💙🍁 First Love 🍁💙 ( Comple...

Bởi du-mi-001

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... Xem Thêm

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 10 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 40 🍁💙

273 37 13
Bởi du-mi-001

මට සමාවෙන්න රිතූ . මන් මහා මෝඩයෙක්. කිසිම දෙයක් තේරෙන්නේ නැති මෝඩයක්.

යුන්ගි හියුන්ග් ඇවිත් සුමී එක්ක ගියත් මන් රූම් එකෙන් එලියට ආවෙ නෑ . දවස් තුනක් ගියත් මට රූම් එකෙන් එලියට එන්න බෑ . හියුන්ග්ලට මූණ දෙන්න බෑ. ඒ නිසා මන් රූම් එකටම  වෙලා ඉදියා . ඒත් සුමී ආවම විතරක් දොර ඇරලා එයාව ඇතුලට ගත්තා . ඒත් කොහොම හරි ජින් හියුන්ග් සුමී අතේ මට කෑම බීම එවපු නිසා මට ඒවා නොකා ඉන්න බැරි උනා 😔😔😔

සුමීත් එක්ක ඉදපු මේ දවස් තුන මන් ජීවිතේ වැඩියෙන්ම ආස දවස් වලින් ටිකක්. ඒ අතරෙ පුංචි කෙල්ලගෙන් මන් ගොඩක් දේවල් දැන ගත්තා . ඒත් ඒ හැමදේකින්ම උනේ තව තවත් මගෙ හිත පෑරෙන එක. මේ අවුරුදු දෙකහමාරෙ රිතූ ගොඩක් දුක් විදලා. රිතූ එක්ක කතා කරන්න කියලා හියුන්ග්ලා ඔක්කොම කිව්වත් මට රිතූ ලගට යන්න හයියක් තිබ්බෙ නෑ . මට බෑ ඒ කෙල්ලට මූණ දෙන්න  😥 වෙලාවකට සැකයි ඒ කෙල්ල මට දුන්න ආදරේට ඇත්තටම මන් සාදාරණයක් කලාද කියලා  😥  මන් දන්නවා එයා අනිවාර්යයෙන්ම මේ හැමදේකටම මට සමාව දෙනවා කියන්න . ඒත් එයාගෙ සමාව නෙවෙයි මන් මේ කරපු දේවල් වලට දඩුමුයි මට හම්බෙන්න ඕනි .

මේ දවස් තුනේම රූම් එකෙන් එලියට අඩියක්වත් තිබ්බෙ නැති උනාට වෙන හැමදේම මන් සුමීගෙන් අහ ගත්තා . කෑම බීමත් සුමී අතේ ආපු නිසා මට රූම් එකෙන් එලියට යන්න ඕනි උනේ නෑ . ඉතින් දවසම මම රූම් එකට වෙලා සුමී එක්ක එක එක විකාර කලා. මට ඕනි උනේ මේ අවුරුදු දෙකේම දෙන්න බැරි වෙච්ච ආදරේ මගෙ පුංචි බෝනික්කිට දෙන්න. මන් දන්නවා වුකී හියුන්ග් මගෙ කෙල්ලට තාත්තගෙ අඩුව දැනෙන්න දුන්නෙ නෑ කියලා . ඒ වගේම යුන්ගි හියුන්ග් . මගෙන් වෙන්න ඕනි හැමදේම ඒ දෙන්නා  මගෙ බෝනික්කි වෙනුවෙන් උපරිමෙන්ම කරලා තිබ්බා. ඒත් ඒ දේවල් දැනගන්නකොට මට මන් ගැනම දුකයි. ඇයි ඒ දේවල් මගෙ කෙල්ල වෙනුවෙන් මට කරන්න බැරි උනේ 😥😥 ඉරිසියාවක් දුකක් කලකිරීමක් වගේ හැගීම් ගොඩක් මගෙ හිතේ සක්මන් කරනවා.

👶 දෑද්..... ඕපන් ද දෝ.... ලුමී ආවා. දෑද් දෑද් .........

බෝනික්කි දොරට ගගහා කෑ ගහන සද්දෙට මන් ඉක්මනට ගිහින් දොර ඇරියෙ නැත්තං මේ  කෙල්ල ඉක්මනට තරහ වෙන නිසා . ඔම්මා වගේමයි ඒ ගති නම්. පුදුම චන්ඩිකමක් තියෙන්නේ 😒  මන් දොර අරිනකොට සුමීගෙ පිටිපස්සෙන් ඉදන් ටේ හියුන්ග් පෙට්ටි හිනාවත් දාගෙන බලා ඉන්නවා ඊට එහා පැත්තෙ  ජිමින් හියුන්ග් පෙට්ටියක් පිරෙන්න යූන්සොක්ගෙ සෙල්ලම් බඩු උස්සගෙන ඉන්නෙ මන් දොර අරිනකම්.

හියුන්ග්ලා දිහා නොබලා සුමී අරන් දොර වහන්න හැදුවත් ටේ හියුන්ග් මොකාද වගේ දොරේ එල්ලුනේ මට දොර වහන්න බැරි වෙන්න. ඒ එක්ක හම්බෙච්ච ඉඩෙන් කොට හියුන්ග් රූම් එකට පැනලා සුමී එක්ක මගෙ ඇද උඩට නැහලා සෙල්ලම් කරන්න ගත්තෙ මන් කියලා එකෙක් නෑ වගේ  😑😑😑 

👶 දෑද් .... ඔලා මොතද්ද තලන්නෙ අලේ. තේ සම්තුන්ත එන්න දෙල්ලතෝ. අපි තෙල්ලම් තලන්න ආවෙ .

