💙🍁 First Love 🍁💙 ( Comple...

du-mi-001 द्वारा

18.2K 2.3K 479

..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't... अधिक

💙🍁 part 01 🍁💙
💙🍁 Part 02 🍁💙
💙🍁 part 03 🍁💙
💙🍁 Park 04 🍁💙
💙🍁 Part 05 🍁💙
💙🍁 Part 06 🍁💙
💙🍁 Part 07 🍁💙
💙🍁 Part 08 🍁💙
💙🍁 Part 09 🍁💙
💙🍁 Part 11 🍁💙
💙🍁 Part 12 🍁💙
💙🍁 Part 13 🍁💙
💙🍁 Part 14 🍁💙
💙🍁 Part 15 🍁💙
💙🍁 Part 16 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 17 🍁💙
💙🍁 Part 18 🍁💙
💙🍁 Part 19 🍁💙
💙🍁 Part 20 🍁💙
💙🍁 Part 21 🍁💙
💙🍁 Part 22 🍁💙
💙🍁 Part 23 🍁💙
💙🍁 Part 24 🍁💙
💙🍁 Part 25 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 26 🍁💙
💙🍁 Part 27 🍁💙
💙🍁 Part 28 🍁💙
💙🍁 Part 29 🍁💙
💙🍁 Part 30 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 31 🍁💙
💙🍁 Part 32 🍁💙
💙🍁 Part 33 🍁💙
බෝනස් 😉😉😉
💙🍁 Part 34 🍁💙
💙🍁 Part 35 🍁💙
💙🍁 Part 36 🍁💙
💙🍁 Part 37 🍁💙
💙🍁 Part 38 🍁💙
Special
💙🍁 Part 39 🍁💙
💙🍁 Part 40 🍁💙
💙🍁 Part 41 🍁💙
💙🍁 Part 42 🍁💙
💙🍁 Part 43 🍁💙
💙🍁 Part 44 🍁💙
💙🍁 Part 45 🍁💙
💙🍁 Part 46 🍁💙
💙🍁 Part 47 🍁💙
💙🍁 Part 48 🍁💙
💙🍁 Last Part 🍁💙
💙🍁 පසුවදන 🍁💙
New 🙃
🙈🥺 Announcement 🙃💜️

💙🍁 Part 10 🍁💙

374 57 4
du-mi-001 द्वारा

🌹 පො... පො .... පොඩි .........

ඇවිත් හිටියේ පොඩි අයියා  😳 අනූ අක්කි එක්ක. තව ඩොක්ටර් කෙනෙක් . ඒ ඩොක්ටර් අයියගෙ යාලුවෙක් . පොඩි අයියා කේන්තියෙන් මායි රිශී දිහා බලන් ඉන්නකොට අනූ අක්කි අඩාගෙන ඇවිත් මාව බදා ගත්තා 😥😥😥 

👩 අනේ මම නිසයි මෙහෙම උනේ 😭😭😭😭😭😭😭😭 මන් ඔයාල දාලා ගියෙ නැත්තං මෙහෙම වෙන්නෙ නෑ . අනේ මැණික ඔයාට ගොඩක් තුවාලද 😥

🌹 අනේ අක්කි කලබල වෙන්න එපා 😥😥😥 එච්චර ලොකු අවුලක් නෑ . ටිකක් කැපුනා එච්චරයි .

" ඔව් ඔව් යස පොඩ්ඩ. මන් දැක්කා ඒ වීඩියෝ එක . ඒකෙ හැටියට මැහුම් පහක්වත් දාන්න තරම් තුවාලයක් ඇත්තෙ 😡😡😡😡  ඇයි දෝණි ඔයා මෙහෙම කරන්නෙ 😥😥😥  ඔයාට මොනා හරි උනා නම් අපිට මොනා වෙයිද කියලා හිතුවද."

පොඩි අයියා එහෙම කිව්වම නම් මට ගොඩක් දුක හිතුනා 😥 මන් දන්නවා එයාට කේන්ති ගිහින් තියෙන්නේ මට ආදරේ වැඩි කමට කියලා . මොකද අයියලා තුන් දෙනයි තාත්ති පොඩි කාලෙ ඉදලා මට හීරීමක් වත් වෙන්න දුන්නෙ නෑ . ඉතින් එයාල ගොඩක් හිතනවා මට පොඩ්ඩක් හරි තුවාල උනොත් , ලෙඩ උනොත් .

🌹 අනේ සොරි පොඩි ..... 😥😥😥 ඒත් මන් ඒකට ගියෙ ඒක ගොඩක් වැදගත් නිසා . අපි හිතුවෙ නෑ එච්චර ලොකු දෙයක් වෙයි කියලා . අනේ පොඩි .......මන්   මන් ආයි එහෙම කරන්නෙ නෑ සොරි  😭😭😭😭😭

මටත් නොදැනිම මගෙ ඇස් වලි කදුලු ආවෙ දුකටද තුවාලෙ වේදනාවටද කියලා දන්නෙ නෑ . ඒත් මට තේරුනා මන් ඒ කරපු වැඩේ වැරදි කියලා . පොඩි ඇවිත් මගෙ එහා පැත්තෙන් ඇදේ ඉදගෙන මගෙ ඔලුව අතගෑව .

ටිකකින් අර ආපු ඩොක්ටර් මගෙ තුවාලෙ බලලා හරියට බෙහෙත් දැම්මා.

Doctor -  මේ තුවාලෙට කවුද බෙහෙත් දැම්මෙ . කලින් ඩොක්ටර් කෙනෙක් ආවද.

🌻 ඇයි ඩොක්ටර් මොකුත් ප්‍රශ්නයක්ද 😥
අපි අදුරන කෙනෙක් බෙහෙත් දැම්මෙ.

