bite me chapter 5

Start from the beginning
                                    

" කොරියන් ටයිම්ස් පුවත්පත් වාර්තාකරුවන් දෙදෙනෙකු සෝල් වලට මායිම්ව ඇති GOTJAWAL වනාන්තරයට මායිම් ව පිහිටි මාර්ගයක් අසලදී සොයා ගන්න ලදි.සොයාගන්නා අවස්ථාව වන විටත් දෙදෙනාම බරපතල තුවාල ලබා සිට ඇති අතර මේ වනවිටත් ඔවුන් සෝවුල් ජාත්‍රන්තර රෝහලේ දැඩිසත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් පවතී..මාධ්‍යවේදි ජියොන් ජන්කුක් මහතාට සහ පාක් ජිමින් මහතාට නිවන් සු- සමාවන්න ඉක්මන් සුව TVN අපි ප්‍රාර්තනා කරන්නෙමු"

ජිමින් ජන්කුක්ගෙ උඩ ඉදන් පහලට බැලුවෙ ජන්කුක්ට උන බරපතල තුවාල මොනවද කියල.මදුරුවෙක් දෙන්නෙක් කාලායි එරමිනියා අත්තක පැටලිලා උන තුවාලෙයි ඇරෙන්න ජන්කුක්ගෙ ඇගෙ ලොකු තුවාලයක් තිබ්බෙ නෑ...

"මේ ජිමිනි හියුන්ග්...මං ජන්කුක් නේද...

ජන්කුක් ජිමින්ගෙ පැත්ත හැරිලා ඇහුවෙ කේන්තියෙන් දුන් දාල එයාගෙ අම්මගෙ මූන නොදැක්ක ගානට.

"ඔයා ජන්කුක් තමයි...

"ඔහ්...එහෙනම් ඇයි මං මේ අපෙ ගේ ඉස්සරහ හිටන් ඉන්නෙ හරිනම් මං ඉන්න ඕනි ICU එකෙනේ..

"ජියොන් ජන්කුක්!!!!!පාක් ජිමින්....අර නිව්ස් කියන කොල්ලා කිව්වෙ මොකද්ද කියලා දැන්ම පැහැදිලි කරනවා.....

ජන්කුක් එයාගෙ කන ඇතුලට ඇගිල්ල දාල පොඩ්ඩක් හෙලෙව්වෙ මොනවා උනත් ඔම්මා කන ලග ඉදලා කෑගැහද්දි කනට ගොඩක් සනීප නිසා..

ටිකකින් ඔම්මා ජිමින්ගෙ මුලු ඇගම චෙක් කරන්න ගත්තෙ ජන්කුක්ට නොසෑහෙන්න බැන බැන...

"ඔම්මා මගෙ තුවල බලන්නැද්ද?

ජන්කුක් කෑගැහුවත් ඊලග තප්පරෙ එයාගෙ ඔම්මගෙ ගිනි පිටවෙන ඇස් ජකුක්ගෙ හුරතලේට උල් වෙච්ච කට වහලම දැම්මා..

"ජිමිනි ඇයි ඔච්චරම සුදුමැලි වෙලා..මේ මසල් පිග්ට මං කියාලා තියනවා ජිමිනිව උස්සන් යන්න එපා කියලා..කොහෙද අහනවා කියලවැ..මහලොකුවට අත මෙච්චරක් පුම්බනවා අච්චරක් පුම්බනවා කියලා පම්පෝරිය නම් තියනවා..මදුරුවෙක් කෑවත් මදුරුවට බැන බැන හොටු පෙරන් අඩන්න නම් පුලුවන් ..අනෙ දෙයියනෙ මේක බඩේ ඉද්දි මං ඔහේට කිව්වා හුරතල් කරන්න එපා කියලා..

Bite me |taekook Where stories live. Discover now