සුමී එහෙම කියනකොට "ඇද්ද උබට" වගේ බැල්මක් දාගෙන ටේ හියුන්ග් ගිහින් සෙල්ලම් කරන්නයි , සුමී හුරතල් කරන්නයි පටන් ගත්තෙ මගෙ ඇගේ මාලු නටද්දි. යකෝ එයාගෙ ළමයා හුරතල් කරන්න බැයිද. මොකටද මගෙ කෙල්ල පස්සෙ එන්නෙ 😒 හහ් දැන් මෙතන මන් පිට එකා වගේ .

🐯 ඇයි මොකද උබ ඔරවන්නෙ. ජෙලස්ද  🤭

🐰 හහ් වැඩේමයි 😒😒😒

🐯 හාකො හාකෝ..... 😂

බලා ඉදලා බැරිම තැන මාත් හියුන්ග්ලා දෙන්නා මැද්දට පැනලා සෙල්ලම් කරන්න ගත්තෙ එයාල මගෙ බෝනික්කි එක්ක සෙල්ලම් කරනකොට කොහෙවත් නැති ඉරිසියාවක් මට එන නිසා  😒😒😒

දවල් වෙනකම් සෙල්ලම් කරලා හියුන්ග්ලා පහලට ගියෙ ජින් හියුන්ග් ලන්ච් රෙඩි කරලා නිසා . මේ දවස්වලට වැඩිය කම්පැනි එකේ වැඩ නැති නිසයි ලගදි කොන්සට් එකක් නැති නිසයි හැමෝම ෆී එකේ ගෙදෙට්ට වෙලා ඉන්නවා. සුමීගෙයි හියුන්ග්ලගෙයි බල කිරිල්ලට දවස් තුනකට පස්සේ මන් හැමෝම එක්ක කෑම කෑවා.

කෑම කන අතරෙත් හියුන්ග්ලා කිව්වෙ රිතූ එක්ක කතා කරන්න කියලා . ඒත් මට එයා ලගට යන්න බෑ . මට එයාට මූණ දෙන්න බෑ . ඒත් හියුන්ග්ලගෙ බලකිරිල්ලටම මන් හෙට රිතූ හම්බෙන්න යන්න දා ගත්තා . කාලා බීලා හැමෝම සුමීගෙ හුරතල් කතා අහ අහ ඉද්දි යුන්ගි හියුන්ග්ට ආපු කෝල් එකක් නිසා එයා ගොඩක් කලබල උනා .

😸 දේ රිශී කියන්න .

.....................

😸 මෝහ්..... කොයි වෙලාවෙද. ගොඩක් අමාරුද.

.......................

😸 නෑ නෑ . ඉක්මනට ඩොක්ටර් චෝයිට කෝල් කරන්න . මන් මන් මේ දැමමම හොස්පිටල් එකට එන්නම්.

.........................

😸 නෑ නෑ . බය වෙන්න එපා රිතූට මොකුත් වෙන්නෙ නෑ . 😥

මෝහ්.... රිතූ . ඇයි එයාට මොකක්ද වෙලා තියෙන්නේ . ඇයි යුන්ගි හියුන්ග් මෙච්චර කලබල උනේ. 😥 කලබලේට රූම් එකට දුවන්න හදපු යුන්ගි හියුන්ග් ජින් හියුන්ග් නවත්ත ගත්තා .

🐼 යාහ්හ්හ්හ් යුන්ගියා කොහෙද දුවන්නෙ. මොකක්ද වෙලා තියෙන්නේ . රිතූට මොකද .

😸 හියුන්ග්.... රිතූ රිතූ හොස්පිටල් එකේ . මන් මන් ඉක්මනට යන්න ඕනි . විස්තර කිය කිය ඉන්න බෑ . මන් යනවා.

යුන්ගි හියුන්ග් රූම් එකට ගියාට වඩා වේගෙන් පහලට ඇවිත් හොස්පිටල් එකට ගියෙ අනිත් හියුන්ග්ලත් හොස්පිටල් යන්න ලෑස්ති වෙද්දී . මාත් බෝනික්කි එක්ක ඉක්මනට ලෑස්ති උනේ මගෙ රිතූට මොකුත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්. මට එයාව හම්බුනා විතරයි ආයිත් නම් එයාට මොකුත් වෙන්න දෙන්න බෑ .

.
.
.
.

Rithu Pov 🌹🌹🌹 .......

.

