🩺 Doctor Crush - 07 🩺

1K 215 57
                                    


සීත කාලය උදා වීමට තව තිබුණේ සති දෙක තුනක පමණ කෙටි කාලයකි...එයට සැරසීමට මෙන් පරිසර උෂ්ණත්වයද පහල අගයක් ගෙන තිබුණි... නමුත් Zhuhai නගරයට සාපේක්ෂව Chengdu හි උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පැවතුණි ... නින්දෙන් අවදි වීමට කම්මැලි සිතුනද අද දින අද Hike එකක් සූදානම් කර තිබූ නිසා මා අපහසුවෙන් වුවත් සෙමින් දෑස් විවර කලෙමි ...

දෑස් විවර කල මා දුටු පලමු දර්ශනය චාන්ගේ රුවයි ... මාගේ එක් අතක් උඩ ඔහුගේ හිස තබාගෙන පපුවට තුරුල් වී සිටි ඔහුගේ මුහුණ පැහැදිලිව නොපෙනුනත් හා පැටවෙකු මෙන් අහිංසකව මට තුරුල් වී සිටි ඔහු මා සිත උදෑසනම චංචල කිරීමට සමත් විය...

 මාගේ එක් අතක් උඩ ඔහුගේ හිස තබාගෙන පපුවට තුරුල් වී සිටි ඔහුගේ මුහුණ පැහැදිලිව නොපෙනුනත් හා පැටවෙකු මෙන් අහිංසකව මට තුරුල් වී සිටි ඔහු මා සිත උදෑසනම චංචල කිරීමට සමත් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අකීකරු හිසකෙස් කිහිපයක් ඔහුගේ සුන්දර මුහුණ වසාගෙන තිබූ බැවින් මා සෙමින් අතකින් ඒවා ඉවත් කලේ ඔහුගේ නින්දට බාධා නොවන පරිදිය ...  සෑම උදයකම මේ රුව දැක අවදි වීමට ඇත්නම් දිනය කෙතරම් සුන්දර වෙනු ඇත්දැයි සිතමින් මා ඔහුගේ මුහුණ දෙසම බලා සිටියේ යලිත් මෙවැනි අවස්ථාවක් උදා වෙන තුරුම මේ මොහොත මතකයේ තබා ගන්නට  අවැසි වූ නිසාය...

ඔහුගේ මුහුණේ වඩාත් මා සිත් ගත් දෙය නම් ඔහුගේ පිරිපුන් ලා රත් පැහැති දෙතොලයි... එයටම නොදැවෙනි වෙන්නට යටි තොල ආසන්නයේ පිහිටා තිබූ තද කළු පැහැති mole එකත් මා දෑස් ඉන් ඉවතට ගැනීමට නොහැකි වන සේ එයටම ඇද බැද තබා ගත්තේය ....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Doctor Crush Where stories live. Discover now