මාස හයකට පසූ... 🌍🌎🌏
මේ ගෙවී යමින් පැවතුනේ ගිම්හාන ඍතුවේ අග භාගයයි.... කෙටි රාත්‍රින් සහ දිගු දහවල් කාලයන් සහිත මෙම ඍතුවේ වෙනදාට වඩා කලින් හිරු පායා ඒම විශේෂත්වයකි.... උදා හිරු රැස් පොළෝ තලය සිප ගනිමින් පරිසරය උණුසුම් කරන්නට පටන් ගෙන තිබුණි.... වසා තිබූ ජනෙල් කවුළු අතරිනුත් හිරු රැස් දහරාවන් කාමරයට පතිත වූයේ සුව නින්ද නිමා කරන්නට සංඥා කරමින්ය.....
හිරු රැස් දහරා මුහුණ මත පතිත වූවාට චාන්ට නම් එහි වගේ වගක් නොවීය... සුපුරුදු පරිදිම මාගේ අතක් මත නිදසිටි ඔහු හිරු කිරණින් බේරීමට ඔහුගේ හිස තව තවත් මගේ ගෙල අසල සගවා ගත්තේ ඔහුගේ චලනයන් නිසා උදෑසනම ඇතිවූ සියුම් කිතියෙන් ඇග පුරාම හිරියක් ගමන් කරනා විටයි.....
🦁 ම්ම්ම් චාන්ගා නැගිටින්නකෝ සුදූ .....
වෙනදා ලෙසම බටර් පිගානක් අතට ගත් මා එයින් ටිකින් ටික චාන් මත තවරන්නට ආරම්භ කලේ තව පැයක් ඇතුලත හෝ ඔහුව අවදි කර ගැනීමට අදිටන් කරගෙනය ....
🦁 චාන්ගා කෝ ඉතින් ..... නැගිටින්නකෝ අනේහ් ..
සෙමින් ඔහුගේ හිසකෙස් අතරින් අත් රැගෙන යමින් මා පැවසූවෙමි......
🐰 ම්ම්ම්ම්ම්ම්හු ඉන්න දෙන්නකෝ බෝදීහ් ..........
තව තවත් මා තුරුලට ලංවූ ඔහු දෙතොල් මා ගෙල මතින් තබා ගත්තේය.... දැන් ඔහු මවගෙන් කිරි උරාබොන කුඩා දරුවෙකු මෙන් මගේ උගුරු ඇටය ඔහුගේ දෙතොල් අතර අතුරුදන් කරමින් සිටියේය ..
🦁 බනී....හ්..... මං හැමදාම කියනවා උදේ පාන්දර ඔහොම කරලා මාව අවුස්සන්න එපා කියලා ...
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction