15

3.8K 570 47
                                    




•~•


•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



•~•


Y/N POV:

උදෑසන ඉරේ උණුසුම මගේ මූනට වදිනවාත් එක්කම මම අවදි උනා. මම හිමීට මගේ ඇස් ඇරියත් එක්කම මම වටහා ගත්‍තේ මම කාමරයක ඉන්නව කියලයි.

කාමරේ හොදට දැකලා පුරුදුයි.

මට මොකක්ද උනේ? මම කොහොමද මෙතනට ආවේ. ඊයේ මොකද්ද උනේ. මට මතක මම අන්තිමට මාව කලන්තේ දාලා බිම වැටුන එක විතරයි. ඒත් දැන් මම දැකලා පුරුදු කාමරයක. කොහොමද එහෙම වෙන්නේ?

මම දාහක් දේවල් හිත හිත ඉන්නකොට මගේ ඉනට පොඩි බරක් වගේ දෙයක් දැනුනා. මම මගේ ඔලුව ටිකක් උස්සලා බලද්දි, මගේ ඉන උඩ අතක් තියනවා දැක්කා.

කවුද මේ? මම මේ කොහෙද ඉන්නේ? කාගෙද මේ අත?

මම කලබලයෙන් නැගිටින්න ගත්තත් මගේ පිටිපස්සේ ඉදන් මාව අල්ලගෙන හිටපු එක්කෙනා මාව ඇදලා අරගෙන තවත් එයාගේ ඇගට තල්ලු කරගත්තේ මට හෙල්ලෙන්නවත් බැරි වෙන්නම.

"තව චුට්ටක් වෙලා ඉන්න"

මාව බදාගෙන හිටපු මනුස්සයා මගේ කනට ලන් වෙලා කිව්වා.ඒ කටහඩ! එක ගොරෝසුයි, ටිකක් රළුයි. ඒ වගේම හොදටම පුරුදුයි.

මම එයා කවුරුද කියලා බලන්නත් එක්ක මගේ ඇග එයාගෙ පැත්තට හරවද්දිම, ඒ කවුද කියලා දැකක්ක ගමන් මගේ හුස්ම හිරවෙලා මගේ ඇස් ලොකු උනා.

මාස්ටර්?

කොහොමද මෙහෙම වෙන්නේ? ඊයේ මෙයා මාව ගෙදරින් එලියට දැම්මනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහොමද මෙහෙම වෙන්නේ? ඊයේ මෙයා මාව ගෙදරින් එලියට දැම්මනේ. ඒත් දැන් මන් එයාගේ ගෙදර, එයාගේ කාමරේ එයත් එක්ක නිදි.

මෝඩ මාස්ටර්.

මම මාස්ටර් දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියා. එයා කිසි දෙයක් නෑ වගේ නිදාගෙන හිටියේ. අපේ මූනවල් අගලක් දුරින් ඈතට වෙලා තිබ්බේ. මගේ ඇගේ මයිල් කෙලින් වෙන්න ගත්තේ, එයාගේ උණුසුම් සුසුම්, මගේ කම්බුලට වදින්න ගත්ත නිසා.

මම හොදට එයාගේ නිදාගෙන ඉන්න මූන දිහා බලන් හිටියා. එයා ලස්සනයි. එත් නපුරු මෝඩයෙක්. මගේ ඇස් එයාගේ නහය උඩ තියන උපන් ලපයට යොමු උනත් එක්කම මම හිනා උනේ ඒක හුරතල් නිසා.

"ඔහොම මගෙ දිහා බලන්න එපා කිටන්"

ඔහු එකපාරටම ඔහුගේ ගොරෝසු කටහඩින් කිව්වා. මම හිතුවේ නිදි කියලා. නිදි නැද්ද?

"මම බලන්-"

මම මගේ වචන ඉවර කරගන්න කලින් සිනිදු තොල් දෙකක් මගේ වචන නැවැත්තුවා. එයා ඉක්මන් හාදුවක් මගේ තොල් වලට පතිත කරලා එයාගේ මූන මගේ බෙල්ලේ අස්සෙන් තියාගෙත්තේ මට මේ මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරි තත්වෙට පත්කරලා.

එයා එයාගේ ලොකු අත් වලින් මාව තදින් බදා ගත්තා. මගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා. මොකද මේ? මෙයාට ඔක්කොම අමතක වෙලාද නැත්තම් මෙයාට පිස්සුද?

මම මොකද්ද දැන් කරන්නේ. මම එයාව තල්ලු කරන්නද? නැත්තම් මෙහෙම්ම ඉන්න දෙනවද?

මාව ඊයේ ගෙදරිනුත් එලියට දැම්මා. දැන් මාව බදාගෙන නිදි. මෝඩම මෝඩ මාස්ටර්.

ඒත් මම මේ විදිහට කැමති. එයා මගේ බෙල්ල අස්සට එයාගේ ඔලුව තියාගෙන මාව කොට්ටයක් වගේ බදාගෙන ඉන්න විදිහට මම කැමති. එක හුරතල් වගේ.

මට මාව පාලනය කරගන්න බැරිම තැන මම මගේ අත් එයාගේ සිනිදු හිසකෙස් වලට යවලා ඒක හිමීට අතගාන්න ගත්තා. ඇයි මම මෙහෙම කරන්නේ කියලා මට හිතුනත්, මම එවෙලේ කිසි දෙයක් වැඩිය නොහිත එයාට පහසු වෙන්නෙ ඒක දිගටම කලා.

"අපි තව ටිකක් නිදාගමු"

මාස්ටර් මගේ බෙල්ලේ යට ඉදන් මිමිනුවත් එක්කම මම ඔලුව හිමීට වැනුවේ හා කියලා එයාට දැනුම් දෙන්න. ඒත් එක්කම අපි දෙන්නා ආයේ සිහින ලෝකෙට ගියා.

-

මෙන්න අද කොටස..

ටිකක් පොඩි නේ? සමාව

අනිත් දවසේ ටිකක් වැඩියෙන් දෙන්නම්. Vote කරලා comment කරන්න. කතාව share කරලා මට සප් එකක් දෙන්න.

~
ප්‍රශ්නයක් තිනවා අහන්න. අනිව උත්තර දෙන්න!

ඔයාව මෙහෙම ගෙදරින් එලියට දලා, පහුවෙනිදා ඔයා එයාගේ එහා පැත්තේ මේ විදිහට නිදාගෙන හිටියොත්, ඔයා එයාට මෙහෙම තුරුල් වෙලා නිදාගන්න දෙනවද නැත්තම් එලියට දැම්ම එක අහලා රණ්ඩු වෙනවද?

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now