🩺 Doctor Crush - 35 🩺o

653 154 47
                                    

දිගින් දිගටම චාන් සහ මම වතුරේ සෙල්ලම් කරමින් සිටි අතර දෙපා දණහිස් වලින් ඉහලට තෙමා නොගන්නට අප ප්‍රවේශම් වූයේ දෙදෙනා සතුවම ඇද සිටි ඇදුමට අමතරව එක් ඇදුමක්වත් නොතිබූ නිසායි...

ගලායමින් තිබූ වතුරට මා පැලද සිටි අව් කණ්ණාඩිය වැටුණු අතර වාසනාවකට මෙන් එය යාබද ගලක රැදී තිබූ අයුරු මගේ දෑසට හසුවිය....... මා සිටි තැනින් අඩියක් එහාට තබා අව් කණ්ණාඩිය ගන්නට සැරෙසනවාත් සමගම පය ලිස්සී ගිය මා දිය පහරට වැටුණි....

🦁 ආ.....හ් චාන්ගා ...

🐰 බෝදී...හ්

🦁 අනේ චාන්ගා මාව උඩට ගන්නකෝ ... මාව ගිලෙයි..... 🤕🤕

පය ලිස්සා ගිය මා ගල්පර දෙක තුනකින්ම ලිස්සා පහළ වූ වතුර පහරට වැටුනේ නොසිතූ නිමේෂයකයි... මගේ වෙලාව හොද වූ නිසාම අත් පය මදක් සීරුනු අතර වෙන කිසිදු ආබාධයක් නොවුනි... පිහිනීමටත් එතරම් දක්ශයෙක් නොවූ මා වතුරේ පහරේ වේගයට පහළට ගහගෙන යාවී යැයි බියෙන් චාන්ට අඩ ගැසුවෙමි ...

🦁 චාන්ගා ඉක්මනට මේ සීතලට මාව ගල් වෙයි අනේ...

ගල් පරයක් මත වාඩි වී සපත්තුවේ තිබූ මඩ සෝදමින් සිටි චාන් මාගේ කෑගැසීම් හමුවේ තිගැස්සී කලබලයෙන් මවෙත ආවේය... පරිස්සමෙන් ලිස්සන සුළු ගල්පර මත අඩිය තබා මාවත් රැගෙන ඔහු දිය පහරෙන් ගොඩට ආවේ කන් පිරෙන්නට දේශනයක්ද ආරම්භ කරමින්ය ...

🐰 Camping ගිහින් වැටුනේ නැත්තම් ඔයාට කෑවේ නෑ වගේද බෝදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰 Camping ගිහින් වැටුනේ නැත්තම් ඔයාට කෑවේ නෑ වගේද බෝදි ...

🦁 හිතලා වැටුනේ නෑනේ මං .... 😑😑

🐰 දැන් සනීපයි නේ ... තෙත ඇදුම් පිටින්ම සීතලේ ඔහොම ඉන්න දැන් ...

🦁 අනේ.....හ්...... 😑😑

🐰 අර ගෙනාපු බෑග් එකේ පොඩි Towel එකක් ඇති... ඔලුව හොදට පිහදා ගන්න... මං ගිනි මැලයක් ගහන්න දර ටිකක් හොයාගෙන එන්නම්... මං එනකම් මෙතනින් එහාට අඩියක් වත් තියෙන්නේ නෑ හොදේ...

Doctor Crush Where stories live. Discover now