සුමී එදා ඔප්පලා එක්ක ගිය දවසෙ හැමදේම වෙනස් උනා 😔😔😔 ජන්කුක් දැනගෙන සුමී එයාගෙ ළමයා කියලා . මන් අවුරුදු දෙකක් හංගගෙන ඉදපු  රහස එයා දැනගෙන . කොහොමත් මන් සුමී කුකී ලගට යවන්නත් බය උනේ කෙල්ල දැක්කම අනිවාර්යයෙන් කුකීට සැක හිතෙයි කියලා . මොකද කුකීගෙ වගේම මාක් එකක් සුමී ඉපදෙනකොටම එයාගෙ බෙල්ලෙත් තිබ්බා. ඒ නිසාම මන් සුමී පුංචි කාලෙ ඉදලම ඒ මාක් එක වැහෙන විදිහෙ ඇදුම් එයාට පුරුදු කලා. එදත් අජ්ජුම්මට සුමීට හයිනෙක් ෆ්‍රොක් එකක් අන්දලා යවන්න කියලා ආවත් හදිස්සියෙම ඩෝම් එකේදී කුකී සුමීගෙ ඒ මාක් එක දැකලා.

අන්තිමට යුන්ගි ඔප්පා කුකීට හැමදේම කියලා තිබ්බෙ එයාගෙන් බේරෙන්නම බැරි තැන. කොහොමත් කුකීට මොනා හරි ඕනි උනොත් හරි , දැන ගන්න ඕනි උනොත් හරි එයා හොදින් හරි නරකින් ඒක කර ගන්නවා මයි. මොකද ඔප්පලා හය දෙනාගෙම හුරතලා එයා නිසා මුල ඉදලම එයා පුරුදු වෙලා තියෙන්නේ ඒ විදිහට . ඔප්පලා නම් කියන්නෙ ඊට කලින් ඉදලා කුකීගෙ ඔය පුරුදු තිබ්බා කියලා . ඒ නිසා යුන්ගි ඔප්පා ඇත්ත කියලා . කොහොමත් ඒ බර්ත් මාක් එක දැක්කම කුකී ඒක හොයන්න ගන්නවා.

ඒත් කුකී ඒ දේවල් දැන ගත්තට පස්සේ රූම් එකෙන්වත් එලියට එන්නෙ නෑලු . ඒක ඇහුවම නම් මට ගොඩක් බය හිතුනා. මොකද කුකී කොච්චර ලොකුයි වගේ පෙන්නන්න හැදුවත් එයා තාමත් පොඩි ළමෙක් වගේ . ප්‍රශ්නයක් උනාම එයා ගොඩක් කලබල වෙලා එයා පිටම වැරැද්ද පටෝ ගන්නවා. ඒ නිසාමයි මට ගොඩක් බය. එදා හවස සුමී ගෙනත් දාන්න ආපු වෙලේ යුන්ගි ඔප්පයි හොබී ඔප්පයි කියපු දේවල් නිසා ඇත්තටම කුකී ගැන මට බය හිතුනා.

ඩෝම් එකට ගිහින් කුකීට කතා කරන්න ඕනි උනත් . මේ දේවල් වලට එයා වැරදි නෑ කියන්න ඕනි උනත් මට එහෙම කර ගන්න ශක්තියක් නෑ . තාමත් මට බෑ එයාගෙ ඉස්සරහට යන්න . මට බයයි . මොකද එයාගෙ ළමයා එයාගෙන් කාලයක් හංගගෙන ඉදලා මන් කලේ ලොකු වැරැද්දක් . එක මගෙ හිත මට හැමවෙලේම කියපු දෙයක් .

ඒත් ඊලඟ දවසෙත් ජිමින් ඔප්පලා ඇවිත් සුමී එක්ක ගියෙ එයා එක්ක කුකී කතා කරන නිසා . කොහොම හරි සුමී අතේ කෑම බීම එහෙම යවලා සුමීව වැඩි වෙලාවක් කුකී එක්ක තිබ්බෙ මගෙ කීමටමයි. මොකද මන් වගේම ඔප්පලත් ඉදියේ කුකී තනියම රූම් එකට වෙලා ඉන්න නිසා ගොඩක් බයෙන් . ඊටත් වඩා සුමී කුකීට ලන් කරන්න ඕනි උනේ ඒක ඉස්සරහට තව මට ලේසි වෙයි කියලා හිතුන නිසා .

මේ දවස් ටිකේම මන් ඉදියේ ගොඩක් බයෙන් . ඒ කුකී සුමීව මගෙන් ඈත් කරයි කියලා . ඔප්පලා කියපු විදිහට සුමී මේ දවස් දෙක තුනට එයාගෙ ඩැඩාට ගොඩක් ලන් වෙලා. ඒ වගේම කුකීත්. ඉතින් මට බයයි මගෙ කෙල්ල මගෙන් ඈත් වෙයි කියලා . ඒත් ඉතින් මට ඕනි උනෙත් ඒ දේම තමා. ඒත් මට බයයි . එක දෙයක් නිසා මට සතුටුයි . ඒ මන් නැතත් දැන් සුමී බලා ගන්න කෙනෙක් ඉන්න නිසා . මොකද මට තව ලොකු කාලයක් නෑ කියලා මන් දන්නවා. මට ඉක්මනට යන්න උනත් දැන් සුමී බලා ගන්න කුකී ඉන්නවා. එයා මටත් වඩා හොදට මගෙ පුංචි කෙල්ල බලා ගනී.එතකොට මටත් සැනසීමෙ යන්න පුලුවන් . මගෙ අයියලටවත් , යුන්ගි ඔප්පටවත් දැන් මගෙ කෙල්ල බරක් නෙවෙයි . මොකද එයාගෙ අප්පා හැමෝටම වඩා හොදට මගෙ කෙල්ල බලා ගනී කියලා මන් දන්නවා .

