🩺 Doctor Crush - 41🩺

539 150 63
                                    


ඝන අන්ධකාරය දසත රජයමින්, චණ්ඩ සුලං හඩින් පරිසරයම පිරී තිබුණි... අහසේ එක් තරු කැටයක්වත්, සදෙහි ඡායාවක් වත් පෙන්නන්නට නොවූයේ කළු වැහි වලාකුළුවලින් අහස ගිල ගෙන තිබූ නිසාය... උද්‍යානයේ පිහිටි බල්බ් වලින් පමණක් ගෙමිදුල ආලෝකමත් වී තිබුණත්  වෙනදාට වඩා මූසල ස්වභාවයක් ඒ අවටින් දිස්විය....

යීබෝව ඉහල මාලයේ තනිකර මිදුලට ආ චාන් උද්‍යානයේ කෙලවර බංකුවක වාඩී වී ඇමතුමට ප්‍රතිචාර දැක්විය...

🐰 Hello Uncle Xichen ....

🔷 චාන් ඔයා Busy ද පුතා ...

🐰 ආහ් නෑ ... මං මේ ගෙදර ඉන්නේ... Phone එක Silent දාලා තිබුණේ ...

🔷 ඒක මිසක් මං බැලුවා පුතා මගේ Calls ignore කරනවා වත්ද කියලා ....

🐰 අනේ නෑ uncle .....

🔷 මගේ බෝනික්කි ආවා නේද ? කෝ දැන් එයා ? පරිස්සමෙන් ඉන්නවා නේද ?

🐰 සින්ඩි කලින්ම නිදාගත්තා .... මහන්සි ඇති....

🔷 මං එක්කන් යන්නම් කියද්දිත් ඔය තනියම ආවේ..... එයාට ඔය වගේ තැන් පුරුදු නෑනේ චාන් ... සැපට හැදුන ලමයනේ.... මං නම් ආස නෑ එයාව එවන්න, කොහෙද එයාගේ දැන් ඔයාට තියෙන ආදරේ ඔක්කොටම වඩා ලොකුයි නේ.. මේ Marriage එකත් ඉක්මනට කරමු කියලා හරි කරදරේ....

🐰 හ්ම්ම්ම්...

🔷 ඒක නෙවෙයි පුතා, ඔයා අර Advertisement එකට ඉන්න කැමති නේ... ඔයා Doctor කෙනෙක් වගේම දැන් රටේම අය දන්න ගායකයෙක් නිසා ඔයා ඒ Add එකට හිටියොත් ඒ Product එක හොදට
Market වෙයි.....

🐰 Uncle මං ඒකට කැමති නෑ කියලා කිව්වනේ.... මට බෑ මිනිස්සුන්ට බොරු කියන්න ... ඔයා හොදටම දන්නවා ඒවා අවුරුදු තුනකට වඩා ගත්තම Heart muscles paralyze වෙන්න පුලුවන් වගේම Cancer හැදෙන්න පුලුවන් කියලා ... අපි කොහොමද දැන දැනත් මිනිස්සුන්ට වස විස විකුණන්නේ ?

🔷 චාන් මේවා අපි කන්නේ නෑනේ ... කලබල වෙන්න එපා... අඩු ගානට රසට තියෙන නිසානේ මිනිස්සු ඒ Instant Noodles එක ගන්නේ... අපි කාටවත් බලෙන් ගන්න කියන්නේ නෑනේ ... So don't worry about it....

🐰 ඒත්...

🔷 ඒත් මේත් නෙවෙයි චාන් ... මං මේ අලුත් Product එකත් market එකට දානවා.. ඔයා ආවේ නැත්තම් ඔයාට වඩා Super star කෙනෙක්ව දාලා හරි මං මේ වැඩේ කරනවා... මේවා කවදාහරි ඔයාලටමයි නේ .... ඇයි ඔයා මේවට උනන්දු වෙන්නේ නැත්තේ දරුවෝ...

Doctor Crush Where stories live. Discover now