Doctor -  ආහ්.... නෑ නෑ ප්‍රශ්නයක් නෑ . තත්වෙ හැටියට එවෙලෙම බෙහෙත් දාලා තියෙනවා  ඒක හොදයි . නැත්තං තත්වෙ මීට වඩා බැරෑරුම් වෙන්න තිබ්බා.

ඩොක්ටර් තුවාලෙ ආයිමත් සුද්ද කරල හැබැයි මැහුම් දානකොට නම් මට තරු පෙනුනා  😥  ඩොක්ටර් තුවාලෙ වේලෙන්න බෙහෙතුත් දීලා යන්න හදනකොට එකපාරටම යුන්ගි ඔප්පා ඩොක්ටර්ට කතා කලා. එතකොට තමා අපිට යුන්ගි ඔප්පා මතක් උනේ . එයා මෙච්චර වෙලා රූම් එකේ සෝෆා එකේ නිදාගෙන ඉදලා තියෙන්නේ  😂

යුන්ගි ඔප්පා කතා කරලා ඩොක්ටර්ට කියලා රිශීගෙ තුවාලෙටත් බෙහෙත් දැම්මා. ඔප්පා කියනකම් මටත් ඒක අමතක වෙලා තිබ්බෙ. අපේ රිශී නම් බෙහෙත් දාලා ඉවර වෙනකම්  හොල්මන් දැක්ක වගේ යුන්ගි ඔප්පා දිහා බලන් ඉදියා 🤦🤦

ඩොක්ටර් ගියාට පස්සේ මන් වෙච්ච ඔක්කොම පොඩි අයියටයි අනූ අක්කිටයි කිව්වා. ටිකකින් යුන්ගි ඔප්පා පහලට යන්න හදනකොට පොඩි අයියා යුන්ගි ඔප්පට තෑන්ක් කලා අපිට උදව් කරපු එකට.


Time past next day .......

තව දුරටත් මට හොටෙල් එකේ ඉන්න පොඩි අයියා ඉඩ දුන්නෙ නෑ . ඒ නිසා හෙට මාව ගෙදර එක්ක යන්න එනවා කියලා පොඩි අයියා ඊයෙ හවස ආයි ගෙදර ගියා . අනූ අක්කි නතර උනේ මාව බලා ගන්න .

හෙට යන්න වෙනවා කියලා කිව්වම නම් ඔප්පලා ටික ගොඩක් දුක් උනා . මොකද එයාල තව සති දෙකක් මෙහෙ ඉන්නවා. අපි නැතුව එයාලට ගොඩක් පාලුයිලු. අපිටත් දුකයි ඉතින් එයාලා දාලා ආයි ගෙවල් වලට යන්න. මොකද ඔප්පලා ටික ඒ තරමට අපිට ගොඩක් ලන් උනා මේ දවස් ටිකට.

හෙට අපිට යන්න වෙන නිසා අද රෑට කට්ටියම පාටි එකක් දාන්න කතා උනා. ටිකක් දවල් උනාට පස්සේ අකඛිලයි යශ් දෙන්න  එක්ක ජින් , යුන්ගි ඔප්පලයි ඒ  එක්ක සොන්ජුන් ඔප්පත් ගියෙ පාර්ටි එකට බඩු වගයක් ගන්න ඕනි කියලා .

එයාල ගියාට පස්සේ අනිත් කට්ටිය මුලු හොටෙල් ගාර්ඩ්න් එකම ලස්සනට සැරසුවා. හොටෙල් ස්ටාෆ් එකෙන් උදව් ගමු කිව්වත් හැමදාම මේ වගේ වැඩ කරන්න වෙන්නෙ නෑ කියලා ඔප්පලට ඕනි උනා ඒ වැඩ තනියම කරන්න . මට තුවාලෙ එක්ක ගොඩක් වැඩ කරන්න බැරි නිසා ටේ ඔප්පගෙයි මගෙයි සම හුරතලා බලා ගන්න මන් බාර ගත්තා 🤗 . දැන් එයාගෙ තුවාල හොද නිසා බෝලෙ වගේ හැම තැනම දුවනවා.

( සම හුරතලා කිව්වෙ ඒ බලු පැටියා අපි දෙන්නම එකතු වෙලා ගෙනාපු නිසා ☺️☺️ )

කට්ටියත් එක්කම දගලලා දගලලා හවස් වෙනකොට ගාර්ඩ්න් එක රෙඩි කර ගත්තා 🤗 ඒ අස්සෙ අපේ රිශී පුටුවක් පල්ලෙ වැටෙන්න ගිහින් අනූ නවෙන් බේරුනේ යුන්ගි ඔප්පා නිසා  😁

හවස හත විතර වෙනකොට කට්ටිය පාර්ටි එක පටන් ගත්තා 🤗  කට්ටිය සින්දු කියලා නටලා කාලා බීලා ගොඩක් සතුටු උනා. ඔප්පලට වගේම අපිටත් ගොඩක් දුකයි හෙට කට්ටියට වෙන් වෙන්න වෙන හින්දා. මේ සති දෙකට අපි හැමෝම  ගොඩක් ලන් උනා.

ටේ, ජිමින් , හොබී , හියුන් සික් , සොන්ජුන් ඔප්පලට ටිකක් වැඩී. ඒ විතරක්යෑ අඛිල , යශ් දෙන්නට කෙලින් කටින් ඉන්න වත් බෑ  😂 රිශීත් වෙනදා තරම් ඩ්‍රින්ක්ස් ගත්තෙ නෑ . ජින් ඔප්පලා එනකොට බියර් ගෙනත් තිබ්බා. ඒ මදි කියලා අපේ අඛිල, යශ් දෙන්න හොටෙල් එකෙන් වයින් දෙකකුත් ගත්තා  .

