🩺 Doctor Crush - 69 🩺

601 144 102
                                    


සුවදායි සති අන්තයකට මං පෙහෙළි එලි කරමින් විවේකි සිකුරාදා දිනය එළඹුනි... රාත්‍රියේ සරාගී ක්‍රියාකාරකම් වලින් ගත වෙහෙසට පත්ව තිබුනත් සිත තුටින් බරව තිබූ නිසාම ඒ වේදනාවන් මොහොතකට හෝ නොදැනුනි ...

ඊයේ රාත්‍රියේම ගුවන් යානා ටිකට් පත් වෙන්කර තිබූ නිසා චාන් සහ මා උදෑසන පටන්ම ඒ සදහා සූදානම් විය... රැගෙන යන්නට තරම් බඩු බාහිරාදිය අප සතු නොවුනත් දමා යන්නට නොහැකි මිතුරු සබදතා කිහිපයක්ම මෙහි විය.... ගෙවුනු නරක කාලයේදී අප අසලින්ම හිද හැකිතරම් උදව් කල ඔවුන් අමතක කල කරන්නට තරම් අප ගුණමකුවන් නොවීය ...

ඉදින් උදේ ආහාරයෙන් පසු හෝරාවක් පමණම මිතුරු ඇසුර සදහා වෙන් කලේය.... මා අනෙක් මිතුරන් හා හෝටලයේ නාන තටාකය අසල කතා බහක නිරත වී සිටියත් චාන් පෙනෙන්නට සිටියේ නැත.... මොහොතකට මිතුරන්ට සමුදුන් මා චාන් සොයා උද්‍යානය දෙසට ඇවිද ගියෙමි......

චාන් සහ Jeff සුහද කතාබහක නිරත වන අයුරු මා ඈත තියාම දුටුවෙමි.... කිසිවෙක් හා ලේසියෙන් මිතුරු නොවන චාන් Jeff කෙරෙහි පෙන්වූ මිතුරුදම මා ඊර්ෂ්‍යාවට පත් කලා කීවොත් නිවැරැදිය... ඇරත් Jeff චාන්ව වර්ණනා කරන අයුරු මතක් වන විට ඔහුට පේන මානයක වත් මගේ චාන්ගාව තබා යාමට මා අකමැතිය.... කෙසේ හෝ ඉක්මනින් එතනට ගොස් චාන්ව ඔහුගෙන් ගලවා ගැනීමට සිතා මා පය ඉක්මන් කලෙමි ...........

🦁 චාන්ගා ඔයා මෙතනද ? මං හැමතැනම හෙව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 චාන්ගා ඔයා මෙතනද ? මං හැමතැනම හෙව්වා.........

🐰 ආහ් බෝදි ........ මං Jeff එක්ක ටිකක් කතා කරන්න ආවා..... මෙයා එක්ක ඉද්දි වෙලාව යනවා තේරුනෙත් නෑ...... වැඩේම හිනාවෙන එකනේ 🤗😊

" ඇයි මූ කාඩ් පැක් එකේ joker ද? මොනවාද දන්නෑ එච්චර හිනාවෙන්න කිව්වේ.... දැන් එතකොට මාත් එක්ක ඉද්දී වෙලාව යනවා දැනෙනවද බනී... ඇයි මං හිනාවෙන්න දේවල් කියන්නේ නැද්ද ? 😏"

Doctor Crush Where stories live. Discover now