වලින් වගේම අත් වල නිල් වෙලා තියන නහර වලින් ඕනිවටත් වඩා කැපිලා පෙනුනා.

Bite me |taekook Where stories live. Discover now