වෙනදා වගේ නෙවෙයි මටත් බියර් එකකට සීමා වෙන්න උනේ අනූ අක්කි යක්ශ බැල්මෙන් මා දිහා බලන් ඉන්න නිසා  🙈 අනිත් හැමෝම බියර් එකකට දෙකකට විතරක් සීමා වෙද්දී වූක් ඔප්පා ඩ්‍රින්ක්ස් ගත්තෙම නෑ . එයා කිව්වෙ අනිත් ගාඩ් ඔප්පලා දෙන්න ඉන්න විදිහෙ හැටියට එයත් ඩ්‍රින්ක්ස් ගත්තොත් ඔප්පලගෙ සේෆ්ටි එකට ඒක අවුලක් වෙයි කියලා .

දැන් කට්ටිය හදේ හාවට රන්ඩු වෙනවා. ජිමින් ඔප්පා කියනවා හදේ ඉන්නෙ මොණරෙක් කියලා .සොන්ජුන් ඔප්ප කියනවා ඒ අලියෙක් කියලා  😂 එතකොට අපේ අඛිලට ඒ ඉන්නෙ කැන්ගරුවෙක්ලු. ඒ අස්සෙ හොබී ඔප්පා රන්ඩු වෙනවා ඒ හද නෙවෙයි ඉර කියලා  😂 මේ හැම විකාරයක්ම අපි කට්ටිය හිනා වෙවී බලන් ඉදියා  😂😂😂

වෙලාවකට මට හිතෙනවා මේ ඔප්පලා නිසා කලින්ට වඩා සතුටින් නිදහසේ මම ඉන්නවා කියලා . එයාල එක්ක ඉන්නකොට කාලෙ යනවා තේරෙන්නේ නෑ . එයාල හරිම ෆනී , අනිත් අය ගැන ගොඩක් හිතනවා. හරිම ආදරනීයයි . 😍

ටේ ජිමින් ඔප්පලා දෙන්න ගාඩ් ඔප්පලා දෙන්නයි අඛිලයි යෂ් දෙන්නත් අල්ලන් එකම විකාරයයි. හොබී ඔප්පා තනියම හිනා වෙනෝ, කියවනෝ  , අනූ අක්කි දිහා බලන් අඩනෝ 🤦 අයියෝ මන්ද එකම විකාරයයි  😂 අපේ රිශීටත් දැන් නම් ටිකක් වැඩී වගේ ☺️☺️☺️ මේ කට්ටියගෙ විකාර බලන් ඉද්දි ජන්කුක් ඇවිත් මගෙ ලගින් ඉද ගත්තා .

🐰 හේයි රිතූ ....😊😊😊

🌹 හායි ....

🐰 හෙට යනවා නේද .එතකොට ඉතින්  අපිව අමතක වෙයි නේ 😒

🌹 අපෝ නෑ . ඔයාලව එහෙම අමතක වෙනවද 😊 අපි කතා කරමු ඉතින් . නො තියෙනවනෙ 😁

🐰 ඔව් නේද 😁😁........
පොඩ්ඩක් ඔයාගෙ අත දෙනවද.

🌹 ඒ මොකටද  😳

🐰 දෙන්නකො ඉතින් . මන් කන්නෙ නෑ ඔයාගෙ අත.

🌹 ආ එහෙනම් ....... හැබැයි කන්න ඔට්ටු නෑ හොදේ  😂😂 කියන්න බෑනෙ අර ස්නැක්ස් කන විදිහට මගෙ ඇගිලි ටිකත් කෑවොත් එහෙම  😊

මන් එහෙම කියලා ජන්කුක්ට මගෙ දකුණු අත දික් කලා. එයා එයාගෙ අතේ තිබ්බ බ්‍රේස්ලට් එකක් ගලෝලා මගෙ අතට දැම්මා. ඒක හරිම සිම්පල් බ්‍රේස්ලට් එකක් . ඒත් ඒ ඇයි . මේ කාලෙටම ජන්කුක් කතා කලේ මායි අනූ අක්කී එක්ක විතරයි .

🐰 ඔයාගෙ ආසම රූම් එක ගත්ත කොල්ලා  මතක් වෙන්න මගෙන් පුංචි තෑග්ගක් . ඕක ගොඩක් වටිනවා හොදේ 😁😁 මේ ජන්කුක්ගෙන් තෑග්ගක් ගන්න කොච්චර කෙල්ලො හීන මවනවද. ඒ අතින් ඔයා ලකී 😁

🌹 පෲෆ්....... 😂😂😂

ජන්කුක් හෙන ගැම්මෙන් මගෙ මූණ දිහා බලන් ඒක කිව්වත් එකපාරටම මගෙ කටින් හිනාවක් එලියට පැන්නා. 😂😂

🌹 ඔයා දන්නවද මෙච්චර කාලෙකට මේ රිතූගෙත් අතින් අල්ලන්න මගෙ අයියලටයි යාලුවන්ටයි ඇරෙන්න  කාටවත් බැරි උනා  😊 ඒ අතින් ඉතින් ඔයාත් මාර ලකී 😁 ගුටි නොකා මගෙ අත අල්ලපු එකට

මටත් ඉතින් සකන්ඩ් වෙන්න බැරි නිසා හෙන ගැම්මෙන් එහෙම කියලා දැම්ම 😊 එහෙම කිව්වම අපි දෙන්නටම හිනා ගියා  😂

දහය විතර වෙනකම් පිස්සු නටලා කට්ටිය රූම් වලට ආවා. හැබැයි හය දෙනෙක් නම් ආවෙ කට්ටියගෙ කර පිටින් . රිශීත් වැනියම් කලු වැනීයාම් කිය කිය  රූම් එකට ගියා 😂

රූම් එකට ඇවිත් වොශ් එකක් දාගෙන ඇදට වැටුනෙ හෙට උදේට ගෙදර යන්න ඕනි නේද කියලා හිතන ගමන් . නින්ද මගෙ අහලකටවත් ආවෙ නැති නිසා ඔහේ සිවිලිම දිහා බලන් ඉදියා . එහෙම ඉද්දි එකපාරටම මගෙ අත ගියෙ ජන්කුක් දාපු බ්‍රේස්ලට් එකට. ඒක දිහා බලන් ඉද්දි කීයට නින්ද ගියාද කියල මන් වත් දන්නෙ නෑ .

