🩺 Doctor Crush - 25 🩺

704 164 35
                                    


ශීත කාලය ගෙවී යමින් පැවති නිසා වෙනදා මෙන්ම හිරු පායන්නට පටන් ගෙන තිබුණි ... සූර්ය ආලෝක ධාරාවන් ජනෙල් කවුළු අතරින්  මුහුණට පතිත වුවත් මා තවත් චාන්ගේ තුරුලට ගුලිවී නිදන්නට වූයේමි...

ශරීරයේ පහළ කොටස නොදැනෙන තරමටම වේදනාවක් ඇති වුවත් ගතවූ රාත්‍රිය පිලිබඳව මට තිබුණේ වචනයෙන් විස්තර කල නොහැකි තරම් සතුටකි .. සියල්ල මා බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් චාන් සැලසුම් කර තිබුණේ ඔහු එවැන්නක් සිදු කරාවි යැයි සිහිනයකින්වත් නොසිතූ නිමේෂයකයි....

රාත්‍රියේදී සිදුවු සියල්ල යලි මතකයට නැගෙන  විට ලැජ්ජාවෙන් මා රතු වූ අතර චාන්ගේ නිරුවත් පිට තදින් බදාගෙන මා ඔහුගේ පපුවේ උණුසුමට හිස හොවා ගත්තෙමි ...

🐰 බෝදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 බෝදි .....

චාන් මට අමතන හඩ ඇසුනත් ඔහුට මුහුණ දෙන්නේ කෙසේදැයි නොදත් මා එය නෑසුනාක් මෙන් දෑස් තදින් වසා සිටියෙමි......

🐰 ඇයි මේ උදෙන්ම Strawberry ගෙඩියක් වගේ වෙලා ආහ්..... 😋😋

චාන් මාගේ හිස අතගාමින් ඇසූවේය... මා කිසිත් නොකියාම නිහඩවම සිටියෙමි ..

🐰 කීය වෙනකම් ඔයා බොරුවට නිදි වගේ ඉන්නද හදන්නේ මැණික ...

මා පෙරලාගෙන මගේ ඇග මතට ආ චාන් දෑස් මත හාදු තවරා නිකටින් අල්ලා ගෙන මා මුහුණට බරවිය.. කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ සෑම චලනයක්ම ඉතා හොදින් අදුරන මා ඉක්මනින් දෑස් විවර කලේ ඔහුගේ දගකාරකම් තවත් දුර යන්නට පෙරයි ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Doctor Crush Where stories live. Discover now