🩺 Doctor Crush -34 🩺

658 158 35
                                    


ගතට මෙන්ම සිතටද වෙහෙසකාරී දිනයක් අවසානයේ අලුත් දිනකට හිරු උදාවෙමින් පැවතුණි .... Shanghai වල තිබෙන ඝෝෂාකාරී පරිසරය මා සුව නින්දට බාධා කල නිසා අඩ නින්දෙන්ම චාන්ට තුරුල් වීමට සිතා බාගේට පියවුණු දෑසින් මා ඔහු දෙස බැලුවෙමි ...

දැනටමත් මා ඔහුගේ උරහිසක හිස තබාගෙන සිටි අතර චාන් අවදිව මගේ හිස අතගාමින් සිටියේය ..... වෙනදාට කොපමණ කතා කලත් අවදි නොවන ඔහු අද උදෑසනින්ම මෙලෙස අවදි වී තිබීම මගේ පුදුමයට හේතු විය....

🦁 චාන්ගා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

🦁 චාන්ගා ......

ඒ උණුසුම් උර තලයෙන් හිස නොගෙනම ඔහුගේ කම්මුලක් සියුම්ව ස්පර්ශ කරමින් මා ඇසුවේ අහස පොලව ගැටලන්නට මෙන් කල්පනා කිරීමට තරම් චාන්ට තිබූ ප්‍රශ්නය  කුමක්දැයි සිතමිනි .....

🐰 මං ඔයාව ඇහැරෙව්වද මැණික ....

මාව තවත් ඔහු තුරුලට ලං කරගත් ඔහු මගේ නළල් තලයද සිප ගත්තේය....

🦁 නෑ.... මං සද්දේ නිසා ඇහැරුනේ... මොනවද චාන්ගා ඔච්චර කල්පනා කරන්නේ ....

🐰 ඇහැරන් ඉද්දි යක්ෂ පැටියෙක් වුනත් නින්ද ගියාම ඔයා කොච්චර අහිංසකද කියලා කල්පනා කලේ ... 😌😉

🦁 අනේ යන්න චාන්ගා ... බොරු කියන් නැතුව, ඔයා වෙන දෙයක් කල්පනා කලේ....

🐰 ම්ම්ම් .... මේකයි බෝදි මං ඊයේ ආවේ ගෙදරට කියන්නේ නැතුව... උදේට මං Room එකේ නෑ කියලා දැනගත්තම එයාලා මාව හොයයි.... මං යනවද නැද්ද කියලා කල්පනා කලේ....

🦁 ඔයා යන්න චාන්ගා ... නැත්තම් ඔයාට ප්‍රශ්නයක් වෙයි....

සිතකින් නොවූවත් මා එසේ පැවසූයේ චාන්ට තවත් කරදරයක් වීමට මට අවශ්‍ය නොවූ නිසයි ..

Doctor Crush Où les histoires vivent. Découvrez maintenant