මේ දවස් ටිකේම මන් අපේ පරන කට්ටිය එක්ක ඉදියේ . එයාලගෙ පවුල් වල විස්තර . මේ අවුරුදු දෙකහමාරෙ කරපු දේවල් . ඒ හැමදේම මන් දැනගත්ත. මන් හිතුවටත් වඩා හොදට හැමෝම ඉදලා . එතකොට දෝයුන් හාජින් දෙන්නා හැමදාම වලි. දැන් ඒවට මායි රිශීත් ඇදලා ගන්නෙ අපි සාක්ශි වගේ  😂

අද වුකී ඔප්පා ආයිමත් එනවා. අදට ඔප්පා ගිහින් දවස් පහක්. සුකී  ඔන්නිට දැන් හොදටම හොද නිසා ඔන්නි එක්කම ඔප්පා අද ආයිමත් එනවා. උදේම වෙනදා වගේ සුමී එක්ක යන්න හ්‍යුන් සික් ඔප්පා එක්ක සියොන් වූ ඔප්පා ආපු නිසා සුමීව එයාල අතේ ඩෝම් එකට යැව්වා. මොකද නිතරම ඔප්පලා සුමී එක්ක එහෙ මෙහෙ යන එක ප්‍රශ්නයක් වෙයි කියලා මන් මයි ඔප්පලට කිව්වෙ හ්‍යුන් සික් ඔප්පා එවන්න කියලා . මොකද දැන් කලින්ට වඩා ඔප්පලා ගැන අවදානෙන් ඉන්න මිනිස්සු වැඩී.

සුමීත් යවලා හොටෙල් එක පැත්තෙත් ගිහින් මායි රිශී එයාපෝට් එකට ආවෙ වුකී ඔප්පලා පික් කරන්න .ඔප්පලා එක්කම සුකී ඔන්නිගෙ අපාර්ට්මන්ට් එකට ගිහින් ටික වෙලාවක් කතා කර කර ඉදලා මායි රිශී සේරි ඔම්මගෙ කැෆේ ආවෙ ගෙදර ගිහිල්ලත් කරන්න වැඩක් නැති නිසා . මොකද වුකී ඔප්පලා අදම එයාලගෙ ගෙදර යනවා කිව්වෙ වුකී ඔප්පගෙ ඔම්මලා සුකී ඔන්නි එනකම් බලා ඉන්නවා කියලා . මොකද ඒ මිනිස්සුන්ට බැදලා මාසයක් යන්නත් කලින් එයාලගෙ ලේලි නැති උනා 😔😔😔 ඊට පස්සේ මූණක්වත් බලන්න බැරි වෙන්න දුර රටකට දෙන්නම ගියා ඉතින් එයාලත් ආසයිනෙ පුතයි ලේලී අයිමත් එනවා නම්. මට වෙලාවකට සුකී ඔන්නි ගැන ඉරිසියයි . මොකද පුංචි කාලෙ ඉදලා දෙමාපියො නැති උනත් වුකී ඔප්පගෙ ගෙදර අය ඕනිවටත් වඩා සුකී ඔන්නිට ආදරේ දුන්නා. මන් ඒක හරියටම දැක්කෙ ඔන්නි හොස්පිටල් එකේ ඉද්දි .

අවුරුදු ගානකට පස්සේ සේරි ඔම්මා දැක්කත් එයා කලින් ඉදියටත් වඩා තරුන වෙලාද කොහෙද . කැෆේ එක නම් ඒ කාලෙ වගේමයි . සේරි ඔම්මා එක්ක කතා කර කර ඉද්දි එකපාරටම කලින් වගේම මගෙ ඔලුවෙ කැක්කුමක් හැදුනා. ඒත් මන් ඒක එච්චර ගනන් ගත්තෙ නැත්තෙ කොහොමත් දැන් අවුරුද්දක ඉදලා ඒක මට පුරුදු නිසා .

ඒත් ඔලුවෙ කැක්කුම එක්කම මගෙ නහය තෙත ගතියක් දැනුන නිසා මන් අල්ලලා බලද්දී මගෙ අතේ ලේ තිබ්බා. මේක දැක්කොත් රිශී වගේම සේරි ඔම්මත් කලබල වෙන නිසා සේරි ඔම්මගෙ කැබින් එකේ වොශ් රූම් එකට ගියෙ ඒ දෙන්නට සැක හිතෙන්නෙ නැති වෙන්න. මේක මට සාමාන්‍ය දෙයක් උනත්  අනිත් අය හැමදාම මෙහෙම වෙනකොට කලබල වෙනවා. ඒ නිසා රිශී කලබල කරන්න මට ඕනි උනේ නෑ . මොකද අවුරුදු දෙකකට පස්සේ තමා රිශී දැන් ඉස්සර වගේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෙ. මොකද මගෙ ප්‍රශ්න නිසා මටත් වඩා විදෙව්වෙ රිශී කියලා මන් දන්න්වා.

