................. දින දෙකකට පසු .................🧔 I'm Sorry Sir, ඒත් ඔයාට ඇතුලට යන්න දෙන්න බෑ... මෙයාව බලන්න කාටවත් යන්න දෙන්න එපා කිව්වා.. මෙයාගේ අයියා මේ ලගට ගියේ.... සර්ට ඔච්චරම ඕනි නම් එයාලා ආවම ඇතුලට යන්න....
🐰 මට විනාඩි දෙකක් දෙන්න... මං එයාව ඉක්මනට බලලා එන්නම් ...
🧔 ප්ලීස් සර් තේරුම් ගන්න... එයාලා මේ Hospital එකේ අයිතිකාරයෝ... මගේ රස්සාවත් නැති කරන්න එපා ...
🐰 විනාඩි දෙකයි මනුස්සයෝ කෝ එහාට වෙනවා... මං මේ Patient ගේ Cardiologist .... තමුසේ මට ඇතුලට යන්න දෙන්නේ නැතුව මේ patient ට මොනවාහරි වුනොත් තමුසෙව අස් නොකර මල් මාලයක් දාලා පිලිගයි කියලද හිතන් ඉන්නේ...
විනාඩියක පමණ නිහැඩියාවකින් පසුව දොර අසල සිටි යීබෝගේ බොඩිගාඩ් ඔහුට ඇතුලට යාමට ඉඩ දුන්නේය.....
🧔 හරි සර් එහෙනම් යන්නකෝ...
දින දෙකක් පුරාවටම යීබෝ අසලින් කවුරුත් නැති මොහොතක් ලැබෙන තුරු බලා සිටි චාන් යීබෝ රැදි සිටි රෝහල් කාමරය වෙත ගියේ ඉස්තාලයෙන් පැන ආ අශ්වයෙක් මෙනි...
රෝහල් ඇදේ උඩුබැලි අතට නිදාසිටි යීබෝව දුටු චාන් දිව ගොස් ඔහුව වැලදගත්තේය... එක් අතකට කැනියුලාවක් සම්බන්ධ කර තිබූ අතර එයින් ඔහුට රුධිරය සපයමින් තිබුණි ... සුදුමැලි වී ගිය දෑත් දෙපා මෙන්ම මුහුණත් චාන්ට ගෙන ආවේ දරාගත නොහැකි තරම් වූ දුකකි...
පෙරදා සිනාවන් පිරී තිබූ ඒ සුන්දර ලවන් අද වියලි දම් පැහැ වී තිබුණි... දිලිසෙන දෙනෙත් වසා සිටියත් යීබෝගේ මුහුණේ තිබූ හැගීම් වටහා ගැනීමට චාන්ට වැඩි කාලයක් ගත නොවීය ...
ඉක්මනින් පෙති තැලී යන මලක් ස්පර්ශ කරන්නාක් මෙන් සියුම්ව චාන් යීබෝගේ මුහුණ අල්ලන්නට පටන් ගත්තේ වෙව්ලන ඇගිලි තුඩු වලිනි... මේ සියල්ලටම හේතුව ඔහු බව දැනෙන විට, තමන් පණ මෙන් ආදරය කල ඔහුට අද මෙලෙසින් දෑස් විවර කර ගැනීමටවත් සිහියක් නැත්තේ තමන්ගේම අමන හැසිරීම නිසා බව දැනෙන විට චාන්ට එකවර පිහිතුඩු දාහක් හදවත පසාරු කරනවාක් මෙන් වේදනාවක් දැනුණි....
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction