4

4.7K 664 24
                                    

•~•

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




•~•


මම කවදාවත් දැකලා නැති කාමරයක අවදි උනා. ඇස් හොදටම ඇරලා වටපිට බැලුවාම, සුදුපාට කාමරයක ඇදක හාන්සි වෙලා ඉන්නවා කියලා පෙනුනත් ඇද එහා පැත්තේ හිටගෙන හිටපු මනුස්සයාව දැකලා මම එකපාරටම ගැස්සුනා.

"ඔහ්... ඔයා නැගිට්ටද? ඉන්න මම doctor ට කතා කරන්නම්" එ මනුස්සයා එහෙම කියලා කාමරයෙන් එලියට ගියා.

Doctor? මම Hospital එකකද ඉන්නේ? ඒත් ඇයි!?

මම බිත්තියේ ගහලා තිබ්බ ඔරලෝසුව දිහා බැලුවාම වෙලාව තිබ්බේ 11:15 Pm. ඇයි මම මෙතන ඉන්නේ. මොකද්ද උනේ මට? එකපාරටම කාමරේ දොර ඇරගෙන කලින් කාමරේ හිටිය පිරිමි කෙනා ආවා. ඒත් Doctor කෙනෙකුත් එක්ක. Doctor මගේ ලගට ඇවිල්ලා මට කතා කලා.

"ඔයාට කොහොමද දැන්. කොහෙහරි අමාරුවක්, රිදීමක් වගේ දැනෙනවද?"

මම මුකුත් නොකියා ඔලුව දෙපැත්තට වැනුවේ, නෑ කියලා පෙන්නුම් කරන්න.

"හරි එහෙනම්. මම nurse කෙනෙක්ව එවන්නම් පස්සේ. එයා බෙහෙත් දෙයි දැනට බොන්න. මොකක්හරි අමාරුවක් නම් කියන්න" Doctor එහෙම කියලා මාවයි අර අනිත් මනුස්සයවයි කාමරේ තනි කරලා එලියට ගියා.

"අහ්ම්... හායි!! ඔයාට හොදයි නේද?" එයා දුක මුහුනකින් මගෙන් ඇහුවා.

"ඔව්. ඒ-ඒත් ඇයි මම මෙහෙ?" මම කුතුහලයකින් ඇහුවේ මට මුකුත් මතකෙට අවේ නැති නිසා.

"ඔහ්.. ඔයාට මතක නැද්ද? ඒකට කමක් නෑ. ඔයා මගේ කාර් එකට හැප්පෙන්න ගියා. වාසනාවට මම වාහනේ නැවැත්තුවා. ඒත් ඔයා කලන්තේ දලා වැටුනා. ඉතින් මම Hospital එකට එක්කන් ආවා"

එයා අහිංසක විදිහට හිනා වෙලා කිව්වත් මගේ ඇස් ලොකු වුනා එයා කියපු දෙයට. පැය කිහිපයකට කලින් මාව නැන්දා එලවපු එක, මම පාරේ අඩාගෙන දුවපු එක මට එකපාරටම මතක් වුනේ ඇස් වලින් කදුලු වක්කරගෙන.

𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡Where stories live. Discover now