🩺 Doctor Crush - 29 🩺

608 157 50
                                    


ශීත ඍතුව නිමා වී වසන්තය පිලිගැනීමට පරිසරය සූදානම් වෙමින් පැවතියේය ... මේ ජනවාරි මාසයේ අවසන් දිනයයි..  ගෙවී යන දහවල් වරුව මද උණුසුම් කාලගුණයක් සහිත විය...

චාන් සහ මා මෝටර් රථයේ නිවසට යමින් සිටි අතර පෙරදින රාත්‍රියෙත් අද උදෑසන කාලයෙත් එකදිගට සේවයේ නිරත වූ ඔහු නිවසට යන අතරතුරත් ආසනයට ඇලවී නින්දේ පසුවිය... සුලගේ දගකරන කෙහෙරැලි කිහිපයක් වරින් වර ඔහුගේ මුහුණට පතිත වන අතර මා ඒවාද අතින් එහාට කලේ මුහුණට හිරු එලිය නොවැටෙන පරිදි හිරු ආවරණයද යෙදීමෙන් අනතුරුවයි ..

චාන් නිදාසිටින විට අන් කවර තැනකදීටත් වඩා හුරුබුහුටි පියකරු පෙනුමක් ඇත

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

චාන් නිදාසිටින විට අන් කවර තැනකදීටත් වඩා හුරුබුහුටි පියකරු පෙනුමක් ඇත.. ඔහුගේ මුහුණ දෙස වරින් වර බලාසිටි මගේ නෙත් නතර වන්නේම ඔහුගේ දෙතොල් අසල පිහිටි උපන් ලපය අසලයි..වාහනය පසෙකට කර නැවැත්වූ මා මද වෙලාවක් ඒ මුහුණ දෙස බලා සිටියෙමි ..

ඇත්තෙන්ම භාවනාවකට සමවැදුණු අයෙකුගේ සිත නිවෙන අයුරින්ම චාන් දෙස බලාසිටි මාගේද සිත සැහැල්ලු විය.. ඔහුගේ සිනිදු කම්මුල් මත අතැගිලි ගෙන ගිය මගේ අත අවසානයේ නතර වූයේ ඔහුගේ දෙතොල් අභියසයි... දෙතොලට පහළින් පිහිටි ඒ කාලවර්ණ උපන් ලපය මත මහපටගිල්ල එහා මෙහා ගෙන ගිය එයින් ඈත්වී ඒ මත සිපුමක් තැබුවේ ඔහුට දැනුනු ආදරය උපරිමය ඒ හාදුවේ සටහන් තබමිනි..

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
Doctor Crush Kde žijí příběhy. Začni objevovat