🩺 Doctor Crush - 43 🩺

533 141 72
                                    


රාත්‍රි ආහාරයෙන් පසු යීබෝ සහ චාන් දෙදෙනාම සයනයට ආවේ දවසේම තිබූ කායික මහන්සිය මෙන්ම මානසික මහන්සියද මගහරවා ගැනීමට සුව නින්දක් බලාපොරොත්තුවෙනි... චාන්ගේ තුරුලට වී තුවාල වූ අත සිඹිමින් සිටි යීබෝට ඉක්මනින්ම නින්ද ගිය අතර භාගේට ආවරණය වී තිබූ ඔහුගේ  ඇග සම්පූර්ණයෙන්ම වසා දමා යීබෝව තම තුරුලට ගත් චාන් නලලත වැටී තිබුණු කෙස් එහා මෙහා කරමින් නළලත මත සිහින් හාදු තැවරූවේය...

" මගේ පණ, ඔයාව දකිද්දී මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා බෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මගේ පණ, ඔයාව දකිද්දී මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා බෝ... මේ හිනාව, නිදන් ඉද්දී හීනෙනුත් හිනාවෙන ඒත් පිටට  ආඩම්බර මේ පෙනුම තමයි බබා මට අවුරුදු 30 කට සතුට ගෙනාපු එකම දේ...

දැන් ඒ සතුට මගෙන් ඈත් කරන්න මං හිත හදාගන්නේ කොහොමද බෝදි .....එයාලා කියපු ගමන් මං ඔයාව අතෑරලා දාලා යන්නේ කොහොමද මැණික... ඔයාව මගෙන් ඈත් කරන්න එයාලා කවුද බෝදි .... ඇයි මේ දේවල් මටම වෙන්නේ?මං කැමති දෙයක් මං ලගින් තියාගන්න මට ඉඩක් ලැබෙන්නේ නැත්තේ ඇයි...

මේ මූණ දැක්ක පලවෙනි දවසේමයි මං ජීවත් වෙනවා නම් ඒ ඔයා එක්ක විතරයි කියලා තීරණය කලේ .... ඒත් අද, මං ඒ දැකපු හැම හීනයක්ම විනාශ  වෙලා ගිහින් ... ඔයත් එක්ක ඉන්න ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් දෙකයි කියලා හිතෙන හැමවෙලේම මට ඕනි මේ  කාලය ගෙවෙන එක නතර කරලා දාන්න .... 🥺🥺

මට සමාවෙන්න මැණික, මං ඔයාට දේවල් හංගනවා නෙවෙයි ... සමහර දේවල් රහස් විදිහට තියෙන තරමට ඔයාගේ ජීවිතේ හොදින් තියේවි... මේ හැමදේම වෙන්නේ සින්ඩිගෙයි මාමාගෙයි වුවමනාවට කියලා ඔයා දැනගත්තොත් එයාලා කොච්චර නරක අය වුනත් ඔයා එයාලා එක්ක හැප්පෙන්න යනවා කියලා මං දන්නවා... මොකද ඔයා මගේ සිංහ පැටියනේ... "

Doctor Crush Where stories live. Discover now