🩺 Doctor Crush - 26 🩺

660 159 102
                                    


චාන් සහ මා එකිනෙකාට සමීප නොවෙමින් කාර්‍යබහුල දින කිහිපයක්ම ගෙවී ගියේ වෙනදාට වඩා රෝහල කාර්‍යබහුල වී රෝගීන් ප්‍රමාණය වැඩි වී තිබූ නිසායි....

ළමා රෝගින් කිහිප දෙනෙකුද මෑතක සිට වැඩිපුර වාර්තා වූ නිසා චාන්ව රෝහල් පරිසරයෙන් පිටතට ගැනීම තරමක් අපහසු කාර්‍යක් විය... ළමා රෝගින්ට ඔහු ඔහුගේම දරුවන්ට මෙන් ආදරයෙන් සලකන අතර සුවවී රෝහලෙන් පිටව යනතුරුම පියෙකු මෙන් ඔවුන් අසලින්ම රැදෙන්නට ඔහු වග බලා ගත්තේය ...

 ළමා රෝගින්ට ඔහු ඔහුගේම දරුවන්ට මෙන් ආදරයෙන් සලකන අතර සුවවී රෝහලෙන් පිටව යනතුරුම පියෙකු මෙන් ඔවුන් අසලින්ම රැදෙන්නට ඔහු වග බලා ගත්තේය

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

මා හැකි සෑමවිටම ඔහුගේ රාජකාරි කාලය තුලම  මගේ රාජකාරි කාලයත් යොදා ගැනීමට උත්සුක වූයේ එලෙසින් හෝ ඔහු අසලින්ම රැදීමට අවශ්‍ය වූ නිසාය ..  ඔහු දිනක්ම නිවසට නොපැමිණෙන අවස්ථා වල වුවද මා සිත සනසා ගත්තේ දිනක් ඔහුට වූ පොරොන්දුවක් සෑමවිටම සිත් පත්ලෙම තැන්පත් කර ගනිමිනි ...

මතකාවර්ජනය 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

🐰 බබා මට දෙයක් පොරොන්දු වෙනවද ?

🦁 මොකක්ද චාන්ගා ?

🐰 මං ඔයාට ආදරේ කරන තරමටම මගේ රස්සාවටත් ආදරෙයි ... ඔයා මට ජීවිතේ සතුට ගෙනත් දුන්නා වගේ මේ රස්සාව තමයි මට ලස්සන ජිවීතයක්, ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ගෙනත් දුන්නේ... ඉතිම් මැණික මට කවදාවත් රස්සාව නිසා ඔයාවවත්, ඔයා නිසා රස්සාවත් අත් හරින්න බෑ... මොකද මගේ ජිවිතේ මං කැමතිම දේවල් තමයි ඒ.... ඉතින් මට පොරොන්දු වෙන්න බෝදි මගේ රස්සාව නිසා කවදාවත් ඔයා මාව දාලා යන්නේ නෑ කියලා....

🦁 ආයේ කවදාවත්ම ඔයා Busy නිසා මං ඔයා එක්ක තරහා වෙන්නේ වත් නෑ චාන්ගා ,  Promise ....

🐰 Thank You බෝදි මාව තේරුම් ගන්නවට..... ආදරෙයි මගේ මැණිකට පණටත් වඩා... 😘😘😘😘😘

Doctor Crush Kde žijí příběhy. Začni objevovat