bite me chapter 12

Start from the beginning
                                    

"ඇයි ඔයාට නිකන් එයාව මොකෙක් වගේද පේන්නේ...

ජිමින් ආයෙම අහද්දි යුන්ගි හුස්මක් පාතට දාලා ආයෙම බිත්තියට හේත්තු උනා.යුන්ගිට හොදටම විශ්වාසයි ජන්කුක් නිසයි එයාට මේ තරම්ම අමාරු උනෙ කියලා.

"අම්ම්..මේ ඔයා ඇත්තටම ඩ්‍රැකියුලා ද?

"ඩ්‍රැකියුලා කියන්නෙ මිනිස්සු හදපු නමක්,
යුන්ගි ඇස් අරින්නෙත් නැතුව කියද්දි ජිමින් ගෙ ඇස් නම් තව ටිකක් ලොකු උනා.

"එතකොට ඔයාලා ගොඩක් ඉන්නවද?මං අහන්නේ ඔයාලා....

"මේ අහනවා,මට ලං වෙන්න එපා තමුසෙගෙ බෙල්ලෙ තියන කුරුසෙ මට ලං වෙද්දි අමාරුයි...ඈතට වෙලා කතාකරනවා...

"හහ්...මේ කුරුසෙ නැත්තන් මෙලාට තමුසෙ මගෙ බෙල්ල හිල් කරලා දාලා...ඇත්තටම තමුසෙට ලැජ්ජාවක් නැද්ද ගෙවල් වලට පැනලා ලේ බොන්න?

ජිමින් අහද්දි යුන්ගි 'tsk' සද්දයක් දාලා ජිමින් දිහා බැලුවෙ මේ මොන කරදරයක් ද අහන්න වගේ...කවදාවත් එයා මෙච්චර ලැජ්ජා වෙලා නෑ....

"කවුද දන්නෙ නෑ මං ලේ බොනකන් බෙල්ල නවන් හිටියේ..

"මොකාආආආඅක්...!!!!මං එහෙම කරා...තමුසෙ බොරු කියන්නේ,මට එහෙම දෙයක් මතක නැ....

ජිමින් ගෙ ඇස් ලොකු වෙලා කේන්ති ගන්න මූන දැක්කහම යුන්ගි ට එයාගෙ අමාරු තාවකාලිකව නැති උනා,එයාට දැන් ඕනි කරෙ ජිමින් ව කේන්ති ගස්සවලා එයාව රතු කරලා දාන්න....

"ඔයා එහෙම කරා....ඔයා අඩුම දැගලුවෙවත් නෑ.....

"ඔයා මොකක් හරි මැජික් එකක් කරන්න ඇති ශුවර් එකට...හහ් අනික මට පිස්සුවක් නෑ තමුසෙ වගෙ කොස් ඇට වවුලෙක්ට ලේ පුදන්න...

ඒ කොල්ලා නම් ඇත්තටම හුරතල් ....යුන්ගි ජිමින්ගෙ මූන දිහා බලන් ලාවට හිනාඋනා.

"මේ අහන්න...ජන්කුක් ටේහියුන් ව හම්බවෙන්න යන එක ඒතරම් හොද දෙයක් කියලා මං හිතන්නෙ නෑ...මොකද ටේහියුන් කියන්නෙ ඒතරම් හොද කෙනෙක් නෙමේ..මට අනතුරක් කියලා තෙරුනොත් එයා ජන්කුක් ට කරදරයක් කරන්නත් පුලුවන් ......

"මොකක්...තමුසෙ දැන්ද ඕක කියන්නෙ ?

ජිමින් ඇහුවෙ පුදුමෙන් යුන්ගිගෙ මූනට බරවෙලා,එහෙම්ම ජිමින් සාක්කුවෙ තිබ්බ ෆෝන් එක අරන් ජන්කුක් ට ඩයල් කරේ යුන්ගි දිහට සැරෙන් සැරෙ ඇස් යවන ගමන්.

Bite me |taekook Where stories live. Discover now