🩺 Doctor Crush - 45 🩺

537 134 58
                                    

සීත නිසසල රැයකට ආලෝකය ගෙන එමින් පූර්ණ චන්ද්‍රයා අහසේ කෙලවරක නෙක වර්ණයන්ගෙන් යුත් තරු කැට රාශියක්ද පිරිවරාගෙන ආඩම්බරයෙන් බැබලෙමින් තිබුණි .... දසතින්ම පෙන්නන්නට තිබූ අහස පුරාම තිබූ දිලි දිලි නිවෙන නෙක වර්ණ තරු කැට මේ රාත්‍රියට ගෙන ආවේ වෙනස්ම අලංකාරයකි....

සිහින් පොද වර්ෂාවක්  ආරම්භ වී පොලව තෙමී යන්නට පටන් ගත්තේ  වතුර බිංදු මහ පොලව සිපගන්නා විට හමා ආ නැවුම් සුවදින් පරිසරයම වෙලා ගනිමින්ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිහින් පොද වර්ෂාවක් ආරම්භ වී පොලව තෙමී යන්නට පටන් ගත්තේ වතුර බිංදු මහ පොලව සිපගන්නා විට හමා ආ නැවුම් සුවදින් පරිසරයම වෙලා ගනිමින්ය ...

ස්නානය කිරිමෙන් අනතුරුව මා බැල්කනියට ආවෙමි ... අද දවස තුලම සොබාදහම හා ගත කල නිසා වායු සමීකරණයේ සීතල සුලං රැලි ගෙන ආ කෘත්‍රිම බව මා සිත පිලිගැනීමට අකීකරු විය.. ... එබැවින් කාමරයෙන් පිටතට පැමිණ බැල්කනියේ අත් වැටට හේත්තු වූ මා රාත්‍රි අහසේ අලංකාරය විදිමින් සිත තුටින් පුරවා ගත්තේ ගෙවූ දිනයේ සොදුරු මතකයන්ද යළි යළිත් මෙනෙහි කරමින්ය .....

වහලය දිගේ පහළට ගලා ආ වතුර බිංදුත් එක්වරම පොලවට වැටෙන්නට නොදී මා අත්ල මත මද වෙලාවක් රදවාගෙන සිටියේ සීත රැයකට සිහින් පොද වැස්සත් එක්වූ විට ගෙන ආ වෙනස්ම ආශ්වාදය හදවතින්ම විදිමින්ය...

🐰 තරුවක් කඩාගන්නද මැණික කල්පනාව ආහ්....

සෞම්‍ය කටහඩක් මා පිටුපසින් ඇසුන අතර මා හැරි බැලීමටත් ප්‍රථම ඔහුගේ දෙතොල් මගේ නිරුවත් ගෙල පාමුල නතර විය...

🦁 තරුවක් මොකටද පිරුණු හදක්ම මට ලැබිලා තියෙද්දී... ❤️‍🔥

මා පිටුපස නොබලාම චාන්ගේ සිනිදු කම්මුල් මත මා දෑගිලි රටාවකට ගෙන ගියෙමි ... මදකින් මා සිප ගනිමින් සිටි ඔහු මාගෙන් ඈත් වී මා ඉදිරියෙන් සිට ගත්තේය....

Doctor Crush Where stories live. Discover now