වොශ් රූම් එකට ගියත් වෙනදට වඩා වැඩියෙන් නහයෙන් ලේ එන්න ගත්තා . මාත් චුට්ටක් බය උනේ නෑ කිව්වොත් ඒක බොරුවක් . ඒත් එක්කම මගෙ ඔලුවෙ කැක්කුමත් වැඩි උනා. නහයෙන් ලේ එන එක අඩු උන නිසා මන් වෙනසක් නොපෙනෙන්න මූණ සෝදගෙන එලියට ආවත් වොශ් රූම් එකේ දොර ලගදිම දරා ගන්න බැරි ඔලුවෙ කැක්කුමත් එක්ක වටේම බොද උනා 😔😔😔 මන් අන්තිමට දාක්කෙ කලබලෙන් මන් දිහාට දුවගෙන එන රිශී සේරි ඔම්මයි.

ඔලුවෙ කැක්කුම එක්කම මන් ඇස් අරිද්දි මන් දැක්කෙ සුදුපාට සිවිලිමක්. ඒත් වටේ පිටේ තිබ්බ දේවල් එක්ක මන් ඉන්නෙ හොස්පිටල් එකේ කියලා දැන ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ . ඒත් එක්කම මන් දැක්කෙ මන් දිහා කදුලු පුරෝගෙන බලා ඉන්න රිශී . යුන්ගි ඔප්පගෙත් ඇස් වල කදුලු . සේරි ඔම්මගෙ ඇස් වලත් කදුලු පිරිලා තිබ්බත් එයා ඒවා ඉක්මනට පිහදා ගත්තා . ඔප්පලා හැමෝමත් රූම් එකේ තැන් තැන් වල ඉදියත් කුකීවත් සුමීවත් මන් දැක්කෙ නෑ . ඒත් එක්කම නම්ජුන් ඔප්පා ඩොක්ටර් එක්ක එන්න ගියා.

🌹 ඔප්පා ...... සුමී කෝ.

අමාරුවෙන් ඔලුව උස්සලා සුමී කෝ කියලා ඇහුවෙ මේ වෙලාවෙ සුමීව දකින්න ඕනිම උන නිසා .

😸 සුමී එලියෙ ඉන්නවා රිතූ . ඔයා බය නැතුව ටිකක් රෙස්ට් කරන්න . කෙල්ල මෙහෙම ඔයාව දකින්න ඕනි නෑනෙ නේද .

යුන්ගි ඔප්පා කියන එකත් ඇත්ත . සුමී දැන් මෙහෙම මාව දැක්කොත් කලබල වෙයි . පුංචි උනත් මගෙ කෙල්ලට මගෙ පුංචිම වෙනසත් හොදට තෙරෙනවා. මට රෙස්ට් කරන්න කියලා ඔප්පලත් එලියට ගියා.  ඉතින් මාත් ඔප්පා කියපු විදිහට ඇස් පියා ගත්තෙ මගෙ ඔලුව හොදටම රිදෙන්න ගත්තු නිසා .

ඒත් එක්කම ඩොක්ටර් චෝයි ඇතුලට ආපු නිසා ඔප්පලා ඔක්කොම එහාට උනේ ඩොක්ටට මාව බලන්න.

👩‍⚕️ දැන් කොහොමද රිතූ . තාමත් ඔලුව රිදෙනවා වගේද .

🌹 ටිකක් රිදෙනවා ඩොක්ටර් .

👩‍⚕️ හ්ම්ම්... බය වෙන්න දෙයක් නෑ . ඉට්ස් නෝමල් . අපි ට්‍රීට්මන්ට්ස් කරනවනෙ. බය නැතුව ඉන්න . අපි ඉක්මනට සනීප වෙමුකෝ.

එහෙම කියලා ඩොක්ටර් රිපෝට් ටිකක් චෙක් කරන්න ගත්තා .

.
.
.

Author Pov 🖋️🖋️🖋️.........

.

රිතූ ෆේන්ට් වෙලා වැටෙනවත් එක්කම රිශී සේරි ඔම්මයි ඇවිත් රිතූ හොස්පිටල් එකට අරන් යන්නෙ රිශී හොදටම කලබල වෙච්ච නිසා . මොකද රිශී තනියම නිසා එයා ගොඩක් බය උනා රිතූගෙ ලෙඩෙත් එක්ක. යන මගදි යුන්ගිටත් කෝල් කරපු නිසා යුන්ගිත් පුලුවන් ඉක්මනට හොස්පිටල් එකට ආවෙ හොදටම කලබල වෙලා . යුන්ගි එනකොටම වගේ ඩොක්ටර් චෝයිත් හොස්පිටල් එකට ආවෙ රිතූට අමාරුයි කියලා රිශී කෝල් කරපු නිසා . ඒත් ඒ වෙනකොටත් ජන්හියුන්ග් එයාගෙ ඩොක්ටර්ස්ලට කියලා රිතූගෙ ට්‍රීට්මන්ට්ස් පටන් අරන් තිබ්බෙ.

ට්‍රීට්මන්ට්ස් ඉවර වෙලා රිතූ රූම් එකකට මාරු කලත් පැය ගානක් යනකම් කෙල්ලට සිහිය ආවෙ නෑ . කුකී සුමී ඇරෙන්න අනිත් හැමෝම රූම් එකේ එහා මෙහා යන ගමන් බලා ඉදියේ රිතූට සිහිය එනකම්. රිතූට සිහිය ආවට පස්සේ ඩොක්ටර් චෝයි රිපෝට් චෙක් කරද්දි කොල්ලො ටික එලියට ආවෙ රිතූට රෙස්ට් කරන්න .

