🩺 Doctor Crush - 54 🩺

587 148 59
                                    


චාන්ව නවතා ගැනීමට නොහැකි වේයැයි බියෙන් මා තවත් වේගයෙන් වාහනය ධාවනය කලෙමි.. බස් නැවතුම පසු කරගෙන යන්නට මොහොතක් තිබියදී ඔහු අදුරු මාර්ගය දිගේ ගමන් බෑගයත් රැගෙන ඉදිරියට එනු මා දුටුවෙමි ...

 වාහනය පාර අයිනේ නතර කර දිව ගිය මා උසේන් බෝල්ටත් වඩා වේගයෙන් දිව ගොස් ඔහුව පසුපසින් වැලදගත්තේ මෙතෙක් වෙලාවක් තනිව සිර කරගත් හැගීම් පාලනයකින් තොරවම දෙනෙත් දිගේ ගලා හැලෙන විටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාහනය පාර අයිනේ නතර කර දිව ගිය මා උසේන් බෝල්ටත් වඩා වේගයෙන් දිව ගොස් ඔහුව පසුපසින් වැලදගත්තේ මෙතෙක් වෙලාවක් තනිව සිර කරගත් හැගීම් පාලනයකින් තොරවම දෙනෙත් දිගේ ගලා හැලෙන විටයි...

🦁 චාන්ගා .......

🐰 බෝදි ....

විමතියෙන් මෙන් මා වෙත හැරුණු ඔහු මා උරහිස් වලින් තදින් අල්ලාගත්තේය ... නමුත් කිසිවක් පැවසීමට තරම් හොද මානසිකත්වයක නොසිටි මා කලේ ඔහුගේ පපුවට තුරුල් වී  දිගින් දිගටම  ඇඩීම පමණි...

🐰 අනේ බෝදි ඇයි මේ ... කියලා අඩන්නකෝ බබා.. මොකද වුනේ... කියන්නකෝ පැටියෝ... කවුරුහරි ඔයාට මුකුත් කලාද? ඔයා වැටුනද ? තුවාල වුනාද? නැත්තම් මොකකට හරි බය වුනාද?  අඩන එක නවත්තලාකියලා ඉන්නකෝ බබා.... 🥺🥺 ඔයා ඔහොම කතා නොකර ඉද්දී මට බය හිතෙනවානේ.. බෝදි අනේ ...  කෝ මේ බලන්න ..

චාන් දිගින් දිගටම එකම පැනය විමසූවත් දිය යුතු පිලිතුරක් මා නොදනිමි... කිවයුතු දේ බොහෝය.. ඇසිය යුතු ප්‍රශ්නද බොහෝය.. ඔහු කෙරෙහි අනුකම්පාවක් මෙන්ම තරහක්ද මා සිත තුල විය..

නමුත් කොහෙන් පටන් ගන්නද කියා මටම තේරුමක් නොවීය... මා තරමක් දුරට සන්සුන් වනතුරුම කිසිත් නොපවසා ඔහුට  තුරුල් වී සිටිමට මා අවසානයේ තීරණය කලෙමි.

හිසත්, පිටත්, මුහුණත්, ගෙලත් දිගේ ඔහුගේ දිගු අතැගිලි කලකට පසූ රටාවකට මෙන් මා උණුසුම් කරමින් සියුම් ස්පර්ශයන්ගේ ආශ්වාදය මවෙත ගෙනෙමින් තිබුණි... ඔහුගේ උණුසුම් හුස්ම මා මුවමත පතිත වෙමින් තිබුණේ තව තවත් තදින් මා ඔහු වෙතම ආකර්ෂණය වන මොහොතකදීයි... දුකින් සිටියත් ඒ ස්පර්ශයන් ගෙන ආ මිහිරියාව මා වෙනමම ලෝකයකට රැගෙන යාමට සමත් විය....

Doctor Crush Where stories live. Discover now