ශීත කාලයේ නිමාවට ආසන්න වී තිබූ නිසා දැන් පෙර පරිදි අධික හිම පතනයක් හා අධික සීතලක් නොමැති අතර මේ දිනවල තරමක් සෞම්‍ය කාලගුණයක් පැවතුණි... තවත් අලුත් දිනයකට හිරු පායා තිබූ අතර මා දෑස් විවර කලේ නැවුම් වාතාශ්‍රයක් ජනෙල් කවුළු අතරින් විත් මා ගත දැවටී ගෙන එන සුවදායක පහසින්ය ...මා උදැසන අවදි වන විටත් චාන් මා අසලින්ම නිදා සිටි අතර වෙනදා මෙන් ඔහුගේ මුහුණ සිප ගැනීමට මට අවැසි වුවත් පෙරදින රාත්‍රිය මතක් වූ නිසා මා පාඩුවේ ඇදෙන් බැස ගියෙමි ...
මුහුණ සෝදා ලෑස්ති වී මා රෝහලට යාමට අවශ්‍ය සියල්ල සකසා කාමරයෙන් පිටව යන්නට සැරසෙනවාත් සමගම චාන් අවදි විය...
🐰 බෝදි ඔයා කොහෙද යන්නේ....
නිදිමතේම දෑස් පොඩි කරමින් චාන් ඇසූ අතර මා එය ගණනකට නොගෙන ඇදේ වාඩි වී ලිහි තිබූ සපත්තු ලේස් ගැට ගසන්නට පටන් ගත්තෙමි .....
🐰 අද ඔයා කීය වෙනකන් Hospital එකේ ඉන්නවද බෝ ...
🐰 බෝදි අද ඔයාට නොයා ඉන්න බැරිද ම්ම්ම් ?
සිතේ පැවතුණ දුක සහ තරහ නිසාම මා ඔහු කියන කිසිම දෙයක් ගණනකට නොගෙන සිටියෙමි... මා පිලිතුරු නොදුන් නිසා ඇදේ හාන්සි වී සිටි චාන් නැගිට ඇද මතින් වාඩි වී තත්පර කිහිපයක් මා දෙසම බලා සිටියේය ...
🐰 බෝදි ... ඇයි අනේ කන් ඇහෙන්නේ නැද්ද? මං දැන් කොච්චර කතා කලාද ?
මා ඉනවටා අත් යවා මට තුරුල් වන්නට සදනවාත් සමගම මා ඇදෙන් නැගිට ඉවත්ව ගියෙමි ...
🐰 බෝබෝ මොකද ඔයාට වෙලා තියෙන්නේ ? අද ගෙදර ඉන්නකෝ බබා ....
ඇදෙන් බැස මා වෙත පැමිණි ඔහු හිස මා උරහිස මත රදවා ගත්තේය ...
YOU ARE READING
Doctor Crush
Fanfictionගිලන් හදවත් සුවපත් කරන ගිලන් නොවූ දෙහදක කතාවක් 💚❤️ Zhanyi Fan Fiction