🩺 Doctor Crush - 61🩺

564 147 64
                                    


🐰 ඉතින් මොකද බලාගනිම්... මේ මගේ කොල්ලනේ මං කැමති ඕනි දෙයක් කරනවා...

🦁 චාන්ගා .... 🙊🙊

🔴 දැන් හුරතල් වුනා ඇති..... පැත්තකට වෙලා හිටපන් පොඩ්ඩක්.... අන්න අරහෙන් නාලගිරි පන්නනවා වගේ කෙලගෙන සින්ඩි මේ පැත්තට එනවා...........

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Bright ගේ කතාවෙන් මෙතෙක් සිනාවෙමින් සිටි අප දෙදෙනාම ගල් පිලිමයක් මෙන් නිසල විය... චාන් මාගේ එක් අතකින් තදින් අල්ලාගත් අතර ඔහු කලබල වී සිටි බව වේගයෙන් එහා මෙහා දෑස් හොදින්ම පසක් කලේය... ඔහුව සන්සුන් කිරීමට සිතා මා හොදින් බව පැවසූවත් ඉදිරි මිනිත්තු කිහිපය ගැන මට තිබුණේ දෙගිඩියාවකි.....

💃 ආහ් මේ ඉන්නේ දෙන්නම අලුත බැදපු ජෝඩුව වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💃 ආහ් මේ ඉන්නේ දෙන්නම අලුත බැදපු ජෝඩුව වගේ... ඔයාලගේ නාඩගම් ඔක්කොම බලාගෙන මං නිකන් ඉදියි කියලද හිතුවේ දෙන්නා .... කොහෙවත් යන එකෙක්ට මගේ චාන්ගාව දීලා පැත්තකට වෙන්න මං වෙස්සන්තර නෙවෙයි.... යීබෝ තමුසේ මහ ජරා මිනිහෙක් ඕයි... බැදපු මනුස්සයෙක්ට වත් පාඩුවේ ඉන්න දෙනවකෝ....

🐰 සින්ඩි Shut Up.....

💃 ඔයාට රිදෙනවද චාන්ගා ඔයාගේ හොර මිනිහට මොනවාහරි කිව්වම ... තමුසේ මගේ Legal Husband කොහෙවත් යන උන් එක්ක නටන්න කලින් ඒක මතක තියාගන්නවා...

චාන්ගේ අත මිටි මෙලවී දෑස් රතු වූයේ ඔහුට දැනුන අධික කෝපය නිසාවෙයි... සින්ඩිට ගහන්නට මෙන් අතක් ඔසවන්න හැදුවත් අවට සිටි අයගේ අවධානය මේ වන විටත් වුවමනාවටත් වඩා අප වෙත යොමුව තිබූ නිසා මා තදින් ඔහුගේ අතින් අල්ලාගෙන සන්සුන් වෙන ලෙස සංඥා කලෙමි... චාන් මදකට සන්සුන් වී බරැති හුස්මක් ඉහලට ගෙන පහළ හෙළීය... 

Doctor Crush Where stories live. Discover now