උදේම නැගිටලා පහලට ආවෙ අන්තිම වතාවට ඔප්පලා එක්ක කෑම කන්න . මන් පහලට එනකොට අනූ අක්කි බැන බැන අඛිලට දෙහි පොවනවා 😂 මන් වගේම තමා එයාටත් දෙහි අරහං  🤭 අනිත් පස් දෙනාටත් ඔලු කෙලින් තියන් ඉන්න අමාරුයි .

බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සේ අපි ඔප්පලටත් සමු දීලා  හොටෙල් එකෙන් පිටත් වෙලා පැය දෙකකින් විතර ගෙවල් වලට ආවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Time past .......

හොටෙල් එකෙන් ආවට පස්සෙත් අපි ඔප්පලා එක්ක කනෙක්ෂන් තියා ගත්තා . අපි එන්න කලින් ෆෝන් නම්බර්ස් මාරු කර ගත්ත නිසා අපි කතා කලා.

ගෙදර ආවත් හරි මට ගෙදරින් එලියට වත් යන්න පොඩි අයියා අවසර දුන්නෙ නෑ . ඒ නිසා දවස් දෙකක් විතර රිශී අපේ ගෙදර ආවා. පොඩි අයියා ආයිමත් ගොඩක්  බිසී උනා
ඒ අතරෙ  හොරෙන්ම මායි රිශී ශේන් බලන්න ගියා. එදා ෆයිට් එකෙන් පස්සේ ශේන් හම්බුනේම නෑ . ෆෝන් එකෙන් කතා කලත් එයා බලන්න බැරි උනා . එයාගෙ කකුලට ටිකක්  ඩැමේජ් වෙලා  😥 හැබැයි දැන් නම් ක්ලචර්ස් වලින් ඇවිදින්න පුලුවන් එයාට.

අපි හොටෙල් එකෙන් ඇවිත් දැන් දවස් හයක් වෙනවා . ඔප්පලා තව දවස් අටකින්  යනවලු. ඔය අතරෙ පොඩි අයියට අහු උනා මායි රිශී හොරෙන් ඇවිදින්න යනවා කියලා . ඒ නිසා රිශී ගෙනල්ලා අපේ ගෙදර නැවැත්තුවා 😁 ඒකට නම් මට මාර හැපි  😊 ඒත් දැන්  අපි දෙන්නම දැන් නිවාස අඩස්සියේ  🤦😥

එක දවසක් ටේ ඔප්පගෙන් හදිස්සියෙම මට කෝල් එකක් ආවා. හෙට හවස එයාල ආපහු යනවා කියලා . ඒක ඇහුවම නම් පොඩි දුකක් දැනුනා. එයාල  හදිස්සියෙම යන නිසා ටේ ඔප්පට  එයාගෙ චූටි පැටියා අරන් යන්න විදිහක් නෑලු . ඒ නිසා එයා ආයි කවදා හරි ඇවිත් අරන් යනකම් මට පැටියා බලා ගන්න පුලුවන්ද ඇහුවා  😂

කොහොමහරි පොඩි අයියගෙන් පර්මිශන් අරන් මායි රිශී එයාපෝට් එකට ආවා ඔප්පලා යන්න කලින් . ටේ ඔප්පගෙ චූටි පැටියත් අරන් ඔප්පලටත් සමු දීලා එන්න හදනකොට ටේ ඔප්පා අඩන්න පටන් ගත්ත  🤦 එයාගෙ පැටියා දාලා යන්නම බෑ කිව්වා. අන්තිමට නම්ජුන් ඔප්පා පොරොන්දු උනා ආයි ඉක්මනට ඇවිත් බලු පැටියා අරන් යන්න යමු කියලා . ඒත් ටේ ඔප්පා නෙවෙයි අඩන එක නතර කලේ 😥😥😥 ඊට පස්සේ යුන්ගි ඔප්පා ටිකක් සැරෙන් කිව්වම නම් මූණත් බෙරි කරන් හොබී ඔප්පගෙ අතේ එල්ලිලා යන්න ගියා.

ඔප්පලා ගිහින් මාස දෙකක් උනත් තාම ටේ ඔප්පා එයාගෙ පැටියා ගෙනියන්න ආවෙ නෑ . හැබැයි එයා දෙතුන් පාරක් කෝල් කරලා විස්තර නම් ඇහුවා .

මේ කාලෙ ඇතුලත ශේන් සනීප උන නිසා පොඩි අයියට හොරෙන් ආයි අපේ වැඩ පටන් ගත්තා 🤗  පොඩි අයියත් ගොඩක් බිසී උන නිසා එච්චර අවුලක් උනේ නෑ . ඒත් දවසක් මගෙ තොල පැලිලා තිබිලා අයියට අහු උනා 😔😔😔

එදා නම් පොඩි අයියගෙ කේන්තියෙ උපරිමේ මම දැක්කා. කවදාවත් මට අත උස්සලා නැති පොඩි අයියා මට කම්මුලට ගැහුව  😭 ඒ විතරක් නෙවෙයි රිශී ශේන් දෙන්නටත් පනිශ් කරලා එයාල  එක්ක කනෙක්ෂන් තියා ගන්නත් තහනම් කලා. 😔😔😔 තාත්ති එක්ක කතා කරලා මාව නැන්දි ලගට යවන්න හැමදේම ලෑස්ති කලා. ඉතින් හෙට මම කොරියා යනවා 😥
.
.
.
.
.
.
.
.
.
.

