🩺 Doctor Crush - 01 🩺

3.7K 285 33
                                    

මේ සරත් සෘතුව ගෙවී යමින් පැවතුණ කාලයකි..  දහවල් කාලය රාත්‍රි කාලයට වඩා කෙටි වූ නිසා පරිසරය අදුරු සීතල ස්වභාවයක් ගත්තේය...  මදක් දහවල් වන තුරුම මා Shanghai වලින් පිටත් වීමට අදිමදි කලෙමි... පැවති ශීත කාලගුණයත් මාගේ කම්මැලිකමටම ඉතසිතින්ම සහයෝගය දැක්වූ අතර උදෑසන 10 වන තුරු නිදාගත් මා Shanghai වලින් පිටත් වූයේ මාගේ අලුත් නවාතැන වෙත පිටත්ව යාමටයි...

නගර සීමාවෙන් නික්මී වාහනය මදක් ඇතුලට එත්ම දැකගත හැකි වූ සුන්දර දර්ශනයන් වලින් මගේ සිත පිරී ගියේය ...

කහ පාට, තැඹ්ලි පාට, රතු පාට ශාක පත්‍රයන් පාර පුරා වැටී වෙනස්ම ආකාරයේ සිතුවමක් මවන්නට විය.. මා පසු කර ගිය සමහර තැන් වල නතර වෙන්නට සිත කීවත් මා දැනටමත් ප්‍රමාද වී සිටි නිසා හැකි ඉක්මනින් මාව ගමනාත්තයට ගෙන යන ලෙස මා රියදුරුට දැන්වූවෙමි...

වාහනයේ ජනෙල් කවුලු තුලින් පිටත බලාගෙන අවට සුන්දරත්වය විදිමින් ගමන් කල මා හට කොයි මොහොතේ නින්ද ගියාදැයි මා නොදනිමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාහනයේ ජනෙල් කවුලු තුලින් පිටත බලාගෙන අවට සුන්දරත්වය විදිමින් ගමන් කල මා හට කොයි මොහොතේ නින්ද ගියාදැයි මා නොදනිමි ...

👲 සර් අපි තැනට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👲 සර් අපි තැනට ආවා...

මෙතෙක් වේලාවක් නින්දේ පසු වූ මා අවදි වූයේ මාගේ රියදුරුගේ කටහඩිනි.....

පැය පහක පමණ ගමනකින් පසු මා චීනයේ Guangdong ප්‍රාන්තයේ Zhuhai නගරය වෙත ලගා වුනෙමි .... මේ මාගේ අලුත් නවාතැනයි... වෛද්‍යවරයෙකු ලෙස මාගේ පලමු පත්වීම සුන්දර Zhuhai නගරයේ " We Care " පුද්ගලික රෝහලටයි ...

Doctor Crush Where stories live. Discover now