bite me chapter 7

Start from the beginning
                                    

යුන්ගි කිව්වෙ ටේහියුන් දිහායින් ඇස් අහකට නොගෙනමයි.

" අපි නොදන්නවට තාම මිනිස්සු ඉන්නවා ටේහියුන් ඔටුන්න ගැන අපි ගැන දන්න..අපි මීට වඩා පරිස්සම් වෙන්න ඕනි...තමුනුයි අපෙ පැවැත්ම ...ඒ ගැන හිතලා වැඩ කරනවා...

යුන්ගි ගියාට පස්සෙ ටේහියුන් අත් දෙකෙන්ම ඔලුව තද කරගත්තා.

ඇයි ඒ කෙනා ටේහියුන් ම උනෙ.ඇයි ටේහියුන් ට මෙච්චර ලොකු වගකීමක් ලැබුනෙ.එහෙම වගකීමක් ටේහියුන් ට ලැබුන්නැත්තන් ටේහියුන් මේ වෙද්දි සතුටින් ඉන්න තිබ්බා.නම්ජූන් හියොන්ග් රජතුමා නොවුනනම් ටේහියුන් එක්කම එයත් ඉදී,

"මං වෛර කරනවා මගෙ දෛවයට..මගෙ සහකාරයටත් මං වෛර කරනවා...

ටේහියුන් ගෙ නහර ඉලිප්පිලා තිබ්බෙ.ටේහියුන් ට තරහ පාලනය කරගන්න කොහෙත්ම බැ..ටේහියුන් පොඩි කාලේ රාජධානිය ඇතුලෙදි ටේහියුන් අතින් ටේහියුන් ගෙ වයසෙ ලමයි ඕනිතරම් මරනාසන්න තුවාල ලබලා තියෙනවා..එක අතකට ටේහියුන් ට වරදක් කියන්න බෑ..ටේහියුන් ඉපදුන දවසෙ ඉදන් අම්මගෙ ආදරයක්වත් තාත්තා ගෙ ආදරයක් වත් ලැබුවෙ නෑ,එයාට ආදරෙන් හරි මොකද්ද වැරද්ද මොකද්ද කියන්න කවුරුත් හිටියෙ නෑ..එයාට සිද්ධ උනෙ කරන හැම දේකටම බනින්න මිනිස්සු ගොඩක් අස්සෙ ජීවත් වෙන්න..හැමදේම තනියෙන් දරාගන්න හුරුවෙච්ච ටේහියුන් ට මිනිස්සු එයාගෙ දේවල් වලට මැදිහත් වෙද්දි පුදුම තරම් කේන්තියක් ඇතිඋනා.

ගොඩක්ම නම්ජූන් ටේහියුන් ගෙ සහකාරයා හොයන්නෙ ටේහියුන් ගෙ මේ කේන්තිය පාලනය කරන්න පුලුවන් කෙනා එය විතරක්ම වෙන නිසා..

ටේහියුන් අත එයාගෙ එහා පැත්තෙ තිබ්බ වීදුරු ස්ට්‍රැචූ එක ලගට යද්දිම ටේහියුන් දැක්කා සෝෆා එකෙ ඉන්න ජන්කුක් ටිකක් හෙමින් ගොරවනවා,

ටේහියුන් ට ජන්කුක් ව විතරක් පේන විදිහට ,ජන්කුක් ව විතරක් ඇහෙන විදිහට හැමදේම එකතැනක නැවතිලා වගේ..දැන් ටේහියුන් ගෙ මුලු අවධානෙම නිදන් ඉන්න ජන්කුක් ලගයි නැවතිලා තියෙන්නෙ .

ජන්කුක් ටිකක් එහෙට මෙහෙට හැරුනා,සෝෆා එක නිසා එයාට හරියට දගලන්න බැරිඋනත් ජන්කුක් ගෙ නින්දට තැනක් අදාල උනෙ නැහැ.එයා හා පැටව් නිදාගනිද්දි ලොම් පුම්බනවා වගෙ කටත් පැත්තට පුම්බන් ශෝයි එකට නිදන් ඉන්න දිහා ටේහියුන් බලන් හිටියෙ මේ ලෝකෙ එයාට දකින්න තියෙන එකම දර්ශනෙ ජන්කුක් වගේ .

Bite me |taekook Where stories live. Discover now