බ්ලැක් ට්‍රව්සර් එකක් ඇදලා ඒකටම මැච් වෙන සුදූ පාට ක්‍රොප්ටොප් එක ඇදලා බ්ලැක්  ජැකට් එකයි බ්ලැක් හීල්ස් දෙකයි  දාලා  ඉනටත් පහලින් තියෙන කොණ්ඩෙ කඩලා සයිඩ් එකෙන් පොඩි කට්ටක් ගහල සිම්පල් හෙයාස්ටයිල් එකක් එක්ක සන්ග්ලාස් දාලා එක අතකින් ෆෝන් එකයි අනිත් අතින් සූට් කේස් එකයි ඇදගෙන මන් දැන් මේ යන්නෙ සෝල් නැෂනල් එයාපෝට් එකේ  VIP visiting area  එකට.

( සාමාන්‍ය අයට  VIP area එකට එන්න බැරි උනත් රිතූ රිච් ෆැමිලි එකක දුවෙක් හොදේ . අනික බිස්නස් ක්ලාස් ටිකට් නිසා VIP area එකට එයාට යන්න පුලුවන් 😁 )

මන් මෙහෙට ඇවිත් නැන්දිට කෝල් කලාම හදිස්සියෙම සම්චොන්ගෙ ඔම්මා අසනීප උන නිසා එයාල බූසාන් ආව කිව්වා. ඒත් මාව ගන්න ඕනි නිසා ජුන් කී ඔප්පා ආයිමත් සෝල් එවලා. ඒත් ඔප්පා එන්න තව පැය එකහමාරක් වත් යනවලු. එතකම් මට මේ එයාපෝට් එකේ කාත් කව්රුත් නැතුව තට්ට තනියම ඉන්න වෙනවා. 😔😔😔

එහෙම හිත හිත ඉස්සරහට යද්දි මට ආයි ජුන් කී ඔප්පගෙන් කෝල් එකක් ආවා. ඒකත් අන්ස්වර් කරන ගමන් මන් ඉස්සරහට යනකොට එකපාරටම තව  කෝල් එකක ආපු කවුද මන්ද මනුස්සයෙක් මගෙ ඇගේ හැප්පුනා. මට නම් දැනුනෙ නිකන් ගල් පර්වතේක හැප්පුනා වගේ ෆීලින්ග් එකක් .  හැප්පුන පාරෙ හොදකම කියන්නෙ අපි දෙන්නගෙම ෆෝන් දෙක බිම.

අපි දෙන්නම සොරි කියන ගමන් ෆෝන් දෙක අහුලන්න බිමට නැමුනා. ෆෝන් එක අහුලනකොට තමා එයා මාව දැක්කෙ. මාව දැක්ක ගමන් එයා මන් දිහා බය වෙලා වගේ බලන් ඉදියා  😳  මාත් එයා දිහා බැලුවත් දැක්කෙ ඇස් දෙක විතරයි . කැප් දාලා මාක්ස් දාලා .......  ඒත් ඒ ඇස් මට දැකලා පුරුදුයි වගේ  🤔🤔🤔 අපි දෙන්නම ටිකක් වෙලා ගල් වෙලා වගේ අපි දිහා බලන් ඉදියා  😁

( Author - යකෝ මේක හින්දි ෆිල්ම් එකක් නෙවෙයි ........ කවුද මගෙ කතාව අස්සට හින්දි ෆිල්ම් කෑලි දැම්ම එකා.... 🤨🤨🤨🤨🤨 තව අඩු  ශාරුක් ඉන්න ෆිල්ම් එකක ස්ලෝමෝෂන් සින්දුවක් විතරයි මෙතනට 😒😒😒 )

            
                           

ඒත් එකපාරටම එයා කලේ මන් හිතපු වත් නැති දෙයක් . ඒත් එක්කම එයාගෙ පිටිපස්සෙන් ආපු තව  කෙනෙක් ඉක්මනට එයාව නැගිට්ටවලා එයාගෙ ෆෝන් එක අහුලලා දුන්නා  😳

ඒ ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ජන්කුක්  😳😳😳 එයා අර කෙනා එන්න කලින් එයා දාන් හිටපු මාක්ස් එක ගැලෙව්වා. මම තාම බිම ඉදගෙන එයා දිහා බලන් ඉන්නවා .මාත් මගෙ ෆෝන් එක අරන් නැගිටලා ආයි ජන්කුක් දිහා බැලුවා . අපි දෙන්ගෙ ඇස් ආයි එකට හමු වෙනවත් එක්කම දෙන්නට දෙන්න මූණු දිහා බලන් ඉදියා .

" සර්....... සර්....... "

🐰 ආහ්.... දේ  දේ.....

" සර්ට ප්‍රශ්නයක් නෑ නේද . ඇයි සර් මාක්ස් එක ගැලෙව්වෙ . ඉක්මනට දා ගන්න කවුරුහරි දකී සර්.. "

🐰 ආ...... දේ... දේ....

        
                අපි දෙන්නගෙම අයි කන්ටැක් එකට බාදා කරමින් අර ආපු කෙනා ජන්කුක් එක්ක කතා කලා . ඒත් ජන්කුක්ට නම් අර කෙනා කියපු කිසිම දෙයක් ගැන සිහියක් නෑ වගේ . එයා තාමත් මගෙ දිහා බලන් ඉන්නවා. 😊

ඒ මදිවට අර.ආපු කෙනා අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බලනවා. බැරිම තැන මන් ජන්කුක්ට කතා කලා.

🌹 ජන්කුක් ....... හේයි......

🐰 ආහ්.... ඔ ඔ ඔයා මෙහෙ මොකද කරන්නෙ ......