මෙච්චර වෙලා රූම් එකට එලියෙ බෙන්ච් එකක ඉදගෙන සුමී එක්ක සෙල්ලම් කර කර ඉදපු කුකී වගේම දුමීත් ඉක්මනට නැගිට්ටෙ රිතූට කොහොමද අහන්න. ඒත් තාම ඩොක්ටර් ඇතුලෙ නිසා කවුරුවත් මොකුත් කිව්වෙ නෑ .

ඒත් එක්කම යුන්ගි එක්ක ඩොක්ටර් චෝයි එලියට එද්දි කොල්ලො ටික ඩොක්ටර් වට කර ගත්තෙ රිතූට කොහොමද අහන්න. හැබැයි යුන්ගිගෙ මූණ නම් එච්චර හොද තත්වෙක තිබ්බෙ නෑ .

👩‍⚕️ මිස්ට යුන්ගි මන් ඔයාලට කලිනුත් කිව්වා මේක බලන් ඉන්න හොද සිටුවේශන් එකක් නෙවෙයි කියලා . ඔයාගෙ නංගි ඉන්න සිටුවේශන් එක ගොඩක් ක්‍රිටිකල් . අපි පුලුවන් ඉක්මනට රිතූගෙ ඔපරේෂන් එක කරන්න ඕනි . නැත්තං එයා තව තව දුර්වල වෙනව. දැනට බෙහෙත් වලින් පාලනේ කලාට තව දුරටත් අපිට බෙහෙත් වලින් මේක පාලනේ කරන්න බෑ . මන් ඩොක්ටර් ආදිටත් තේරුම් කලා රිතූගෙ සිටුවේශන් එක .
( ආදි කියන්නෙ රිතූගෙ ලොකු අයියා ළමයි 🤗 )

😸 සොරි ඩොක්ටර් . පුංචි ප්‍රශ්න ටිකක් නිසා අපි මේ ටිකේ බිසී උනා . ප්ලීස් ඩොක්ටර් අපි දැන් පුලුවන් ඉක්මනට මේක කරමු . කොහොම හරි මගෙ නංගි බේරලා දෙන්න. 😥

👩‍⚕️ It's ok mr. Yungi .  අපි ඉක්මනට මේක කරමු . එහෙනම් මන් මිස්ට ජන්හියුන්ග් එක්ක කතා කරන්නම්. අපි තව දවස් තුනකින් මේ හොස්පිටල් එකේම ඔපරේෂන් එක කරමු . ඔයාලට ඕනි නම් ඩොක්ටර් ආදිට කතා කරලා ගෙන්න ගන්න. ඒකට ප්‍රශ්නයක් නෑ  .

😸 හරි ඩොක්ටර් . එහෙම නම්  අපි තව දවස් තුනකින් වැඩේ කරමු . 😥 තෑන්ක්ස් ඩොක්ටර් . Pd නිම් කෝල් කරපු ගමන් ඩොක්ටගෙ අපොයිමන්ස් ගොඩක් කැන්සල් කරගෙන  ආවට. අපි දන්නවා ඩොක්ටර් අපි නිසා ඩොක්ටගෙ ගොඩක් වැඩ  අතපසු උනා කියලා . ඇත්තටම කනගාටුයි ඒ ගැන .

කවදාවත් නැතුව යුන්ගි ගොඩක් යටහත් පහත්ව ඩොක්ටර් එක්ක කතා කරන දිහා කට්ටියම බලා ඉදියේ ඇසුත් ලොකු කරගෙන . ඒත් කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි උනා මොකක්ද මේ කියන්නෙ කියලා . මොකද කවුරුවත් රිතූගෙ ලෙඩක් ගැන දැනගෙන ඉදියේ නෑ . යුන්ගි හිස් නවලා ආචාර කලාම ඩොක්ටර් චෝයි යන්න ගිහින් හිල්ලත් ආයිමත් නැවතුනේ කුකීගෙ හඩට.

🐰 එක්ස්කියුස් මී ඩොක්ටර් . මට දැනගන්න පුලුවන්ද මොකක්ද රිතූට තියෙන අසනීපෙ කියලා . ඊටත් මොකටද ඔපරේෂන් එකක් කරන්නෙ.

යුන්ගිට ඇරෙන්න මෙතන ඉදපු හැමෝටම තිබ්බ ප්‍රශ්නෙ කුකී ඇහුවෙ තවත් ඉවසගෙන ඉන්න බැරිම තැන . යන්න ගියපු ඩොක්ටර් කුකී දිහා බලන් ඉදියේ ඔයා කවුද කියලා අහන්න වගේ . ඉතින් කුකී දෙපාරක් නොහිතා මාක්ස් එකත් ගලෝලා  දීපු උත්තරෙන් හැමෝම ඇස් ලොකු කරන් බලා ඉදියේ කුකීගෙන් මෙහෙම උත්තරයක් කවුරුවත් බලාපොරොත්තු උනේ නැති නිසා .

🐰 රිතූ කියන්නෙ මගෙ වයිෆ් ඩොක්ටර් . මන් ජියෝන් ජන්කුක් .  ප්ලීස් ඩොක්ටර් මට දැනගන්න පුලුවන්ද මොකක්ද එයාට තියෙන ලෙඩේ කියලා .

