🩺 Doctor Crush - 49 🩺

551 148 86
                                    


.............. මසකට පසු ...................

වසන්ත සෘතුවේ තවත් එක් දිනයකි... හිරු පායා නැගී දසතම එලිය විහිදුවමින් නව දිනයක උදාව ලොවට කියා පාමින් තිබුණි.... උණුසුම් කෝපි කෝප්පයක රස විදිමින් කුවාන් නිවස ඉදිරිපස මිදුලේ පිපි තිබුණු මල් ගස් අතර නතර වී සිටියේය...

වසන්තය ඇරඹී තිබුණු බැවින් ගෙවත්ත පිරී තිබූ නෙක වර්ණ මල් වලින් නම් අඩුවක් නොවීය.... ඈත පෙනෙන මුහුදත්, සුවදැති මල් වර්ගත් සමග උණුසුම් කෝපි කෝප්පයකින් දවස පටන් ගන්නට කුවාන් පසුගිය මාසය තුල හුරුවී තිබුණි....

🦁 ග'ගා මං යනවා......

💙 බෝදි ඔයා... කොහෙද යන්න හදන්නේ.....

🦁 Hospital එකට ..... මං ආපහූ වැඩ පටන් ගන්න හදන්නේ....

💙 ඔයාට තාම සනීප වුනා විතරයි බෝ... තව ටිකක් Rest කරන්න ඕනි....

🦁 මට දැන් හොදටම හොදයි ග'ගා...

සති හතරක දීර්ඝ කෝමා තත්වයකින් පසුව මා නැවතත් හොද සිහියට පැමිණියේ දින තුනකට පෙරයි... එදිනම මාව ෂැංහයි වෙත කැදවාගෙන යාමට ග'ගාට අවශ්‍ය වුවද මා තවමත් නිසි සුවයක් නොලබා තිබූ බැවින් මා අකමැති කිසිවක් නොකරන ලෙස ලැබුණු වෛද්‍ය නියමය නිසා ඔහුද මා සමග Zhuhai හි නතර විය... Shanghai රෝහලේ සිට Zhuhai රෝහල වෙත ඔහුගේ පත්වීමද සකසා ගත් කුවාන් ග'ගා මා සමග Apartment එකේම නතර වූයේ මා තනිකර යාමට ඔහුට තිබුණු බිය නිසාවෙනි .....

ලේ නෑකමින් ගත් කල ඔහු මගේ අර්ධ සොහොයුරා වුවද හදවතේ බැදිමෙන් ඔහු මට සලකන්නේ ඔහුගේම දරුවෙකුට මෙන් අසීමිත සෙනෙහසිනි... ඔහුගේ මව කවුරුන් වුවද ඉතා ආදරණීය කරුණාවන්ත අයෙක් විය යුතු යැයි මා සැමදා සිතුවේ ඔහුගේ මෙම ආදරණීයම හැසිරීම නිසාය...

💙 බෝදි එන්නකෝ මෙතනින් වාඩි වෙන්න...

අත තිබූ කෝපි කෝප්පය පසෙකින් තැබූ කුවාන් ඉද සිටි බංකුවේ එක් කොනකට වී මටද එතනින් ඉදගන්නට ඉඩ සලසා දුන්නේය.... මාද ගොස් ඔහු අසලින් වාඩි වී මිදුලේ යායට මෙන් පිපි තිබූ කැනෝලා මල් දෙසට නෙත් හැරවූවෙමි ....

💙 ඔයා මේ කරන්න යන දේ ගැන හොදටම විශ්වාසද දිදී ? තව ටික දවසක් ගෙදර ඉදලා ඔයා තව ටිකක් Strong වුනාම යනවා නම් මං කැමතියි ... එහේ වෙන සමහර දේවල් ඔයාට දරාගන්න පුලුවන් වෙයිද කියන්න මං දන්නෑ ...

Doctor Crush Where stories live. Discover now