🌹 හොල්මන් දැකලා වගේ මොකද අනේ . ඇයි මට මෙහෙ එන්න හොද නැද්ද  ආ.......🤨

🐰 ආ... නෑ නෑ  එහෙම නෙවෙයි ඉතින් . කලින් කිව්වෙ වත් නෑනෙ මෙහෙ එනවා කියලා . ඒකයි .

🌹 ආ ඔව් .මාත් දැනගත්තෙ ඊයෙ  😁  පොඩි අයියා තමා එව්වෙ .

" සර් මේ මාක්ස් එක දා ගන්නකො. කවුරුහරි දකී  😥"

🐰 අයියෝ හියුන්ග් ඔයාගෙනුත් පුදුම වදයක් අනේ තියෙන්නේ 😒

         ( ඒක  නම් මාත් පිලි ගන්නවා. මේ මනුස්සය මෙච්චර වෙලා හොල්මන් දැක්ක වගේ මන් දිහා බලන් ඉන්නවා. ඒ මදිවට අපිට කතා කරන්න දෙන්නෙත් නෑ මැද්දෙන් පනිනවා 😒 )

🐰 රිතූ යමු අර පැත්තට . හියුන්ග්ලත් ඉන්නවා.

🌹 හ්ම්ම්ම්ම් ........ හරි එහෙනම් යමු .

           මාත් ඉතින් කොහොමත් ජුන් කී ඔප්පා එනක්ම මෙතන ඉන්න එපෑ. ඒ නිසා ජන්කුක් එක්ක අනිත් ඔප්පලා ඉන්න තැනට ගියා. මන් එතනට යනකොට එතන ඔප්පලා විතරක් නෙවෙයි එයාලට ස්ටාෆ් එකේ කියන්න පුලුවන් තව ගෑණු ළමයි තුන් දෙනෙකුයි තව පිරිමි අය තුන් දෙනෙකුයි වාඩි වෙලා ඉදියා . ගාඩ්ලා කියන්න පුලුවන් දහයක් විතර වටේටම හිටගෙන හිටියා.

ජන්කුක් එක්ක මන් එතනට යනකොට කට්ටිය බර කතාවක් . මාව දැක්කා විතරයි ජින් හොබී ඔප්පලා ඇවිත් මාව හග් කලා. ටේ ජිමින් ඔප්පලා ශොක් වෙලා වගේ බලන් ඉන්නවා 😊 නම්ජුන් ඔප්පා යකෙක් දැක්කා වගේ ෆෝන් එකකුත් කනේ තියන් බලන් ඉන්නවා . හැබැයි අර ස්ටාෆ් කියලා හිතන්න පුලුවන් ගෑණු ළමයි තුන් දෙනා නම් 'මේ මොකක්ද මේ ' වගේ බැල්මක් තමා දාන් ඉදියේ  😒

විනාඩියක් විතර මන් දිහා බලන් ඉදලා ටේ ජිමින් ඔප්පලා රිතූ........ ගාගෙන ඇවිත් මාව හග් කලා. දෙන්නම එකපාර හග් කරපු නිසා මගෙ හුස්මත් හිර උනා .

🐼 යාහ්......යාහ්.... ඔය කෙල්ලව අතාරිනවලා. හුස්ම හිර කරලා මරන්නද හදන්නෙ ආ....

🐯 අයියෝ හියුන්ග් බොරුවට කෑ ගහන්නෙ නැතුව ඉන්නකො අනේ . කොච්චර කාලෙකින්ද රිතූ දකින්නෙ.

🐼 අපොයි ඔව් . එතකොට කවුද දන්නෑ අර හැමදාම මහ රෑට වීඩියෝ කෝල් අරන් පැය ගනන් කතා කරන්නෙ.

         ( ඒක කිව්වම නම් අර ගෑණු ළමයි තුන් දෙනයි අනිත් කට්ටියයි ඔක්කොම පිටසක්වලින් ආපු එකෙක් ගානට තමයි මන් දිහා බැලුවේ  😒  ඇස් ජිල්බෝල සයිස් කරන් මන් දිහා බලන් ඉන්නවා  🤦මගෙ මූනෙ පෙරහැරක් වත් යනවද දන්නෑ  )

🐯 අනේ හියුන්ග් ඒ ඉතින් මගෙ චූටි මැණික බලන්නනෙ 😒😒

ආ.... රිතූ ඇයි ඔයා එයාව එක්කන් ආවෙ නැත්තෙ  😥 දැන් එයා කොහෙද  😔

🌹 අනේ ඔප්පා මන් හදිස්සියෙමනෙ ආවෙ .ඒ නිසා මට එයා එක්කන් එන්න බැරි උනා .  මන් අනූ අක්කිට කිව්වා  මන් එනකම් බලා ගන්න කියලා .

🐨 අයියෝ ටේ ආයි පටන් ගත්තද 🤦 ඉතින් කොහොමද රිතූ . ඇයි හදිස්සියෙම ආවා කිව්වෙ .මොකක් හරි ප්‍රශ්නයක්ද.

         එහෙම අහලා ජුන් ඔප්පත් ඇවිත් මට හග් එකක් දුන්නා.

🌹 අනේ නෑ ඔප්පා . මේක මේ  මේ......

🤵 දඩුවමක් නේ 😂 ඇයි ආයි පාරක් ක්ලබ් ගිහින් අහු උනාද . නැත්තං වෙන මොනා හරි ලොකු දෙයක් කලාද මේ පාර  😂😂😂

                 එහෙම ඇහෙනවත් එක්කම මන් පිටි පස්ස බැලුවා . මගෙ පිටිපස්සෙ ඉදන් යුන්ගි ඔප්පයි , වූක් ඔප්පයි,හියුන් සික් ඔප්පයි   හිනා වීගෙන එනවා. ඒත් යුන්ගි ඔප්පා මාක්ස් දාලා නිසා හිනා වෙනවද කියලා පේන්නෙ නෑ . ඒත් මන් දැක්කා එයාගෙ ඇස් හිනා වෙනවා.

