54 පරිච්ඡේදය

1.7K 287 55
                                    

[Warning: Mature content/ Smut Warning ⚠️🔞🔞]

[ඔයාලා මේ content එකට අකමැති නම්, නැත්තන් ඒක ඔයාලව uncomfortable කරනවා නම් කරුණාකරලා මේ chapter එක skip කරන්න. ඒකෙන් story එකට ලොකු පාඩුවක් වෙන්නෑ. So please if you don't feel like reading this part just skip this. Do not proceed any further!]


"ඒක.... පට්ට ගති!" 

ෂමිත් කීවේ ඔහුගේ අවංක අදහස ය. ඔහුගේ මේ ස්වරූපය යේන්ගේ සිතේ ඒ මොහොතේ ඇති කළ හැඟීම කුමක්දැයි නිශ්චිතව පැවසිය නොහැකි ය. තමන් වාහනය පදවන තාක් වෙර දරා යටපත් කර ගත් හැඟීම් නැවත මතුපිටට ඇදෙන්නාක් මෙන් ඔහුට දැනිණි. පුටුවේ හිඳගෙන සිටි ඔහු එහි ඇන්දට දෑත් තබා හිස ද ඒ මතට බර කරමින් ෂමිත්ගේ හිසේ සිට දෙපතුල දක්වා තම තියුණු එහෙත් සන්සුන් දෙනෙත් යවන්නට විය.

සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් වී ඇති තද කලු පැහැති මෘදු හිසකෙස්; වෙරි මතින් යම් තරමකට කුඩා වී ඇති, එහෙත් ආකර්ෂණීය, ඝනකම ඇසි පිහාටුවලින් යුතු කලු පැහැති දෑස්; තවමත් මත්පැන් සුවඳත්, මොහොතකට පෙර කෑ ලොලි පොප් හේතුවෙන් ස්ට්‍රෝබෙරි සුවඳත් වහනය වූ, අඩක් විවරව පවතින දෙතොල්.

යේන්ගේ දෑස් අහේතුකව නැවතුනේ ඒ මත ය. ලා දුඹුරු පැහැති උඩු තොලත්, ලා රත් පැහැ වී තිබූ ඔහුගේ යටි තොලත් යේන්ගේ හැඟීම් අවුස්සන්නට තප්පර කිහිපයකින් සමත් විය. යේන් නැවත තම උගුරෙන් පහළට අපහසුවෙන් කෙල ගිල ගත් අයුරු, ඔහුගේ උගුරු ඇටය එහෙ මෙහෙ වන ආකාරයෙන්ම පෙනිනි. ඔහු තමාගේ ඇවිසසුනු හැඟීම් පාලනය කර ගන්නට දැඩි උත්සාහයක නිරත වනවා සේ ය. 

'මෙයාගේ අම්මා අච්චර ලස්සන එක අහන්නත් දෙයක් ඈ?' 

කල්පනාවේ වෙලී සිටි යේන් තමාගෙන්ම අසා ගත්තේ ය. නමුත් ඔහුගේ ධ්‍යානය බිඳුනේ ෂමිත්ගේ සවරයෙනි. 

"You are..... handsome!" 

මෙතක් වේලා යේන් දෙස බලාගෙන කල්පනා කළ ෂමිත් කීවේ ඔහු යේන්ගේ රූපය හඳුන්වන්නට කුමක් හෝ වචනයක් සොයා ගත් අයුරෙනි. තමා තමාගේ හැඟීම් පාලනය කර ගන්නට මෙතරම් උත්සාහයක නිරත වෙද්දී ෂමිත්ගේ මේ වචන තව තවත් ඔහුව ඒ තුළම ගිල් වන්නට වෙර දරයි. ඔහුගේ ඉවසීම මදින් මද ඈත් වන ආකාරය ඔහුට හොඳින්ම දැනිණ. ඔහු නිහඬවම තම සිත තුළ සිතුවිලි යුද්ධයක පැටලී සිටියේ ය. 

The Deathtrap Место, где живут истории. Откройте их для себя