👩‍⚕️ ඔහ්.... මිස්ට ජියෝන් ...... ඇත්තටම මේ ........ ඔයාගෙ වයිෆ් ඔයාට කියලා නැද්ද .

🐰 අහ්......  මේ......

🐼 එයාගෙ බිසී ශෙඩූල් එක්ක රිතූ ඉදියේ බබත් එක්ක  එයාගෙ  රටට ගිහින් ඩොක්ටර් . ඉතින් ලගදි තමා එයාල ආයිමත් මෙහෙට ආවෙ .

කුකීයා දීගන්න උත්තරයක් නැතුව ඉන්නකොට ජින් ඔප්පා උත්තරයක් දුන්නෙ මෙතන තවත් කුකී අසරණ වෙනවා බලන්න බැරි නිසා .

👩‍⚕️ ඔහ්..... මෙහෙමයි මිස්ට ජියෝන්. ඔයාගෙ වයිෆ්ට එකක් නෙවෙයි ලෙඩ දෙකක් තියෙනවා . ඉතින් ඉස්සල්ලම අපි එකකට ට්‍රීට්මන්ට්ස් කරලා ඉන්න ඕනි අනිකට ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න . මොකද නැත්තං එයාගෙ ජීවිතේ ගැන අපිට බලාපොරොත්තු තියා ගන්න බෑ .

🐼 මෝහ්...... ඩොක්ටර් ප්ලීස් ටිකක් තේරුම් කරන්න පුලුවන්ද . ලෙඩ දෙකක් කිව්වෙ.

👩‍⚕️ ම්ම්...... මෙහෙමයි . එයාගෙ ඔලුවෙ කුඩා මොලේට කිට්ටුව තියෙනවා ගෙඩියක් . ගෙඩියක් කිව්වට ඒක ලේ කැටියක් වගේ . සමහර විට වෙච්ච ඇක්සිඩන්ට් එකක් වගේ දේකින් තමා ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් ඉඩ වැඩි. ඉතින් අපි හිතපු විදිහටම රිතූට මීට අවුරුදු තුනකට කලින් එහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවානේ  .

( මතකද ළමයි අර ෆයිට් එකකදි රිතූගෙ ඔලුවට යකඩ පොලු පාරක් වැදිලා දවස් ගානක් කෝමා වෙලා එහෙම ඉදියා . 😁 )

ඉතින් ඉක්මනට මේ ලේ කැටිය අයින් කලේ නැත්තං ඒක එන්න එන්න ලොකු වෙලා එයාගෙ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන් . ඒ වගේම ඒකෙන් නහරවල් බ්ලොක් වෙන්න තියෙන ඉඩත් ගොඩක් වැඩී. ඉතින් පුලුවන් ඉක්මනට අපිට ඔපරේෂන් එකකට යන්න වෙනවා.

ඩොක්ටර් එක දිගට කියාගෙන යද්දි හැමෝම හොල්මනක් දැක්කා වගේ ඩොක්ටර් දිහා බලාගෙන ඉදියේ මේ කිසිම දෙයක් විශ්වාස කරන්න බැරුව . මොකද රිතූට මෙච්චර ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා කවුරුවත් හිතුවෙ නෑ . කුකී, ජින්  එහෙමම ලග තිබ්බ පුටුවකට වැටුනේ දුමීත් පුටුවකින් ඉද ගද්දි . දුමී ඩොක්ටර් කෙනෙක් උනත් එයාටත් මේ දේ දරාගන්න බෑ . නම්ජුන් හොබී , ටේ, ජිමින් , හැමෝමත් බලා ඉන්නෙ මොකද ඒ ඇහුනෙ කියලා හිතා ගන්න බැරි වෙද්දී .

🐯 ඩො.... ඩොක්ටර් එතකොට අනිත් ලෙඩේ මොකක්ද .

ටේ පටල පටල ඇහුවෙ ඩොක්ටර් තව ලෙඩක් ගැන කියපු නිසා .

👩‍⚕️ ඒක කැන්සර් එකක් . එයාට බ්ල්ඩ් කැන්සර් එකක් තියෙනවා . තාම සකන්ඩ් ස්ටේජ් එකේ තියෙන නිසා සනීප වෙන්න ලොකු සම්බාවිතාවක් තියෙනවා . ඒත් එයාගෙ ඔලුවෙ තියෙන ගෙඩිය නිසා අපිට සීයට සීයක්ම ශුවර් කරන්න අමාරුයි රිතූගෙ ජීවිතේ ගැන . හැබැයි 50:50  චාන්ස් එකක් තියෙනවා . ඊටත් ඒක සනීප කරලා ඉන්න ඕනි කැන්සර් එකට බෙහෙත් කරන්න . එහෙම නැතුව දැන් රිතූ ඉන්න තත්වෙ එක්ක අපිට කෙලින්ම කැන්සර් එකට ට්‍රීට්මන්ට්ස් කරන්න අමාරුයි . ඒ නිසා අපි ඉස්සල්ලම ඔපරේෂන් එක කරලා ඉන්න ඕනි .