🌹 ඔප්පා ......

               මන් එහෙම කියාගෙන ගිහින් වුක් ඔප්පයි , යුන්ගි ඔප්පයි , හියුන් සික් ඔප්පයි හග් කලා. හැබැයි මන් යුන්ගි ඔප්පා හග් කරනකොට නම් අර ගෑණු ළමයි තුන් දෙනාගෙ ඇස් නලලට ගියා 😂 මොකද යුන්ගි ඔප්පත් ආයි මාව හග් කලානෙ. මන් දන්න තරමින් මෙයාලගෙන් මේ වගේ වැඩ වලට කැමතිම නැති කෙනා යුන්ගි ඔප්පා . ඉතින් ඒක ස්ටාෆ් එකත් දන්නවා ඇති .

🤵 මන් කිව්වා හරි නේද . දඩුවමක් නිසානෙ මෙහෙට එව්වෙ  🤨

🌹අනේ නෑ ඔප්පා 😁😁😁  මන් මේ නිකන් නැන්දි එහෙම බලන්න ආවා 😊 කාලෙකින් එන්නත් බැරි උනානෙ.

🐨 ඒක එහෙම නම් ඉතින් හොදයි  😂 හැබැයි  මටත් හිතෙන්නේ ආයි හොද අඩව්වක් අල්ලලා වගේ ☺️☺️☺️ ඒක වෙන්න ඇති ඔයාගෙ ඔප්පා ඔයා මෙහෙට එවන්න ඇත්තෙ 😂😂

          ඒක ඇහුවම නම් අනිත් ඔප්පලත් හිනා වෙනවා. ටිකකින් ඔප්පලගෙ ගාඩ් කෙනෙක් ඇවිත් එයාලගෙ වාහන රෙඩී කියලා කිව්වා  . ඔප්පලා  මටත් එයාල එක්ක යමු කිව්වත් මම බෑ කිව්වෙ තව ටිකකින් කොහොමත් ජුන් කී ඔප්පා එන නිසා .

ඒත් ජින් ඔප්පයි නම්ජුන් ඔප්පයි මාව තනියම තියලා යන්න කැමති උනේ නෑ . ඒ නිසා මටත් එයාලා එක්කම යමු කියලා කිව්වා. එයාලගෙ බල කිරීම නිසාම මම ආයි පාරක් ජුන් කී ඔප්පට කෝල් එකක් ගත්තම ඔප්පා කිව්වා තව විනාඩි 45 කින් එනවා එතකන් චුට්ටක් ඉන්න කියලා . ඒ නිසා ඔප්පලට යන්න කියලා කිව්වත් ස්ටාෆ් කට්ටිය එක්ක ටේමින්කුක් තුන් දෙනයි ජුන් හොබී ඔප්පලයි යවලා  ගාඩ්ලා  දෙන්නෙක් එක්ක ජින් යුන්ගි ඔප්පලා නතර උනා.

කොච්චර එයාලට යන්න කිව්වත් මාව තනියම දාලා යන්න බෑ කියලා ජින් ඔප්පා නතර උනා. අනේ මන්ද මේ ජින් ඔප්පා  😊 ජුන් කී ඔප්පා ආවට පස්සේ එයත් එක්කත් කතා කරලා ඔප්පලා දෙන්න ආයි ගියා. අපි දෙන්නත් කෙලින්ම ආයි සම්චොන්ගෙ බූසාන් මහ ගෙදර ආවා.

සතියක් විතර බූසාන් ඉදලා නැන්දිලා ආයි සෝල් ආවා. සෝල් ආවත් මන් හිටියේ ගොඩක් කම්මැලිකමේ. උදේට සම්චොන් එක්ක ඔප්පා කම්පැනි එකට යනවා. හිරූ ඔන්නි කොලේජ් ගියාම නැන්දිත් එයාගෙ කොෆි ශොප් එකට යනවා . ඉතින් මම දවසම  කම්මැලි කමේ ගෙදෙට්ට වෙලා ඉන්නවා 😒

පස්සේ පස්සේ මාත් නැන්දි එක්ක නැන්දිගෙ කොෆි ශොප් එකට යන්න පුරුදු උනා. මාසයක් ගියත් මේ ජීවිතේට හුරු වෙන්න මට බැරි උනා 😔😔😔 මන් හිටියේ හැමදේම එපා වෙලා . මේ ඒකාකාරී ජීවිතේ හරිම කම්මැලි  😒

නැන්දිට වැඩක් වැටුන නිසා එක දවසක් උදේ වෙනදා වගේම මන්  කොෆි ශොප් එකට ආවා. ටිකක් දවල් වෙනකොට ශොප් එකේ සෙනග අඩු උන නිසා ශොප් එකේ වැඩ කරන තව ගර්ස්ලා දෙන්නෙක් එක්ක මන් පොඩි කයියක් දාගෙන හිටියා.

ටිකකින් ශොප් එකට කස්ටමර්ස්ලා ටිකක්  ආපු නිසා මට ඉන්න කියලා අනිත් ගර්ස්ලා දෙන්න ගියා එයාලගෙ ඕඩර් එක ගන්න. මාත් ඉතින් ශොප් එකේ කවුරුවත් ඉදියේ නැති නිසා ටේබල් එකකට ඔලුව තියන් හිටියා 😒😒 මගෙ ෆෝන් එක රින්ග් උන නිසා කවුද බලන්න ඔලුව උස්සනකොට උසම උස ගෝනි බිල්ලො දෙන්නෙක් වගේ දෙන්නෙක් මන් දිහා බලන් ඉන්නවා  😳

ෆෝන් එකත් කනේ තියන් මන් නැගිටලා යන්න හදනකොට එතන ඉදිය එක ගෝනිබිල්ලෙක් මගෙ අතින් අල්ලලා නතර කලා. අල්ලපු එකා මොකා උනත් දෙකක් දෙන්න කියලා අනිත් පැත්ත හැරෙනකොටම ශොප් එකේ දොර පැත්තෙන් මිනි කිංකිනි නාදෙකින් මාව ඇමතුවා. ඒත් මෙහෙ කවුද මට කතා කරන්න ඉන්නෙ . ඒත් ඒක හොදට හුරු කටහඩක් .

