61

2.1K 494 130
                                    






•~•



•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






•~•





Y/N POV:

මම ඇහැරිලා හිටියේ. ඒත් කවුරුහරි කාමරේ ඉන්නවා කියලා මට තේරුන නිසා මම ඇස් ඇරියේ නෑ. මොකද මට බය හිතුන නිසා. ඊයේ Mark මට කරදර කරන්න හදද්දි මම කලන්තෙ දාලා වැටුනා කියලා විතරයි මට මතක. මම නිදි වගේම ඇදේ හාන්සි වෙලා හිටියේ දැන් කාමරේ ඉන්නේ Mark වෙන්නැති කියලා හිතුන නිසා. මම ඇහෙරෙන්නේ නැතුව මෙහෙම හිටියොත් එයා යයි කියලා හිතලා මම නැගිටින්න නැතුවම හිටියා.

විනාඩි පහක් විතර මම එහෙම හිටියත් එක්කම මට bathroom එකේ දොර අරින සද්දයක් ඇහුනා. එයා එක ඇතුලට යන්න ඇති කියලා හිතලා මම ඇස් ඇරලා ඒ පැත්ත බැලුවා. ඔලුව උස්සලා මගේ දිහා මම බැලුවේ මට සිහි නැති වෙලා ඉද්දි Mark මට මොකක් හරි කරලා ඇතිද කියලා බලන්නයි.

ලොකු දෙයක් මම ඊයේ ඇදුම් පිටින්ම ඉන්නවා.

ඒත්, මගේ අතේ කටුවක් ගහලා තිබ්බා. මට සේලයින් දීලා. මම දැක්කා තව බඩු වගයක් මේසේ උඩ තියනවා. මම හිමීට ඇදෙ ඉදගෙන මගෙ අත දිහා බැලුවා. අතේ ගහලා තිබ්බ කට්ට සේලයින් බෝතලේට එකතු වෙලා තිබ්බේ.

"මේ මොකටද මේවා?" මම මුමුණලා කට්ට ගලවන්න හැදුවා.

"එපා එපා!! එක ගලවන්න එපා!"

ගෑණු කටහඩක් මම එක ගලවන්න කලින් මාව නැවැත්තුවා. මම ඔලුව උස්සලා ඉස්සරහ බැලුවත් එක්කම bathroom එක ඇතුලේ ඉදන් ගෑණු කෙනෙක් ආවා. එයා මගෙ ලගට දුවගෙන ඇවිල්ලා මගේ අත අල්ලගත්තා.

"මේක ගලවන්න එපා" එයා කිව්වා

"කවුද ඔයා?" මම කුතුහලයෙන් එයාගෙන් ඇහුවා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now