🩺 Doctor Crush - 50 🩺

671 151 89
                                    

රෝහලේ සේවය නිමා කර චාන් නිවසට යන්නට සූදානම් විය.... වාහනය මුහුදුබඩ මාර්ගයේ තරමක් ඉදිරියට ඇදී යමින් තිබුණි .... මාර්ගය දෙපස ගස් වෙත වරින් වර අවධානය යොමු කරමින් ආ චාන්ගේ නෙත ගැටුනේ චෙරි ගසක් යට තුරුල් වී සිප වැලද ගන්නා පෙම්වතුන් යුවලකි...

මහ මාර්ගයක වුවත් වෙන කිසිවෙකුත් නැත්තාක් සේ ඔහුගේම ලොවක පෙම් සුව විදින පෙම්වතාත්, ඒ මේ අත ඇඹරෙමින් ඔහුගේ ස්පර්ශයන් දරාගන්නට අසීරු උත්සාහයක යෙදෙන පෙම්වතියත් චාන්ගේ මතකයට ගෙන ආවේ ඔහු හා යීබෝවයි

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

මහ මාර්ගයක වුවත් වෙන කිසිවෙකුත් නැත්තාක් සේ ඔහුගේම ලොවක පෙම් සුව විදින පෙම්වතාත්, ඒ මේ අත ඇඹරෙමින් ඔහුගේ ස්පර්ශයන් දරාගන්නට අසීරු උත්සාහයක යෙදෙන පෙම්වතියත් චාන්ගේ මතකයට ගෙන ආවේ ඔහු හා යීබෝවයි... කරන, කියන, දකින සෑමතැනකම අදටත් යීබෝවම මතක් වෙද්දී චාන් අපහසුවෙන් වුවත් ඔහුගේ සිතුවිලි වලට අගුල් දමා සිත් පත්ලේම සිරකර ගන්නට අපමණ වෙහෙසක යෙදුණි... පෙම්වතුන් යුවල පසුකර වාහනය  ඉදිරියට ඇදුන මුත් ඒ දුටු දර්ශනයත්, පෙර මතකයන් යලි සිහිවීමත්  නිසා චාන්ගේ සිත දුකින් බරවී තිබුණි...

වාහනය පසෙකින් නතර කෙරූ ඔහු මුහුදු වෙරළ දෙසට ඇවිද ගොස් සෙවන ඇති තැනකින් වැල්ලේ වාඩි වුනේය....

දහවල් කාලයේ පටන්ම චාන්ගේ සිතට වද දුන්නේ උදෑසන යීබෝගේ හැසිරීමයි... යීබෝ ඔහු හා සිටි අනිත් පුද්ගලයාට ආදරයෙන් සැලකූ අයුරු, ඔහු හා සිනාසුන කතාකල අයුරු චාන්ගේ දෑස් ඉදිරියේ මැවී මැවී පෙනෙන්නට වූයේ බිදුනු සිත තවත් රිදවමිනි...

චාන් යීබෝව අතින් අත් හැරියත් තවමත් සිතින් තදින් අල්ලාගෙන සිටියේය... මෙතරම් ඉක්මනින් යීබෝ වෙනෙකෙකු හා සම්බන්ධයක් පටන් ගනිවීයැයි චාන් සිහිනෙකින් වුවද සිතුවේ නැත.... යීබෝ කිසිවෙකුට නිකරුණේ ළං නොවන බවත්, අවම වශයෙන් ඔහුගේ සිනාවක් හෝ අනවශ්‍ය පරිදි අනවශ්‍ය කෙනෙක් වෙනුවෙන් නාස්ති නොකරන බව අත්දැකීමෙන්ම හොදින් දන්නා චාන් ඔහු යීබෝගේ ජීවිතයේ වැදගත් අයෙක් බවට තවදුරටත් සොයා බැලීමකින් තොරවම  නිගමනයකට එලඹුනේය....

Doctor Crush Dove le storie prendono vita. Scoprilo ora