❓ යාහ්හ්හ්හ් ෆෝන් එක අන්ස්වර් කලා.නම් කතා කරනවකො වදේ ...... මොන මගුලක්ද ඕක අතේ තියන් කරන්නෙ.

       ඒක ඇහුවම නම් මගෙ අත අල්ලගෙන ඉදපු කෙනාටත් හිනා ගියා . ශොප් එකේ අනිත් ගර්ස්ලා දෙන්නා බය වෙලා බලන් ඉන්නවා . මන් දොර පැත්ත.බලනකොට මන් ලග ඉන්නවා වගේම තව  ගෝනිබිල්ලො තුන් දෙනෙක්  මන් දිහා බලන් ඉන්නවා  😳

❓ කන්න වගේ බලන් ඉන්න එපා හලෝ මේ අපි  😂😂😂😂 එහෙම කියලා ඒ තුන් දෙනා බඩ අල්ලගෙන හිනා වෙනවා. මගෙ ලග ඉදපු දෙන්නත් මගෙ අත ඇතෑරලා මේසෙටත් ගගහා හිනා වෙනවා .

             මේ මොන විකාරයක්ද මේ වෙන්නෙ. කවුද මේ අය. එක එක ප්‍රශ්න මගෙ ඔලුවට එනකොට එලියෙ ඉදලා තව දෙන්නෙක් ඇතුලට ආවා. මොකක් එතකොට ඔක්කොම හතයි . ඒ කියන්නෙ 😳

🌹 යාහ්හ්හ්හ් ඔප්පා ..........

🐨 අම්මෝ ඇති යානතම් අදුන ගත්තා  😂

🌹 මොකක්ද අනේ කරන්නෙ . මන් හොදටම බය උනා  😒 කොහොමද දන්නෙ මම මෙහෙ කියලා  😁

❓🐣 යාහ්හ්හ්හ් දැන් වත් ඔය ෆෝන් එක කට් කරනවා.....  මන් හිතුවෙ අපේ බයෝඩේට එකක් මෙයාට පෙන්නන්න වෙයි කියලා අදුනගන්න  😂😂😂😂

🐼 අයියෝ රිතූ මොකද මේ බය වෙලා 😂 මායි ජුනී දෙන්න  බොන්න මොනා හරි ගන්න ආව වෙලේ ඔයාව දැක්ක . ඉතින් අනිත් අයත් වහනේ ඉදපු නිසා එන්න කිව්වා. ☺️☺️☺️☺️☺️

          ශොප් එකේ ගර්ස්ලා දෙන්න ශොක් වෙලා . ඇයි ඉතින් අයිඩල්ලා ටිකක් ඇවිත් මෙහෙම කතා කරනකොට . පැය බාගයක් විතර කතා කර කර ඉදලා ඔප්පලා වැඩක් තියෙනවා කියලා ගියා. ඒත් ඉතින් එයාලා ගිය වෙලේ ඉදලා මට නම් කනක් ඇහෙන්න තිබ්බෙ නෑ . අර ගෑණු ළමයි දෙන්න පිස්සුවෙන් වගේ කියවනවා 😂

තවත් සතියක් විතර සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා  😒 ඊට පස්සේ නම් මම පොඩි අයියට කෝල් කරලා කිව්වා එක්කො මාව ගෙන්න ගන්න නැත්තං මන් ආයි ඇමරිකා යනවා කියලා . ඇමරිකා ගියොත් ආයි මම පරන පුරුදු ජීවිතේට යනවා කියලා දන්න නිසා පොඩි අයියා කිව්වා මට මෙහෙ මගෙ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න කියලා . මොකද මේ වෙනකොට ශේන් ඇමරිකා යවලා එයාගෙ ගෙදරින්  😁  පොඩි අයියා ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න කිව්වත් ඉතින් මට  තනියම යුනි යන්න බැරි නිසා නහයෙන් අඩලා අඩලා රිශී ගෙන්න ගන්න කැමති කරවා ගන්න පුලුවන් උනා  😊

තව දවස් තුනකින් රිශී එනවා කොරියා . මට ගොඩක් සතුටුයි 😍😍😍  සතුට වැඩී කමට මම ශොප් එකේ ඉදපු ගර්ල් කෙනෙක් අල්ලගෙන නැටුවා 😂  වෙලාවට මේ වෙලාවට කොෆි එකට වැඩිය මිනිස්සු එන්නෙ නෑ  😊

ඒත් නටලා නටලා මහන්සි නිසා මම ටේබල් එකකින් ඉද ගත්තා . එතකොට තමා මම දැක්කෙ දොර ලග ඉදන් කන්න වගේ මගෙ දිහා බලන් ඉන්න කෙනා. 🙈














..................................................................

ටේ ඔප්පගෙ වැඩ නිසා පුදුමයි කෙල්ලො දෙන්නා ගුටි නොකා එලියට ආවා. 😂 එයාගෙ මැණික බල්ලෙක් කියලා කවුරුවත් දන්නෙ නෑනෙ  😂

කවුද ශොප් එකට එන්න ඇත්තෙ 🙃

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

1.1M 59.5K 37
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
543K 19.5K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
9.8K 1.9K 25
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2...
5.5K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...