5 පරිච්ඡේදය

1.9K 336 15
                                    

රාත්‍රී හත හමාර වන විට ෂමිත් පැමිණි සුදු පැහැති මෝටර් රථය කිරුළපන ප්‍රධාන පාර අයිනේ ඇති ගොඩනැගිල්ලක් ඉදිරිපිට නැවතිණ.

"Sir, බහින්න."

"Sir?"

"Sir?"

ෂමිත් හැරී බැලුවේ තුන් වන වාරයේ ඇමතීමෙනි. ඔහු සිතුවේ සර් ලෙස අමතන්නේ ඔහුට නොවන බව යි.

"අපි ඇවිත් ඉන්නේ. බහින්න Sir."

"ආහ් හරි. Sorry මන් වෙන සිහියක හිටියේ."

වාහනයේ රියැදුරා දොර හැර බසින ෂමිත් දෙස පුදුමයෙන් බලා සිටියේ ය.

"මන් හිතුවේ මේ කාලේ sorry කියන sir ල නෑ කියලා..."

තමාට ම කියා ගත් ඔහු වාහනය නැවත ප්‍රධාන පාරට දමාගෙන පිටත් විය. ෂමිත් ගොඩනැගිල්ල ඉදිරිපිට නැවතී ඒ දෙස බැලුවේ ය. එය ප්‍රසිද්ධ ඇඳුම් කඩයක් විය. තම ඇඳුම පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වූ ඔහු සිටියේ නිල් පැහැ ඩෙනිමක්, අලු පැහැ අත් දිගු ටී ෂර්ටයක් හා ඔහුගේ දුඹුරු පැහැ සපත්තු දෙක පැළඳගෙන ය. එසේ නම් ඇඳුම් ගැන සැලකිල්ලක් නොදක්වන්න යැයි කීවේ මේ නිසා ද? ඉදිරිපිට හා ඇතුළත සෙනඟ ගැවසුනත් ෂමිත් හඳුනන කිසිවෙකුත් එහි නොසිටියේ ය. ඔහු මදක් ඉවතට ගොස් තම දුරකථනය අතට ගත්තේ විරාජ්ට ඇමතුමක් ගැනීමේ අරමුණෙනි.

"විරාජ්ට කතා කරන්න ඕන්නෑ යං ඇතුළට!"

ෂමිත්ගේ කන අසලින් ඇසුණු කට හඬින් ඔහු තිගැස්සී පිටුපස හැරී බැලුවේ ය. කලු පැහැති, වැලමිට තෙක් අත් නවන ලද ෂර්ටයකින් හා කලු පැහැ කලිසමකින් සැරසී කලු හා අලු පැහැ මිශ්‍ර වූ සපත්තු දෙකක් පැළඳ සිටි රුවක් ෂමිත්ගේ පිටුපස විය. සාක්කුවක රුවාගෙන සිටි ඔහුගේ වමතේ රැදී තිබුණේ ෂමිත්ගේ දෑසට හුරු රිදී පැහැ ඔරලෝසුව යි. ෂමිත්ට අනුව ඔහුගේ අධි පීඩන කලාපය දැනට ම නිර්මාණය වී තිබිණි.

ෂමිත්, යේන් සමග නිහඬව කඩය තුළට ඇතුල් විය. ඔහු යහලුවන් සමග කිහිප වතාවක් මෙහි පැමිණ තිබුණ ද කිසිවක් මිලට ගෙන තිබුණේ නැත. එහි දෙවෙනි මහලට පැමිණි යේන් එහි වෙන් කර තිබූ කොටසකට ගොස් එතැන සිටි අයෙකුගෙන් යමක් ඉල්ලාගෙන පැමිණියේ ය.

The Deathtrap Tempat cerita menjadi hidup. Temukan sekarang