13

4.1K 587 4
                                    

YEAHHHHHH 1K READERS!!🎉🥺😩 THANK YOU ALL.

-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-

TAEHYUNG POV:

"යනවා යන්න මගේ ගෙදරින්!" මම ඇයගේ මූනට කෑ ගැහුවා.

එයාගේ ඇස් ලොකු වුනා මම කියපු එක ඇහිලා. එයා අඩන්න ගත්තා. එයාගේ ඇස් බයෙන් පිරිලා තිබුණේ. එයා අහිංසක පාටයි. ඒත් ඒවා ඔක්කොම බොරු. එයා ඔක්කොම කරලා තියෙන්නෙ රගපෑමක් විතරයි.

බොරු කාරි. මට පුදුම කේන්තියක් ඇති උනේ.

එයා මට මොකක් හරි කියන්න හැදුවා. ඒත් මම එයාගේ අල්ලන් හිටපු අත තවත් තදින් ඇල්ලුවා. එයාට ඒක රිදුනත් මම එක ගන්න ගන්නෙ නැතුව එයාව ගෙදරින් එලියට දාන්න හිතාගෙන ඇදගෙන ගියා.

"HYUNG, නවතින්න මොක-"

"ඇයි දැනටම එයාගේ බොරුවලට රැවටුනාද? පිස්සෙක් වෙන්නෙ නැතුව හරි ලෝකෙට එනවා Jungkook" මම ඔහුටත් කෑ ගැහුවා.

මම ඇයව ගෙදරින් එලියට ඇදලා දැම්මත් එක්කම එයා බිමට වැටුනා.

එයා එයාගේ ඒ අහිංසක මූනින් මගේ දිහා බලන්න ගත්තත් එක්කම මගේ පපුව හෝස් ගාලා ගියා. මම දන්නෙ නෑ මගෙ හිත මොකක්දෝ කියන්න ගත්තා. ඒත් මම මගේ හිත වෙනස් වෙන්න කලින් දොර වහලා දැම්මා. අන්තිමට මම දැක්කේ එයාගේ ඒ අඩන මූන විතරයි.

මම හැරිලා දොරට හේත්තු වෙලා ලොකූ හුස්මක් ගත්තා. ඇයි දන්නේ නෑ මම වැරැද්දක් කලා කියලා මට හිතුනා. මට එයා ගැන දුකක් ඇති උනා.

'නෑ නෑ Taehyung. එපා ආයේ රැවටෙන්න. එයා ඔක්කොම කලේ බොරු. බොරු කාරි' මම හිතින් හිතුවා.

මම දැක්කා Jungkook මගේ ඉස්සරහ එයාගේ ලේ ගලන අත අල්ලගෙන හිටගෙන ඉන්නවා. මම ඉක්මනට එයා ලගට ගිහිල්ලා එයාගේ අත ඇල්ලුවත් එය මගේ අත අහකට කරලා දැම්මා.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now