90 පරිච්ඡේදය

1.3K 240 75
                                    


"මොකක්ද ඔය කරන්නේ???"

එම ගොරහැඬි හඬ රාත්‍රී නිහඬතාවයේ ගිලී තිබූ රථ ගාල පුරාවටම දෝංකාර දුන්නේ ය. ෂමිත්ව අත් නොහැරි යේන් එලෙසම සිට කලකිරීම මුසු දිගු සුසුමක් පිට කළේ ය.

"Seriously??"

ඔහු මිමිණුවේ ඔහුට ම කියා ගන්නා ආකාරයට ය.

"ඒ security ඔය torch එක අහකට ගන්නවා!"

එවර යේන්ගේ හඬ අන් සියල්ලම පරයා ඇසෙන්නට ඇත.

"අහකට දානවා?! ඉස්සෙල්ලා වැඩිහිටියෙක්ට කතා- ආ! ආ Sir?! Sir? Sorry, Sorry! මං Sir ව දැක්කේ නෑ! Sorry Sir!"

ෂමිත්ව අත හැරි යේන් ඉනට ද දෑත් තබාගෙන වයසක මුරකරු දෙස දෑස් කුඩා කර බැලුවේ ය.

"ඉන්න Sir මං ඉක්මනට light දාලා එන්නං. තව තියෙන්නේ වාහන දෙකයි තුනයි නිසා මං light නිමුවේ!"

කියමින් ඔහු වෙනතකට යන්නට හැරෙන විට යේන් නැවත කතා කළේ ය.

"දාලා ආයේ එන්න ඕන්නෑ හිටපු තැනටම යන්න!"

ඔහු කීවේ අතින් මුරකරුට යන ලෙස ද සංඥා කරමිනි.

"ඒ වයසක මනුස්සයව මඩවන්නෙපා!"

ෂමිත් කීවේ අඳුරේම නොපෙනී යන මුරකරු දෙස බලාගෙන ය.

"He ruined the moment."

යේන් කීවේ නැවත ෂමිත් වෙතට හැරෙමිනි.

"Ruined කරන්න moment එකක් තිබ්බ ද?"

"මොකද නැත්තේ? I was having fun."

"අම්මගෙ රෙද්ද! මාව හැමවෙලේම joke එකකට ගන්න හදන්න එපා."

"මං දැන් කළේ joke එකක් නෙවෙයි."

"දැං කළේ?"

"Yep. මටත් තියෙනවා desires hold කරගෙන ඉන්න පුලුවන් limit එකක්."

ඔහු පැවසූ දේ සත්‍ය බව, ඔහුගේ ස්වරයෙන්ම ෂමිත් වටහා ගත්තේ ය. එයට ෂමිත්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවූ යේන් ඔහුගේ කලිසම් සාක්කුවෙන් යතුරක් ගනිමින් මෝටර් රථයේ අගුල විවෘත කළේ ය.

"එහෙනං hold කරන් ඉන්නෙපා!"

වාහනයේ ඉදිරි දොර හැරියත් ෂමිත්ගේ වදන් ඇසෙද්දී යේන් එලෙසම නැවතිනි. ඔහු හිස හරවා ෂමිත් දෙස බැලී ය. ඒත් සමග රථ ගාලෙහි ආලෝකය අඩු විදුලි බුබුලු කිහිපයක් ද දැල්විනි. යේන්ට ෂමිත්ව නිසි ලෙස දර්ශනය වූයේ එවිට ය. ඔහුගේ දෑස් එක එල්ලේ යොමු වී තිබුණේ යේන් වෙතට යි. ඔහුගේ මුහුණේ ලැජ්ජාවක්වත්, පැකිලීමක්වත් පෙනෙන්නට නොතිබිණි. එයින් යේන් නැවත වතාවක් පුදුම වූවා කියතොත් නිවැරදි ය.

The Deathtrap حيث تعيش القصص. اكتشف الآن