8

4.1K 621 6
                                    

•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





•~•



කෑම හදලා ඉවර කරලා මම එයාට දැනුම්දෙන්න උඩතට්ටුවට ආයේ ගියා.

කාමර සීයක් විතර තියනවා මේ ගෙදර. මෙච්චර මොකටද ඇත්තටම? මම දැන් කොහොමද මෙයාගේ කාමරේ හොයා ගන්නේ. මට පෙන්නුවෙත් නෑ එයා. මෝඩයෙක් මහ.

මම මුලින්ම දැක්ක කාමරය ලගට ගිහිල්ලා හිමීට තට්ටු කලේ එයා ඒකේ ඇති කියලා හිතලා.

"මාස්ටර්"

ඇත්තටම මොකද්ද මේ මනුස්සයගෙ නම. මම තාම එක දන්නෙත් නෑ. මාස්ටර් මාස්ටර් කිය කිය තමා මට ඉන්න වෙන්නේ.

මට කිසි ප්‍රතිචාරයක් හම්බුනේ නැති නිසා මම ආයේ හිමීට තට්ටු කරලා ඔහුට කතා කලා.

"මාස්-"

"මොනාද ඔයා කරන්නේ කිටන්?"

හම්බෝ!

මම බය උන පාරටම ලාවට වගේ ගැස්සුනා. එකපාරටම මෙතනට ආවේ කොහොමද

"ඔහ්- අහ්.. මේ කෑම ලෑස්තී මාස්ටර්" මම කිව්වා.

ඔහු හිනා වෙලා කෑම කාමරයට යන්න පටන් ගත්තා. ඒත් අඩි දෙක තුනකින් පස්සේ ඔහු නැවතිලා, කාමරයකට එයාගේ ඇගිල්ලා දික්කරලා කිව්වා,

"අරක තමා මගේ කාමරේ"

හිහී හා. මම ලාවට හිනා වෙලා ඔලුව වැනුවා.

-

(මොහොතකට පසු)

"ඔයා කන්නේ නැද්ද?" මාස්ටර් කන ගමන් මගෙන් ඇහුවා.

"නැ ම-මට බඩගිනි නෑ" මම පිළිතුරු දුන්නා.

"ඉදගෙන කන්න. මේ දැන්ම" එයා ටිකක් සැරෙන් කිව්වා.

මම ටග්ගලා ඉදගෙන කෑම එක කාගෙන කාගෙන ගියා. මම ඇත්තටම බඩගින්නේ හිටියේ. ඒත් මාස්ටර් එක්ක එකට ඉදගෙන කන්න මට හිත දුන්නේ නැති නිසා මම කලින් බොරු කිව්වේ.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now