කුකීගෙ උරහිසටත් තට්ටුවක් දාලා ඩොක්ටර් කිව්වෙ කුකීගෙ ඇස් වලින් පේලියට ගලන කදුලු දිහා බලාගෙන . අනිත් හැමෝගෙමත් ඇස් වල කදුලු . කුකී ඉන්න නිසා  හොබී , ජිමින් ගලන කදුලු පිහදගත්තෙ මේ වෙලාවෙ එයාල හැමෝටම කුකී ශක්තියක් වෙන්න ඕනි නිසා . ඒත් එයාලගෙ නංගි ගැන මෙහෙම දෙයක් ඇහෙද්දි ඒ හැමෝටම දරා ගන්න බැරි උනා . දුමීත් පැත්තකට වෙලා අඩන්නෙ මොකද එයත් මේකෙන් ශොක් වෙලා ඉන්නෙ . අනිත් හැමදේම දැනගෙන ඉදියත් ජන්හියුන්ග් මේක විතරක් දුමීට හංගලා තිබ්බ නිසා .

👩‍⚕️ බය වෙන්න දෙයක් නෑ මිස්ට ජියෝන් . ඔයාගෙ වයිෆ්ට සනීප වෙන්න තියෙන සම්බාවිතාව වැඩී. ඒ නිසා ශක්තිමත් වෙන්න. හැමෝම එක්ක ප්‍රේ කරන්න . ඒක තමා දැන් කරන්න තියෙන්නේ . හෙට උදේට රිතූ එක්ක ගිහින් අනිද්දා හවසට ඇඩ්මිඩ් කලාම ඇති . මන් ඒ ඩොකියුමන්ට් ටික හදන්න කියලා කියන්නම්.

ඩොක්ටර් චෝයි සුහද හිනාවක් කොල්ලා ටිකට දාලා යන්න ගියෙ හැමදේම හොදින් වෙයි කියලා . ඒත් ඩොක්ටර් ගියාට පස්සේ කිසිම කෙනෙක් ඉදියේ හොදින් නෙවෙයි . මොකද ඒ කාටවත් මේ වෙච්ච දේවල් දරා ගන්න පුලුවන් උනේ නෑ . විශේෂයෙන් කුකීට . දැනටමත් මේ වෙන දේවල් කොල්ලා දරාගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් . ඉතින් තවත් දෙයක් ඒ හිතට දරා ගන්න අමාරුයි .

යුන්ගි මේ තරම් දෙයක් හැංගුවත් කාටවත් ඒ ඇයි කියලා අහන්නවත් සිහියක් තිබ්බෙ නෑ . මොකද හැමෝම ඉදියේ රිතූගෙ සිහියෙන් . ඩොක්ටර් ගිය නිසා හැමෝම රිතූ ඉදපු රූම් එකට ගියත් රිතූට නින්ද ගිහින් තිබ්බා. හවස්වේගෙන ආපු නිසා කොල්ලො ටික ආයිමත් ඩෝම් එකට එන්න ලෑස්ති උනේ සුමී බබත් හොස්පිටල් එකේ තියා ගන්න බැරි නිසා .

රිශීට සුමී අරන් ගෙදර යන්න කියලා යුන්ගි හොස්පිටල් එකේ නතර වෙන්න හැදුවත් කුකී රිතූ ලග නතර වෙන්නම් කියලා හැමෝටම යන්න කියපු එක ලොකු පුදුමයක්. මොකද මෙච්චර දවස් කොල්ලා ඉදියේ රිතූගෙ මූණ බලන්න බෑ කිය කිය. ඒත් හැමෝම කුකී කියපු දේට එකග වෙලා ආයිමත් එන්න ආවෙ කුකීටයි රිතූටයි එයාලගෙ ප්‍රශ්න විසද ගන්න මීට වඩා හොද වෙලාවක් ආයිමත් එන්නෙ නෑ කියලා හිතුන නිසා .

හැමොම කුකීයි රිතුයි රූම් එකේ තනි කරලා එලියට ආවෙ ගොඩක් ලොකු දුකක් හිත් අස්සෙ තියාගෙන . කුකීලගෙ ගාඩ්ලා දෙන්නෙක් ඉන්න නිසා බය නැතුව හැමෝම පිටත් උනේ කුකීගෙ ආරක්ශාවටත් ප්‍රශ්නයක් නැති නිසා . ඒත් කුකීගෙ ආරක්ශාවට ප්‍රශ්නයක් නැති උනත් අනිත් අය හැමෝම සේෆ්ද කියන එක ප්‍රශ්නයක් .

.
.
.
.
.
.

..................................................................

ඉතින් ......... මාව හොයාගෙන එන්න එපා මන් අහින්සකයි 🙂🙂🙂🙂 මොකද ඕක පලවෙනි එපියෙ ඉදලම මන් ප්ලෑන් කරලා ඉදියේ 😊 හැබැයි අර කැන්සර් එක විතරයි . අර ලේ කැටියෙ සීන් එක නිකමට දැම්මෙ 😁😁😁😁

කුකී රිතූ එයාලගෙ ප්‍රශ්න විසද ගනීද. රිතූ සනීප වෙයිද , නැත්තං ............

රිතූකුක්ට ප්‍රශ්නයක් නැති උනත් අනිත් අයට මේකෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්ද 😏  හිතලා බලන්න.






Đọc tiếp

Bạn Cũng Sẽ Thích

37.2K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
5.5K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
5.8K 1.4K 8
" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮
552K 19.9K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...